Tuesday, February 3, 2015

නූතන සිංහල නවකතාවට උප සංස්කෘතීන් පසුබිම් කොට ගැනීමේ ප‍්‍රවණතාවය

නූතන සිංහල නවකතාවට පසුබිම සැකසීම
             19 වැනි සියවස වූ කලී සිංහල සාහිත්‍යය වංශයේ නව යුගයක් ලෙස සැලකිය හැකිය. ඉංග‍්‍රීසීන් පැමිණිමෙන් පසු සිංහල සාහිත්‍යය අපරදිග සාහිත්‍යය හා ගැටීමෙන් නියම විකාශනයකට ලක්වන බව මේ අවදියේ දක්නට ලැබේ. මෙයට පෙර පැවති භාරතීය සංස්කෘත හා ද්‍රවිඩ ආභාසයන් ලද සාහිත්‍යයෙන් මිදී සිංහල සාහිත්‍යය නවීන ස්වරූපයකින් හැඩ ගැසෙන්නට වූයේ ඉංග‍්‍රීසි භාෂාවේ මාර්ගයෙන් පැමිණි නොයෙක් බටහිර සාහිත්‍යාංගයන්ගෙන් ආභාසය ලැබීම නිසා බව එදිරිවීර සරත්චන්ද්‍රයන් මත පළ කරයි.
               සංස්කෘත සාහිත්‍යයෙන් හැකි තාක් සාරය උකහාගෙන පසු කාලයේ  පිපාසාවෙන් මෙන් මලානිකව ගිය සිංහල සාහිත්‍යයට බටහිර සාහිත්‍යයෙන් ලැබුණේ විවිධ රසයෙන් යුතු ප‍්‍රණිත ආහාරයකි. මේ මාර්ගයෙන් නව සම්ප‍්‍රදායන්ද, අමුතු සිද්ධාන්තද, වෙනස් ශෛලීන්ද පළමු වරට හැඳිනගත් පසු කාලීන ලාංකේය ලේඛකයන් ද  පැරණි සාහිත්‍යයෙන්   නොලත් විරූ රස වෛචිත‍්‍රයයක් අපරදිග සාහිත්‍යයෙන් ලැබුෙවිය. මෙයින් සිදු වූයේ සිංහල සාහිත්‍යයේ පුනර්ජීවනයකි. අතීත අවදිවල නොතිබුණු සාහිත්‍යාංග සිංහලයට පිවිසුණි. පැරණි කතුවරුන්ගේ දර්ශනයට හසු නොවූ ජීවිතයේ එක්තරා පක්ෂයන් නවින ලේඛකයන්ගේ සැලකිල්ලට භාජනය විය. නොයෙක් රචනා ක‍්‍රම අත්හදා බැලීමට සිංහල භාෂාව අභ්‍යාස භූමියක් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සිංහල සාහිත්‍යය පොදු ජනයාගේ සාහිත්‍යයක් බවට පෙරළිණි. සිංහල නවකතාව බිහිවීමට පදනම සැකසූයේද මෙකල සිදු වූ සාහිත්‍යයේ පමණක් නොව සමස්ත සමාජයේම සිදු වූ විපර්යාසයන්ය. පියදාස සිරිසේන, සයිමන් ද සිල්වා, ඩබ්.ඒ සිල්වා, ආදීන් සිංහල කවකතාවේ වර්ධනයට අවශ්‍ය මූලික පියවර තැබූයේ ප‍්‍රබන්ධ කිහිපයක් රචනා කරමිනි. ඉන් පසු දශක කිහිපයක් ගතවත්ම ‘‘නවකතාව ’’ නමි සාහිත්‍යාංගය එදා මෙදා තුර පොදු පාඨක ජනතාවගේ අවධානය දිනාගත් මාධ්‍යක් බවට පත් විය. විවිධ නිර්මාණකරුවන් අතින් හැඩ වැඩ වී විකාශයට පත් වූ සිංහල නව කතාව නොයෙක් ආකෘතීන් , භාෂා ශෛලීන්, ආඛ්‍යාන රීතීන්, වස්තු විෂයන් හා තේමාවන් ආදී නොයෙකුත් සංකල්පයන්ගෙන් සුමට වෙමින් නව අත්හදා බැලීම්වලට ලක් වෙමින් අද දක්වා විකාශය වෙමින් පවතින්නේය.
                    නවකතාව නම් සාහිත්‍යාංගය පැහැදිලි කිරීමට හා එම පදයට නිර්වචන දීමට මෙතෙක් දරා ඇති ප‍්‍රයත්න සම්පූර්ණයෙන්ම සාර්ථක වී නොමැති බව ඒ ඒ උගතුන් විසින්ම පිළීගෙන ඇත. එසේ වීමට හේතුව මෙම සාහිත්‍යාංගය ඒ තරම්ම විවිධ ලක්ෂණයන්ගෙන් යුක්ත වීමයි. කිසියම් පූර්ව නිශ්චිත රටාවකට රාමුවකට හෝ ආකෘතියකට අනුකූලව කරනු ලැබුවහොත් එම කෘතිය වචනාර්ථය අනුව වුව අනුකරණයක් මිස නවකතාවක් නොවන්නේය. ඒ ඒ රටට ඒ ඒ සාහිත්‍යයට ඒ ඒ ලේඛකයාට ඒ ඒ කෘතියට විශේෂ වන නවතම ලක්ෂණයන්ගෙන් යුක්ත සාහිත්‍යක් ලෙස අධ්‍යතන නවකතාව හැඳින්විය හැකිය.
                  සිංහල නවකතාවේ ඉතිහාසය දෙස බලන විට එය වැඞී වර්ධනය වී ඇත්තේ ප‍්‍රධාන කොටම තේමා ධාරාවන් තුනක් ඔස්සේ බව පෙනී යයි. මේවා ප‍්‍රචාරක, පේ‍්‍රම, හා තාත්වික යනුවෙන් නම් කිරීමට හැකිය. මීට අතිරේකව අත්භූත , ඓතිහාසික, ආදී වශයෙන්ද වර්ග කළ හැකි වෙනත් නවකතා ස්වල්පයක්ද ලියවී ඇත. කාලාන්තරයක් තිස්සේ මෙසේ එකම තේමාවන් යොදා ගනිමින් පැවති සාම්ප‍්‍රදායික සිංහල නවකතාවට අභියෝගයක් වන ආකාරයට නූතන  සිංහල නවකතාව ඉදිරියට එමින් පවතින බවක් පෙනේ. එයට විවිධ න්‍යාය හා සංකල්ප මුසු කොට ප‍්‍රබන්ධ කතාවේ රසාලිප්ත වින්දනය සිංහල පාඨකයාට විඳ ගැනීමට මං විවර කිරීමට නුතන සිංහල නවකතා කරුවන් කිහිප දෙනෙකු උත්සහ කරන බව මෑත කාලීනව බිහි වූ කෘති කිහිපයක් සාක්ෂි දරයි.
උප සංස්කෘතින් භාවිතය  හා නූතන  සිංහල  නව කතාව
                    සිංහල නවකතාව කාලාන්තරයක් තිස්සේ වික‍්‍රමසිංහයන් ආරම්භ කළ යථාර්ථවාදී නවකතාව තුළින් ඔබිබට ගමන් කළේ නැත. එම නිසාම පාඨකයා හෙම්බත් වන තරම් ඒකාකාරි වින්දනයක් ඒවායෙන් ජනිත විය. මෙම කාලය ඇතුළත පාඨකයාට නවතාවයේ රසයක් ලබා දිය හැකි නව්‍යකරණයකට ලක්වූ නවකතා රචනා ක‍්‍රමෙවිදයක් සිංහල නව කතාවට ප‍්‍රවිෂ්ඨ නොවුණි. නමුත් මෑත වර්තමානයේ එම අඩුව පුරවාලමින්, සාහිත්‍යයේ හා කලාවේ විය යුතු අන්දමින්ම නව්‍ය ආකෘති අත්හදා බැලීමත්, තේමාමය ගවේශණාත්මක ක‍්‍රමවේදයන් අනුගමනයෙන් නිර්මාණ කිරීමට උත්සහ කිරීමත්, නූතන සිංහල නවකතාකරුවන්  කිහිපදෙනෙකු අතර දක්නට ලැබේ. මෙම සිංහල නවකතා නොහොත් ප‍්‍රබන්ධ කතා, සමාජයේ පවතින යම් යම් උප සංස්කෘතින් අධ්‍යයනය තුළින් එහි හරයන් හා මානයන්  තම ප‍්‍රබන්ධ නිර්මාණය තුළින් දැකීමට උත්සහ කිරීම ඉන් එක් නූතන ප‍්‍රවණතාවයකි.
                 මනුෂ්‍යාට කුතුහලය වූ කලී පොදු ධර්මතාවයකි. මනුෂ්‍යා තම ජීවිතයේ බොහෝ කාර්යන් සිදු කරනුයේ මෙකී කුතුහලය නැමති සාධකය නිසාය. මෙම කුතුහලය සංස්කෘතිය නැමති ප‍්‍රපංචයේදී වුවද ඉතා පෘථූල සංකීර්ණ ක්ෂේත‍්‍රයක දෝලනය වෙයි. කෙනෙකුගේ සංස්කෘතියට වෙනස් වූ තවත් සංස්කෘතියද පැහැදිලිවම මෙම කුතුහලයට පාදක වෙයි. එය සංස්කෘතික අන්‍යත්වය (ක්‍මකඑමරුක ධඑයැර* ලෙස හඳුනා ගත හැකිය. යමෙකු තම සංස්කෘතිය හා සිරිත් විරිත් සමඟ ස්වාත්මගතව සිටී. එම නිසා  එකී  සංස්කෘතියේ පැනෙන ධර්මතා වැඩි චින්තනයක් නොමෙහෙයවා හුරුවක්, නිසගයක් බවට පත් කරවයි. එහෙත් ඉන් පරිබාහිර සංස්කෘතියක යෙදෙන කාරණා ඉතා සුළු වූ දෙයෙහි පටන් අමුත්තක් ආශ්චර්යක් කැඳවයි. මෙම අමුත්ත නිසාම එයට ලග්න වෙයි. විමසිලිමත් වෙයි. අවධාරණය හා  අවධානය දැඩිව අල්ලා ගනියි. උදාහරණයක් ලෙස විදේශීය ජාතිකයන් ලංකාව පැමිණි පසුව, ඔවුන්ගේ ඇතැම් ලේඛකයන්  තුළින් බිහි වූ මෙරටේ ජන ජීවිතය හා සමාජ ජීවිතය අලලා රචිත කෘතීන් එරටේ පාඨකයන් අතර විශාල ජනප‍්‍රියත්වයක් ලබා ගත්තේ මෙකී සංස්කෘතික අන්‍යතාවය යන සංකල්පය නිසාය. එදා හෙළ දිව නැමති කෘතිය ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්ථනය වූයේ එම හේතුව නිසාය. එසේම අප විසින් විවිධ විදේශීය පරිවර්ථන කියවීමට දැඩි රුචියක් දක්වන්නේ එම සංස්කෘතික අන්‍යත්වය විඳීමට ඇති දැඩි කෘතුහලය හා ආකර්ශනය නිසාය.
               පාඨකයාගේ  මෙම රුචිය හඳුනා ගත් නූතන සිංහල නව කතා රචකයන් කිහිප දෙනෙකු එම රුචියට අනුකූල ලෙස මහා සංස්කෘතියෙන් වෙන් වූ, එහෙත් එයට බද්ධ වූ  චූල සංස්කෘතීන් තුළ සිට සිදු කළ ගවේෂණාත්මක නිර්මාණ කිහිපයක් නිසා උපසංස්කෘතීන් හා සිංහල නවකතා යන ප‍්‍රස්තුතය සාකච්ඡුාවට ලක් විය යුතුමය. පාඨකයාට මහා සංස්කෘතියේ කාරණා නවකතාවලින් පමණක් නොව සියලු කලාවන්ගෙන්ම විඳ පලපුරුදුය. එම නිසා  උපසංස්කෘතියක් තුළ විකාශිත ප‍්‍රබන්ධයක්, පෙර කී කුතුහලය හෙවත් සංස්කෘතික අන්‍යත්වය කෙරෙහි වන දැඩි මානුෂීය නැඹුරුව නිසාම එය විඳීමට, මොහොතකට හෝ එහි ජීවත් වීමට හා එහි සංස්කෘතික කාරණා පිළිබඳව දැනුවත්භාවය ලබා ගැනීමට හැකි නිසාම පාඨකයා මෙකී නව කතා පිළිබඳ උනන්දු වෙයි.
              මෙහිදී උපසංස්කෘතියක් යනු කුමක්ද යන්න සරලව හඳුනා ගැනීම  වටී.  ‘‘උප සංස්කෘතිය යනු පොදු සංස්කෘතිය පිළිගන්නා අතරම එයින් පැහැදිලිව වෙනස් වූ සිරිත් විරිත් හා සම්ප‍්‍රදායන්ගෙන් යුක්ත වූ ජන කණ්ඩායමක හැසිරීම’’, ලෙස නිර්වචනය කළ හැකිය. මිනිසුන් අතර ඇති වන ස්වභාවිකව පැන නගින විවිධත්වයේ ලක්ෂණ, මිනිස් වෙනස්කම් වේග, ස්ත‍්‍රී පුරුෂ වෙනස, මානව විද්‍යාත්මක වෙනස හා ජෛව විවිධාත්මක හැඩ ගැසීම් පරම්පරා සංස්කෘතික කලාප (ආගමික හා ජනවාර්ගික* ලෙස නොයෙක් ආකාරයේ විසමතාවයන් (ෘසෙෙැරුබජැි* රාශියක් මිනිසුන් අතර තිබේ. මෙම වෙනස්කම්වලට අදාළව මිනිසා බෙදා වෙන් කරන සමාජීය විභේදනයන් (ෘසඩසිසදබි* ලෙස හඳුන්වයි. කුලය, පංතිය, ප‍්‍රභූ - නිර්ප‍්‍රභූ, රජ - යටත්වැසි, පාලක- පාලිත ලෙස ඒවා නොයෙක් ආකාර ගනී.
            එවැනි සමාජ බෙදීම් නිසා වෙන් වූ සමාජ ඒකක හා ඒවායේ සංස්කෘතින් ඇසුරින් ලියන ලද නූතන සිංහල නවකතා කවරේදැයි විමසිය හැකිය.

                                                   කුරුලූ හදවත- ලියනගේ අමරකීර්ති







                        ප‍්‍රකාශනය:- ෆාස්ට් පබ්ලීෂියන් (ප‍්‍රයිවට්* ලිමිටඞ්,කොළඹ 10
                        ප‍්‍රථම මුද්‍රණය:- 2013
              ලියනගේ අමරකීර්ති මහතා විසින් රචිත කුරුලූ හදවත නව කතාව තුළින් ප‍්‍රකාශ කිරීමට උත්සහ කොට ඇත්තේ කුඹල් කර්මාන්තයේ යෙදෙන ගමක සහ එහි ජීවත් වූ තරුණයෙකු, එම ගමේ සහ තම පරම්පරාවේ කුඹල් උරුමයට දැක්වූ ප‍්‍රතිචාරය පිළිබඳවය.  නව කතාව ආරම්භ වන්නේ අසූව දශකයේ මුල්භාගයේ  කුරුණෑගල, වැල්ලව, බුදනාපිටියේ කුඹල් ගමක සංදර්භයේය. කුරුලූ හදවත් කතා නායක දිනසිරි කුඹල් කොල්ලෙකි. ඔහු තමන් සිතා සිටි අයුරින්ම රජයේ විභාගය අසමත් වෙයි. අසමත් කොල්ලන්ට සමත්කම් පෙන්වන්නට තිබූ හොඳම අවස්ථාව වන හමුදාවට බැඳීම ඔහුගේත් අදහස වෙයි. හමුදාවට බැඳීම සඳහා ලියුම් කවරයක් හා මුද්දරයක් තැපැල් කන්තෝරුවෙන් මිළ දී ගන්නා දිනසිරිට තැපැල් නෝනාගෙන් ඉතිරි මුදල්  වෙනුවට තැපැල් පතක් ලැබේ. දිනසිරිගේ ඉරණම එම තැපැල් පතයි.
              ඒ පේ‍්‍රම කීර්තිද අල්විස්, ධර්ම ශ‍්‍රී වික‍්‍රම සිංහ, බණ්ඩාර කේ විජේතුංග, කුසුම් පීරිස් ජයන්ත පීරිස් , සුමනා නෙල්ලම්පිටිය, වැනි ජනප‍්‍රිය නිවේදක නිවේදිකාවන් ගුවන අරා සිටි කාලයයි. වළං හදන පහළ  කුලයක කුඹල් දිනසිරිත් අහමිබෙන් අතට ආ පෝස්ට් කාඩි එක මාර්ගයෙන් ප‍්‍රථම වරට එම නිවේදක කටහඬින් තම නම ගුවනේ පාකර ගනී. ඉතා කෙටි කලකින් තැපැල්පත් යැවීම උන්මාදයක් බවට පත් වෙයි. එහෙත් දිනසිරි ගුවන් විදුලියට තැපැල්පත් ලියනුයේ තමන්ගේ සැබෑ නමින් හෝ ගමින් නොවේ. දිනසිරි කුරුලූගංගොඩ නමින් නම වෙනස් කර ලියනා දිනසිරි, වළංගංගොඩ කුරුලූගංගොඩ කරයි. මෙසේ ගුවන් ගත විප්ලව කරුවෙකු වෙමින් තම ගමේ හීන කුල නම වෙනස් කළ ආඩමිබරයෙන් ඔහු පසු වෙයි. මේ අතර වයලීනයක් අතින් ගත් අසල්වැසි උසස් කුල තරුණියක් සමඟ අප‍්‍රකාශිත පෙමක පැටලෙයි. තැපැල්පත් උන්මාදයේ අවසානය දිනසිරිට වාසනාව ගෙනෙයි. දිනසිරි කුරුලූගංගොඩගේ ජනප‍්‍රියතාවය නිසා අලූතින් පටන් ගන්නා මියුරු එෆ් එම් ගුවන් විදුලි නාලිකාවක නිෂ්පාදක කණ්ඩාායමේ සාමාජිකයෙකු ලෙස රැුකියාවක් ලැබේ. එතැන් පටන් ඔහු තම විප්ලවීය ගං කාර්යය දෙගුණ තෙගුණ කරමින් කුරුලූ ගංගොඩ නම් වූ වළංගංගොඩ පිළිබඳ නැති උත්කර්ෂයක් මවමින් අති ජනප‍්‍රිය වැඩසටහන් නිෂ්පාදකයෙක් නිවේදකයෙක් වෙයි. ඉන් පසුව බහු ජාතික සමාගම් හා ගිවිසුම්වලට සම්බන්ධව අතිශය ධනවතෙක් බවට පත්වන දිනසිරි ‘‘කුරුලූ’’ නමින් ප‍්‍රසිද්ධ වෙයි. ඔහු ජනප‍්‍රිය සංස්කෘතියේ ගොදුරකට වඩා වාහකයෙක් බවට පත් වෙයි. එහෙත් ජනප‍්‍රිය සංස්කෘතිය ගමට ගෙන යන ධනේශ්වරයේ මාධ්‍යකරුවන්ටම කුල සන්තම් ඇති ගම් හා කුල බද්ධ ජීවිකා වෘත්තින් අවශ්‍ය බව නව කතාවේ අවසාන භාගය කරා එළඹෙන විට පෙනේ. වළං හදන ආකාරය නැරඹිමට ගමට පාසල් චාරිකා හා වන්දනා නඩ පැමිණෙති. පාවිච්චියට නොගත් සකපෝරු නැවත කැරකෙයි. දිනසිරි හා විවාහ වීමට සූදානම් වෙමින් සිටී කුලවත් පෙමිවතියට එය ‘‘පේ‍්‍රමයේ අත්හදා බැලීමක්’’ වෙයි.
             මෙම නවකතාව පාඨකයා වඩාත් ග‍්‍රහණය කර ගනු ලබන්නේ කුඹල් ගමක කුඹල් සංස්කෘතියේ කාරණා වටහා ගැනීමට ඇති ආශාවද සමඟය. එම කුඹල් කුලයට අයත් ජනතාව මහා සංස්කෘතියෙන් වෙන් කිරීමක් කර ඇති බවට පැහැදිලිවම පෙන්නුම් කරන ඇතැම් සිද්ධි ඇතුළත් කිරීම තුළින් කතුවරයා උප සංස්කෘතියේ ස්වභාවය මැනවින් හඳුනාගෙන ඇති බවට උදාහරණයකි.
‘‘වළං හදනව කියන්නේ මොකටද? පෝච්චි හදනව කියන්ඩ. රතු නැන්දා ආපු දවස්වලම මධුවන්තිට කිවුවා. ඒක ඇත්ත. දිනසිරිත් එකඟයි. වළං හදනව කියන්නෙ වළං හෝදනව වගේ වැඩක් කියල වළං නොහදන මිනිස්සු හිතන්නෙ. අපි හදන වළං හෝදන්නෙ එයාල කියල එයලම දන්නෑ. රතු නැන්දා එහෙමත් කියලා තිබුණා. ඊට පස්සෙ කවුරුත් පුරුදු වුනා ‘‘මල් පෝච්චි’’ හදනව කියන්න. ඒක පුංචි කැරල්ලක් වගේ වැඩක්.’’  
             මේ ආකාරයෙන් ඔවුන් මහා සංස්කෘතියෙන් වෙන් වූ කොටසක් ලෙස දැකීමට සමාජය  උත්සහ කරන බව පෙන්වයි. නමුත් සත්‍යය වශයෙන්ම කුඹල් කුලයේ පුද්ගලයන් එසේ වීමට කැමති නැත. කතුවරයා මෙසේ ගෙන එන්නේ සාම්ප‍්‍රදායික කුල වැඩවසම් සමාජය තව දුරටත් නොපවතින බවට ඉඟි කරන හොඳ උදාහරණයකි.
              එසේම කුරුලූගංගොඩ: සාමූහික මතක පරිච්ෙ‏‏ජ්දය තුළද දිග හැරෙනුයේ ‘‘වළංගංගොඩ’’ කියන නම නිර්මාණය වු ආකාරය විස්තර කරමිනි. සාමාන්‍ය ගැමි පරිසරයක පවතින කුඹල් කුලයේ ගමක නම තුළින්ම එයට  ලැබෙන සමාජ තත්තවය පිළිබඳව හගවයි.
‘‘වළංගංගොඩ කියන නම මේ ගමේ අයම දාපු නමක් වෙන්ඩ බෑ. මොකද ඒ ගමේ පදිංචි වෙලා ඉන්නෙ වළං නෙමේනෙ. මිනිස්සුනෙ. කවුරුහරි ඒ අයව වළං බවට ඌණනය කරන පිරිසක් වෙන්ඩ  ඕනෙ නම දාන්න ඇත්තෙ. රන්දිමාලගෙ ගෙදර අය උනත් එයාලට අවශ්‍ය වෙලාවට මේ ගමට කියන්නෙ ‘‘බඩහැල ගංගොඩ ’’නමුත් දිනසිරිලගෙ ගෙදර අය කියන්නෙ ‘‘ගංගොඩ ’’නැත්තන් ‘‘අපේ ගංගොඩ ’’ ‘‘වළං’’ හැලෙනවා.’’
             බඩහැල කුලය හෙවත් කුඹල් කුලය සමාජයේ ස්ථාපිත වීම කෙරෙහි පුරාණ ඉතිහාස කතා ගෙනහැර දැක්වීමෙන් හා ඒ ආශ‍්‍රිත කර්මාන්තයේ ක‍්‍රියාවලිය ගෙනහැර දැක්වීමෙන් තම ගවේෂණයේ සාර්ථක බව නිර්මාණාත්මකව පෙන්වීමට කතුවරයාට හැකිව ඇත. එමගින් පාඨකයාට කතාවේ පවතින සමාජ පරිසරය පිළිබඳ වඩාත් පැහැදිලි පසුබිම් කථනයක්  ලබා දීමට උත්සහ කොට ඇත. එය සියලූ දෙනාම නොදන්නා උප සංස්කෘතියක් තුළ විකාශිත කතාවකට අත්‍යවශයෙන් උවමනා වූවකි. මුත්තු අත්තා නම් චරිතය තුළින් තම පරම්පරාවේ ආරම්භය පිළිබඳව කතාන්තරය පාඨකයාට ගෙන එයි.
            ‘‘ංඈ බොල ඔය රේඩියෝ එකට බඩහැල ගංගොඩ කියලා කියන්න ලැජ්ජයි තොට එහෙනං? බොල මහෞෂධ පණ්ඩිතයොත් අපේ ජාතියෙ. එතුමන්ගෙන් තමයි මේ   කර්මාන්තෙ පටන් ගත්තෙ. තොට ලැජ්ජ උනාට බොල අපේ ජාතියෙ සමහර එවුන්ගෙ නම් මොනවද? කළුබඩහැලයලාගේ, අර්සබඩහැලයලාගේ. ඔන්න නං. නමෙන්ම කෙළින්ම කිවුවා මිසක් හැංගිලි නෑ.’’
              ‘‘ අපි හොඳ බඩහැල මිනිස්සු. ඝටීකාර බ‍්‍රාහ්මණයගෙං තමයි අපි පැවත එන්නෙ’’
            මුත්තු අත්තා නම් චරිතය තුළින් කතුවරයා අතීත සහ අනාගත පරම්පරාවන්හි තත්තවයන් සංසන්දනාත්මකව විග‍්‍රහ කරයි.
             කුඹල් කර්මාන්තයේ යෙදීමේදී එහි කාර්යයන් විස්තරාත්මකව දැකිවීමටද කතුවරයා අමතක කොට නැත.මුත්තු අත්තා දිනසිරි සමඟ වළං මඩුවේ සිට කරන කතා බහ සමඟ එය නිරූපණය කොට ඇත. එහි යොදා ගන්නා භාෂාව කුඹල් සංස්කෘතියේ කාර්යන් සඳහා යොදාගන්නා ආෙවිණික වදන් තුළින් සමන්විත කිරීම තුළ පාඨකයාට එම සමාජය තුළට පිවිසීමට මං සලසා ඇත.
‘‘ඔන්න බලපිය දැනටමත් අහු වෙන ගල් කැට. මෙව්ව ගියා නම් අප්පල්ලඔල හිල්. කුඩා ගල් කැට පවා මුත්තු අත්තා ලියන මැටි පෙති අතුරින් මතු වෙන හැටි පුදුමයි.
‘‘නිකං උණ පතුර මැටි ගොඬේ ඇන්නට වැඩක් නෑ. මැටි ලියනව කියන්නේ මොකක්ද කියල දැනගෙන කරන්ඩෝනැ. අකුරු ලියල වැරදුනොත් මකන්න පුළුහං. මැටි ලියල වැරදුණොත් වළං හිල්  වෙන්නෙ පුච්චන කොට.’’
             එසේම ඔවුන්ගේ කුලයේ පැරැුන්නන් කී කවි පවා මුත්තු අත්තා ලවා කියවන්නේද නවකතාවේ නිර්මාණශීලිත්වය මෙන්ම සාර්ථක ගවේශනයේ  ප‍්‍රතිඵල පෙන්වමිනි.
                     පල්ලව පඩත්තරු පරවරුද                   මුකකරු
                     ඊ ළඟ දුරා පදු කෙවුලන් සහ                   හකුරු
                     ඊනුත් එපිට බෙරවා රදා                      කින්නරු
                     තොපි මිස  තොපේ ලියො අරගන්නේ           කවුරු  
                 අමරකීර්ති මහතා කුඹල් කර්මාන්තය සඳහා කුරුලූ ගංගොඩ කුඹල් ජනතාව මැටි එකතු කර ගන්නා ආකාරය පැහැදිලි කරන බෝල බෝල මැටි පරිච්ෙ‏ඡු්‏දය කියවන පාඨකයා සැබැවින්ම කුඹල් ගමක ජිවිකාව පිළිබඳ සිතුවම් පටක් මවා ගනී.
 ’‘ මාළු අල්ලනවට අමතරව ජේන් ඇගිනස් නිරංජලා වගේ ගෑනු උදවිය පෑදිලා තියෙන වැව් තාවුල්ලෙන් මැටි කපා ගන්නවා. වැව හිඳෙන කාලෙට මැටි බෝල අත් ට‍්‍රැක්ටර් හත අටක් හැම ගෙදරකටම ගෙන්න ගන්නවා. කුරුලූ ගංගොඩ කවුරුත්. කාලයක් රොන් මඩ එකතු වෙලා හදන වැවේ මැට්ට වෙන කොහෙවත් හොයන්න නැති මැට්ටක්. තෙප්පින්න (මැටි බිඳ ගැනීමට භාවිත කරන ලී උල* ගහල ඇල්ලූවම මී කිරි වගේ කැඩිල එන මැට්ටක්. හීනි වැලි පොඞ්ඩක් කවලම් කරල ගත්තම පුදුම කීකරුවක් තියෙන්නෙ ඒ මැට්ට. සක පොරුවෙ තියල ඇඟිල්ල තිබ්බම  ඕනෙ හැඬේකට නැමෙනවා බොරු ලැජ්ජාව නැති මනමාලියක් වගේ’’
              තවද කෝකිලයන්ගේ කෝකිල නාදේ පරිච්ජේදයේ ද දක්වන සිංහල අවුරුද්දට කුඹල් ගමේ ලක ලැස්තිය පිළිබඳවද මෙයට උදාහරණයකි.
‘‘මෙවුවා දඩි බිඩියෙ ඉදි කරලා බෑ. බස්නායක වත්තට. පෝරුව උඩ කටේ ගහල (වළං ඉඳි කිරීමට සකපෝරුව මත කුළුණක් සේ මැටි තැබීම* එතන පුටුවෙ ඉඳ ගත්තු ජේන් ජය සේනට කිවුවෙ ඊයේ ඉඳි කරපු වලන් තලන ඔහු ඊ ළඟට ඉදි කිරීම භාරගෙන සිටින නිසා.’’      
              කුරුලූ හදවත් කතුවරයා සමාජයේ කුල වැඩවසම් ක‍්‍රමය කෙතරම් ක‍්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව හා කුඹල් කුලයට එමගින්  තත් ගමේ තිබූ ස්ථානය පිළිබඳව පාඨකයාට හඳුන්වා දිමට නවකථාව තුළ සිතියමක් භාවිත කරයි.
             සිතියම වචන ගණනාවකින් කීමට නොහැකි බොහෝ දෑ කියා පායි.  කුරුලූ ගංගොඩ ආධ්‍යාත්මික, සමාජීය හා වෘත්තීමය වශයෙන් පමණක් නොව භූගෝලීය වශයෙන් පවා සෙසු ගම්වලින් වෙන්වී ඇති බවටත්, වෙනත් කුලයන්ට අයත් වු උප කුලයන්ද එකී ගම වටා  ජීවත්වන බවටත්, එහි සුන්දර ගැමි පරිසරයත් විස්තර කරමින් මෙතෙක් කතුවරයා වචන මාධුර්යයෙන් මැවූ සිත්තම රූපමය දෘෂ්ටියකින්ද පාඨකයාට පෙන්වා එය ඔහුගේ නිර්මාණශීලි උපක‍්‍රමයක් වන්නාක් මෙන්ම නූතන නවකතාව තුළ කතුවරයාගේ චින්තනය නිදහස්වාදී එළඹුමකින් මෙහෙයවීමේ හැකියාව පෙන්වයි. සාම්ප‍්‍රදායික නව කතා තුළ එවැනි අංග භාවිත කිරීම විරලය. මෙකී අංග නිසාම පාඨකයා නවකතාව තුළින් දකින සහ විඳින කාල්පනික යථාර්ථය තවදුරටත් සුනදර වෙයි. පෘථූල වෙයි. මෙවැනි බොහෝ අවස්ථා කුරුලූ හදවතේ විරල නොවේ.
              කුරුලූ හදවත නවකතාව තුළ විවරණය කරන කුඹල් ගමේ උප සංස්කෘතිකමය කාරණා තුළින් කතුවරයා උත්සහ කොට ඇත්තේ ලංකාවේ වර්තමානයේ වුවද සම්පූර්ණයෙන් ඉවත් නොවූ කුල භේදය නම් ගැටළුව පිළිබඳ සියුම් ලෙස විනිවිද යාමටයි. ඉන් මතු කරන සංවේදනා මගින් පාඨකයා මෙවැනි ගැටළු දෙසට විවෘත්ත කරනුයේ සහෘදයෙකු ලෙස   සානුකම්පිත කරවමිනිග එම නිසා කෘතියේ සමස්තය එක් අතකින් උපසංස්කෘතියක් තුළින් මහා සංස්කෘතිය කියවීමට දොරටුවක්  විවර කරයි.



                                  ලොවීනා - මොහාන් රාජ් මඩවල



                                     ප‍්‍රකාශනය: බිසෝ ප‍්‍රකාශන, නුගේගොඩ
                                      ප‍්‍රථම මුද්‍රණය 2013- සැප්තැම්බර්
                    මොහාන් රාජ් මඩවල විසින් රචනා කරන ලද ලොවීනා නම් නවකතාව වූ කලී ප‍්‍රස්තුත මාතෘකාව වන නූතන සිංහල නවකතාව තුළ උප සංස්කෘති භාවිතයෙන් සිදු කරනු ලැබූ විශිෂ්ට නිර්මාණයක් ලෙස උදාහරණයට ගත හැකි කෘතියකි. ලොවීනා නවකතාවේ පොතේ පිටකවරයම යම් කිසි නුහුරු සංස්කෘතියක සංදර්භයක් ඒත්තු ගන්වන්නට සලස්වයි. එහි ඉහළින්ම ලියා ඇත්තේ .්‍යසාාැබ ‘‘ඛදඩැ ීඑදරහ ්එ ඵදමබඑ ඛ්ඩසබසහ්’’ යන්නය. එය ගාබ්‍්‍රයෙල් ගාර්සියා මාකේෂ්ගේ ‘‘ ඔයැ කදඩැ ීඑදරහ දෙ ජයදකැර් ඔසපැ ’’ නවකතාවය. නමුත් නවකතාව විකාශනය හා අන්තර්ඝතය ආදී කරුණු වලින් ඒවා සමාන නොවේ.
                    ‘‘ලොවීනා’’ නමින් කෘතිය නම් කොට තිබුණද මෙහි ප‍්‍රධාන චරිතය වන්නේ ‘‘පුන්නා’’ හෙවත් ‘‘පුන්නීය’’ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ අන්තඃපුර බිසවක ලෙස ලෙස රජවාසලට රැුගෙන යන ඇය අභිරහස් ගැබ් ගැනීමක් නිසා රොඞී රැුහැට පන්නා දමනු ලබයි. ඉන්පසු ඇය රොඞී සමාජය තුළ ජීවත්වන අතර දශක කිහිපයක් පුරා දිව යන මෙම කතාවේ පුන්නා ඇගේ ජීවිතයේ මහලූ වියේ පසු වෙමින් සිටියදි ‘‘පිංචි’’ නම් ඇගේ තුන්වන පරම්පරාවේ මිණිබිරිය ඇය සමඟ ජිවත්වීමට පැමිණි තැනට පසුබිම සැලසීමේ සිට කතාව දිග හැරෙයි. ඇයගේ තරුණ කාලය ගෙවී ගිය ආකාරයත් රජවාසලට ඇය රැුගෙන ගිය පසු ජීවිතයත් දස්කොන් අදිකාරම සහ ප‍්‍රමිලා බිසවගේ කතාවත් මෙයට ඈදා ඇත. ඇය අත්භූත දුම් ඇල්ලීමකට හුරුවන අතර දස්කොන් අදිකාරම සමඟ මනෝමය සහවාසයෙන් ගැබ් ගත් බවට ඇය විශ්වාස කිරීමත් නිසා ඇයට රොඞී රැුහැට පිටමංවීමට සිදු වේ. එහිදී බයියා නම් මහලූ මිනිසා සමඟ ජීවත්වන ඇයට තවත් දරු මුනුබුරන් ලැබී ජීවිතය ගෙවේ. පිංචි නම් ඇගේ මිණිබිරියට අපොන්සුවා නම් ලන්දේසි ජාතික සෙබලා සමඟ සම්බන්ධ වීමටද ඇය උදවු කරන්නීය. එම නිසා පිංචි බිහි කරන දියණිය ලොවීනා නම් වන අතර මෙම ලන්දේසි සෙබලාගේ සබඳතාවය නිසාම ඔවුන්ට උඩරට සිට මුහුදු බඩ ප‍්‍රදේශවලට පලා ඒමට සිදු වේ. මෙම කාලය ඉංග‍්‍රීසින් යටතට පාලනය පත් අවධිය වන අතර ආණ්ඩුකාරයාගේ බංගලාවේදී රොඞී නැටුමක් නැටීමට රොඞී රැුහේ තරුණ තරුණියන් කිහිප දෙනෙකුට සිදු වේ. මෙහිදී ආණ්ඩුකාරවරයාගේ සිත ලොවීනා නම් තරුණිය කෙරෙහි ආශක්ත වන ආකාරයත් එම නිසාම රොඞී ජනතාව යම් යම් වරප‍්‍රසාදයන්ද ලබන බවත් කතාව තුළ නිරූපණය වෙයි.
            මෙම කතාව තුළින් උපසංස්කෘතික අංග ලක්ෂණ මැනවින් දැක්වෙන බවට උදාහරණ රාශීයකි. රොඞී කුලයේ තිබෙන්නා වූ විශේෂ වත් පිළිවෙත්, ඇදහිලි ක‍්‍රම, චාරිත‍්‍ර ආදී දේ පිළිබඳව කතුවරයා යම් ගවේෂණයක් කර ඇති බව ලොවීනා කෘතිය පුරාම දිස් වේ. විශේෂයෙන් ඔවුන් භාවිතා කරන ආම්පන්නවලට යොදා ඇති විශේෂිත වදන් පිළිබඳව කතුවරයා මුළු නවකතාව පුරාම සැලකිළිමත් වී ඇත. රැුහේ නායකයා වන හුලවාලියා විසින් තම පරම්පරාවට ගෙන යනු ලබන විවිධ යන්ත‍්‍ර මන්ත‍්‍ර වත් පිළිවෙත්, රෝග සුව කිරීම, අවමංගල චාරිත‍්‍ර ආදිය දීර්ඝව සවිස්තර කොට ඇත. ඒ සඳහා ඔහු සෑහෙන කාලයක් ගවේෂණ කාර්යයයේ වෙහෙස වී ඇති බව පැහැදිලිය.
             ග‍්‍රන්ථය ආරම්භයේ පිංචි විසින් දකින ඇගේ අත්තම්මා පිළිබඳ විස්තරයෙන් රොඞී කාන්තාවකගේ ඇඳුම් පැළඳුම් ගැන මනා සිතුවමක් ඇඳේ.
            ‘‘මැදගිල්ලේ පළඳා තිබූ ලොකු පිත්තල මුදු ඇගේ සිත් ගත්තේය.ඇගේ ගෙල සැරසී තිබුණේ එකිනෙක පබළු ඇට සිනිඳු හුයකින් ඇමුණූ මාලයකිනි. එය ඇගේ රැුහේ අනෙක් සියලූම ගැහැණු හැමදා හැම විට සිටී පරිද්දෙන් නිරුවත් උඩු කයෙහි රතු පැහැ තන පුඩු සහිත වැහැරුණු පියයුරු අතරිනුත් පහළට විහිදී ඇගේ නාභිය තෙක්ම එල්ලී තිබුණි.
              ඇගේ රැුහේ සයලූ ගැහැනුන් අතරින් නිරුවත් උඩු කයෙහි තන පුඩු විවිධ පැහැයෙන් පාට කරන්නට මුලින්ම පටන් ගත්තේ ඈය.උත්සව දවසක කහ රතු නිල් කොළ පැහැයෙන් ගැහැණු තන පඩු රැුහේ සාමාන්‍යය දසුනක් විය’’
             එසේම පුන්නි රැුහැට පැමිණි දා බයියාට විවාහ කර දීමේ මඟුල් චාරිත‍්‍රද බයියා මිය ගිය අවස්ථාවේදී සිදු කරනු ලබන අවමඟුල් චාරිත‍්‍ර පිළිබඳව විස්තර කිරීමෙන් රොඞී අවමඟුල් චාරිත‍්‍ර කතුවරයා විස්තර කරයි.
           ‘‘හුලවාලියා විසින් ඔහුට පුන්නී හඳුන්වා දීමෙන් ඉක්බිතිව  ඔහු අලූත් බුලත්විටක් කෙටුවේය. පසුව එය තම මුවේ දෙතුන්විටක් හපා පුන්නීගේ මුවට තබා එය ඇගේ මුවට ඇතුල් කළේය. එය පුරාණ චාරිත‍්‍රයකි. එයින් පුන්නී කුප්පායමට පිළීගත් බවත් ඇය ඇඹේණිය ලෙස භාර ගත් බවත් සහතික කෙරිණි.’’
            ‘‘පසුව ඈ පුන්නී සමඟ එක්ව සිය අප්පුච්චිගේ මළ සිරුර චාරිත‍්‍රානුකූලව වතුරෙන් සෝදා හිස පීරා සකස් කළාය. ඊ ළඟට මළමිනිය මුවෙහි බුලත් කොලයක දැවටූ හාල් ඇට කිහිපයක් තැබුවාය. අවසානයේදී සුදු රෙදි කඩකින් මළ මිනිය ආවරණය කළාය.‘‘
රොඞී මිනිසුන් හිඟමන් ඉල්ලා ඇවිදීමේදී අනුගමනය කරන කරුණු පිළිබඳවද පාඨකයා මෙහිදී අවබෝධ කර ගනී
          ‘‘ හිඟමන් ඉල්ලා කුලවත් ඇත්තෙකුගේ ගෙදරට යන විට ගෙදර ඉදිරිපසින් හෝ ගෙයි මිදුලෙහි අමදින ලද පෙදෙසින් අඩිය නොතැබිය යුතු බව ඔහු ඇයට කියා දුන්නේය. රජුට අයත් නින්දගමක් හරහා කිසිසේත් ගමන් නොකළ යුතු බව කියා දුන්නේය.කුලවතුන් එගොඩ මෙගොඩ යන ගඟක තොටුපලකින් එතෙර වන්නට හිනෙකින්වත් හිතන්නට එපා යැයි කියා දුන්නේය.පමණකුදු නොව උසස්් කුල ඇත්තෙකු ඉදිරියේ දණින් වැටී ආචාර කිරීම  පමණක් නොව තමාගේ ඉදිරියට එවැන්නෙකු මුණ ගැහුනොත් ඔවුන්ට යෑමට මඟඉඩහැර යටහත් පහත්ව පසෙකට වන හැටිද ඇයට කියා දුන්නේය.’’
         මොහාන් රාජ් විසින් භාවිත කරන භාෂාව සැබවින්ම රොඞීන්ගේ භාෂාවයි. වදනක් වදනක් පාසා ඔවුනගේ සංස්කෘතියම විදහා දැක්වීමට ඉන් හකි වී ඇත.
‘‘අවසර හාන්දුරුවනේ මේ ගැත්තාට ඔය වී කන්දෙන් වී ඩිංගිත්තක් දෙන්න මනාපනං ඔය ඇත්තො මයිත්රී බුදුන් ගාව බුදු වෙනවා හාන්දුරුවනේ...’’
‘‘අනේ හාන්දුරුවනේ මේ ගැටිස්සී ඊයේ පෙරේදා අපේ රැුහැට එකතු වුනේ....
          ආදී වශයෙන් රොඞීන් කුලීනයන් ඉදිරියේ කතා බහ කරන ආකාරය මැනවින් රචනාවට එක් කොට ඇත.
          ඔවුන් අතර භාවිත වන විවිධ ආම්පන්නවල නම් පිළිබඳවද කතුවඑයා පර්යේශනය කර ඇති බව පෙනේ. දුමන, බුම්මැඩිය, කොළොම්බුව, කුප්පායම, ආදී වචන එයට නිදසුන් කිහිපයකි. එපමණක් නොව නවකතාවේ චරිතවලට යෙදු නම් පවා ඔවුන්ගේම සංස්කෘතියට අනුකූල වූ ඒවාය. පුන්නී, බයියා, පිංචි,  හපූ, සසිරා, උතියා ,පෙමියා ආදී නම් මහා සංස්කෘතියෙන් පරිභාහිර, නිතර අසන්නට නොලැබෙන උප කුලයක නම් බව පැහැදිලිය.එවැනි කරුණු තුළින් පවා රොඞී සංස්කෘතියටම බද්ධ වීම  කතාවේ රසයට වැදගත්ය.
               
                                            සෙංකොට්ටන් - මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල








                                        ප‍්‍රකාශනය:සන්ථව ප‍්‍රකාශන,යක්කල
                                        ප‍්‍රථම මුද්‍රණය 2012
                  නූතන සිංහල නවකතාවන් තුළ වඩාත් කතා බහට ලක් වූ නව කතාවක් ලෙස මහින්ද ප‍්‍රසාද් මස්ඉඔුලගේ ‘‘සෙංකොට්ටං’’ නව කතාව හැඳින්විය හැකිය. එහිද උපසංස්කෘතියක් තුළින් ප‍්‍රබල සමාජ ගැටළුවක් සංවාදයට ලක් කරයි. එහිම උත්තරීතර යැයි කියනු ලබන් මනුෂ්‍යත්වය ද සංවේදී යැයි කියනු ලබන ජීවිතයද ප‍්‍රශ්නාර්ථයට ලක් කරයි. නව කතාකරුවාට ඉන් එහා පුරුෂාර්ථ මතු කළ හැක්කේ කලාතුරකින්ය. නමුත් මස්ඉඹුලගේ නවකතාව තුළ මේ සියල්ල සමඟ මුසු වූ ආකර්ශණීය දෘෂ්ටිවාදයක් ද ගොඩනැගී ඇති බවක් පෙනේ. නවකතාවක දක්නට ලැබෙන විශේෂතා කිහිපයක් වන අව්‍යාජ කතා වස්තුව,  ජීවමාන චරිත නිරූපණය, සූක්ෂම ජීවිතාවබෝධය, සමාජ විශ්ලේෂණය, අපූර්ව සංයමය යන ලක්ෂනයන් සෙංකොට්ටං නවකතාව තුළ මැනවින් ගැබ් වී ඇත.
                  කතුවරයාගේ නිරීක්ෂණයට ලක්වන්නේ මීට දශක පහ හයකට හෝ ඊටත් පෙර ශ‍්‍රී ලංකාවේ පැවති කුල පීඩනයයි. රෙදි සේදීම රාජකාරිය කරගත් රදා කුලයේ ගම්මානයක අනුවේදනීය කතාව කර්තෘ විසින් කදිමට ගළපනු ලැබේ. එදා සහ අද අතර කුලය පිළිබඳ සංකල්පයේ වෙනස් චින්තන ධාරාවන්ද එහිම සමාජ සාධක ද සමඟ මුලින් කී කතාව ගළපන්නට ඔහු උත්සහ කරයි. කුල පීඩනය අදත් මැකී ගොස් නැත. වෙනස ඇත්තේ එය වෙනම අවස්ථාවලදී වෙනස් ආකාරයකින් මතු වීම පමණි. මෙම නවකතාවේ කතාවට පාදක වී ඇත්තේ සත්‍ය වශයෙන්ම ලාංකේය සමාජයේ පැවති කුල ධුරාවලියේ එක් කුලයක් වූ රදා කුලයේ එක් සත්‍ය සිදුවිම් සමූහයකි. කතුවරයාගේ විශේෂත්වය වනුයේ තම වස්තු විෂය සම්බන්ධයෙන් මැනවින් කරුණු හදාරා ඒවා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමයි. එම නිසාම පාඨකයාට තත් සමාජයේ ජීවමාන සිතුවමක් මෙම ප‍්‍රබන්ධය තුළින් මැවීමට කතුවරයා ගත් උත්සහය සාර්ථක වී ඇත. කතාවේ නම තුළම එහි ඇති නුහුරු බව නිසා පාඨකයා මෙම කතාව කියවීමට උත්තේජනය කරයි. ‘‘සෙන්කොට්ටං’’ යනු රජක කුලයේ ජනතාව තුමු සෝදා වෙල්ලාවේ තම්බා පිරිසිදු කොට මැද දෙනු ලබන ඒ ඒ ගණුදෙනුකාර භවතුන්ගේ අපිල්ලීමට භාර ගන්නා  රෙදි වෙන් වෙන්ව හඳුනා ගැනීමට රෙදි මත ලකුණු තැබීමට නිපදවා ගන්නා ද්‍රාවණය සාදා ගන්නා ගෙඩි වර්ගයකි. මෙම වචනය පවා පොදු සමාජයේ බොහෝ දෙනා හඳුනා ගත්තේ මෙම නවකතාව හරහා යැයි කිවහොත් නිවරදිය. එය කතාවේ තේමාව සමඟ බැඳීයන නිර්මාණාත්මක සංකල්පයකි. පාඨකයා අන්‍ය සංස්කෘතියක සමාජිකයෙකු වශයෙන් ප‍්‍රබන්ධයේ පවතින සංස්කෘතිය පිළිබඳ විමසිලිමත් වීමට එකී නම යෙදීමම ප‍්‍රයෝජනවත්ය.
        ‘‘ රෙදි වැඩවලින් ඔහු වැඩි පුරම ඇලූම් කරන්නේ සෙන්කොට්ටං කිරිවලින් රෙදි ලකුණු තැබීමටය. මේ කටයුත්ත බබා හේනයා ඉතා සාර්ථකව කරයි. ඔහු පුංචි කමට ඒ ඒ පවුල්වල රෙදිවලට නව සළකුණු නිර්මාණය කළ අතර ඒවා සමහරක් ඒ නිවෙස් හිමියන්ගේ අවධානයට පාත‍්‍රවිය. ‘‘
                    යනුවෙන් කුවරයා සෙන්කොට්ටං යනු මොනවාදැයි පාඨකයාට හඳුන්වා දෙයි.
                  සෙංකොට්ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ නිශ්චිත බිම් කඩක   නිශ්චිත කාල වකවානුවක න්ශ්චිතව හඳුනා ගත් ජන සමූහයක ඛේදවාචකයයි. සබරගමු පළාතේ රත්නපුර දිසත‍්‍රික්කයේ රිදීවිට නම් වූ ගම හා අවට ඒ පෙදෙස් මීට දශක අටකට පමණ පෙර විසූ සමාජයේ කුල ධූරාවලියේ අවම තැනක ස්ථාන ගත කරනු ලැබූ අවරවරප‍්‍රසාදිත මින්සුන් කොටසකගේ ජීවන සංස්කෘතිය මෙයින් විකාශය කරයි. මෙම නවකතාවේ ඉතා සියුම් ලෙස ද ගැඹුරු ලෙසද නිරූපණය වන චරිත දෙකක් තිබේ. ප‍්‍රධාන චරිතය වන්නේ වීරප්පුලි හේනයාය. දෙවන චරිතය වන්නේ පොඩිනාය. මෙම චරිත දෙක ඔස්සේ සමස්ත සමාජයේ මනුෂ්‍යත්වය සංකීර්ණ ප‍්‍රශ්න කිරීමට ලක් කරයි. වීරප්පුලි හේනයා කුල පීඩනය දරා ගත නොහැකිව ගොරොක් ගසක එල්ලි සිය දිවි නසා ගනී. නමුත් ඔහු ධෛර්යවන්ත මිනිසෙකි. පොඩිනා ආදරය හඹා ගොස් මහා වනාන්තරයක දී කුරිරු ලෙස ඝාතනයට ලක් වේ. ඇයද එඩිතර ගැහැණියකි. පොඩිනා ගැහැණියක වන්නේද මවක වන්නේද අනගි හාමි නම් උසස් කුල පුරුෂයා නිසාය. ඇගේ ආදරය රැුදී ඇත්තේ ඔහු මතය. එහෙත් කුල බේදය විසින් ඇය දුර්වල පුරුෂයෙකු වූ නම්බු හේනයා තම පුරුෂයා ලෙස තෝරා ගන්නේ ඇගේ ස්ත‍්‍රී නුවණ මෙහෙයවාය.වීරප්පුලි හේනයාගේ බිරිඳ මල්මා රිදී ,  ඔවුන්ගේ දියණිය හීන් රිදී, අනගි හාමි නම් කුලවතාට දාව පොඩිනා වැ¥ බබා හේනයා නම් අට හැවිරිදි දරුවා, අනෙකුත් ප‍්‍රධාන චරිතයන්ය. වීරප්පුලි හේනයාගේ වැඩිමහල් පුතු ලූවිස් හෙනයාද කුලවතෙකු වූ ගුණ රාළ හාමිද හීන් රිදීගේ සැමියා වන බබානිස්ද කතාවේ සෙසු චරිත වෙති. වීරපිපුලි හේනයා සිය මුණුබුරු බබා හේනයා ද සමඟ සිය රාජකාරිය සඳහා ඈත ගම් තුලානවල පවා ඇවිදියි. අත්තා තම දෙවුරේ බරැුති රෙදි පොට්ටෙනි දෙකක්ද මුණුපුරා හුරතලයට මෙන් ඔහු හිස තැබූ පොට්ටෙනියක්ද ගෙන ඒ යන ගමන පුංචි බබා හේනයාට අනාගතය පිළිබඳ කරන පෙර හුරුවකි.
                 කතුවරයා තම විෂය පථයට හසු කර ගනුයේ තමා හොඳින් හඳුනන පරිසරයක් හා වටහා ගත් චරිත කිහිපයක් බව පෙනී යයි. මහා ලේඛක අර්නස්ට් හෙමින්වේ වරක් කියා සිටින්නේ ‘‘තමා නොගිය තැනක් ගැන නොලියනු. තමා නොහඳුනන කෙනෙක් ගැන නොලියනු’’ යන්නය. ගම් නගර ස්ථාන ඒ නම්වලින්ම හැඳින්වීම හෙමින්වේගේ කතා කලාවේ ලක්ෂණයකි. එමගින් පාඨකයා ජීවමාන ලෝකයකට රැුගෙන යා හැකිය. යම් උපසංස්කෘතියක පසුබිමක් තුළ සිට කතාවක් ගොඩනගද්දී මෙය අතිශය වැදගත් වේ. මස් ඉඹුලද මෙම ලක්ෂණ හඳුනාෙගෙන ඇති බව පෙනේ. රත්නපුර දිස්ත‍්‍රික්කයේ රිදීවිට නම් ග‍්‍රාමය මෙම නවකතාව සඳහා පාදක කර ගැනීම මස්ඉඔුලද සිදු කර ඇත. එම ගමේ නම තුළම වාසය කරන කුලය පිළිබඳ පා්‍යකයාට අදහසක් ලබා දෙයි. වීරප්පුලි හේනයා ඇතුළු පවුල් පරිසරය පිළිබඳ මනා චිත‍්‍රයක් පාඨකයාගේ සිත්හි ඇදීම වචනයක් වචනයක් පාසා සිදුවන්නකි. රෙදි සේදීමේ කාර්යය පිළිබඳව ක‍්‍රියාවන් ඒවාට එකී රිදී කුලයේ ජනයා භාවිත කරන ආවේණික වදන්ම යොදා නවකතාවේ රසය තව දුරටත් ජනිත කිරීමට කතුවරයාට හැකි වී ඇත.
...සෑම මසකම මුල් සෙනසුරාදා නියංගම අප්පොලාගේ ගෙදර යන දිනයයි. ඔහු කරබාගෙනම තැම්බෙන රෙදි වෙල්ලාව දෙසම බලා කල්පනා කරන්නට විය. තම බිරිඳ විසින් අසුරන ලද වෙල්ලාව දුටු කළ ඔහුගේ සිතට යළිත් මහා කලකිරීමක් හට ගත්තේය. ඇයට තමාට තරම් රෙදි වෙල්ලාව අසුරන්නට නොහැකි වුවද ඇය තමා සමඟ පැමිණි දිනේ පටන් මේ දක්වාම පුදුම සහගත ලෙස රෙදි වැඩෙහි නිරත වූවාය. සතියකට වරක්වත් නෑවීමකට යයි. දවස තිස්සේ පෙත්තරේ රෙදි අපුල්ලයි. රාත‍්‍රිය පුරාම රෙදි මදියි....
කතුවරයා එකී කුලයේ පුද්ගලයාට ඉතාම සමීප අංග තුළින් තමන්ගේ සිත් තුළ පවතින හැගීම් දැනීම් පවා සංඛේතවත් කිරීමට නිරන්තරයෙන් උත්සහ කොට ඇති බව මෙම කතාව තුළ දිගටම පවතින ලක්ෂණයකි.
          වෙල්ලාව තුළ දැල්වෙන ගිනි පෙනෙලි අතර වූ තද රත්පැහැ ආලෝකය ඔහුට සව රාස්සිගේ අවුව වෙලාවේ සිතට ගෙනා පාළුව කාන්සිය මුසු හැඟීම රැුගෙන ආවේය.
                 නවකතාව අවසානයේ වික්ටර් සූරතිස්ස ගත කරන මධ්‍යම පාන්තික සුඛෝපභෝගී ජීවිතයත් තමාගේ මිණිබිරිය සමඟ ඇගේ ඔක්ස්ෆර්ඞ් ආචාර්ය උපාධි නිබන්ධනයට තොරතුරු සැපයීමටට උපන් ගමට සංචාරය කිරීමත් ඒ අවස්ථාවේ ඔහු මුහුණ දෙන සිතුවිලිමය අර්බුධය දෙසත් මෙම නවකතාව තුළ ගළපා ඇත්තේ පෙර කී ඔහුගේ සංස්කෘතිකමය කාරණා හා  වර්ථමාන ජීවිතය ගෙවෙන සමාජයේ සංස්කෘතික කාරණා සංසංන්දනය කිරීමට ඉඩ තබමිනි. තමන් පොහොසත් වීම නිසා අහිමිවී ගිය ‘‘තම වර්ගයේ අනන්‍යතා සාරයන් ’’ පිළිබඳව බෙහෙවින් පසු තැවේ. ජීවිතයේ සැන්දෑ සමය ගෙවන ඔහුට උපන් ගමට යන ගමනේදී තමාගේ අනන්‍යතාවය පිළිබඳ ගැටළුවකට මුහුණ පාන්නේ ඒ නිසාය. තමාගේ අතීත පිඩාකාරි අත්දැකීම්වල පසු බිම වන අසාධාරණ වැඩවසම්වාදී ආකෘතිකගත සමාජය කෙරෙහි විවේචනාත්මක හැඟීමක ඡුායාවක් හෝ ඔහුට ඇති නොවේ. මෙම ධුරාවලි ගත සමාජයේ අතීත මතක පිළිබඳ කලකිරීමකට වඩා ඔහුට උපදින්නේ තමා විසින් මකා දැමූ අතීතය පිළිබඳ ලාලසාත්මක හැඟීම්ය.
‘‘ ආයෙමත් අර සුවඳ දැනෙනවා... රෙදි සෝඩා කලවම් වෙච්ච රෙදි සුවද. ඒ සුවඳ මට හැමදාම දැනේවි . ඔවු ..ඉදිරියටත් මිය යන්නට කලින් ගන්න අන්තිම හුස්මෙනුත් ඒ සුවඳ මට දැනෙයි...’’
බබා හේනයා ලෙසින් සිටී තමන්ගේ පෙර අනන්‍යතාවයට ආසා කරන අන්දම හා එකී සංස්කෘතියට ඇති බැඳීම පෙන්වීම තුළින් කතුවරයා විමසුමට ලක් කරන්නේ  කුල ධුරාවලිය හා එය යටපත් කොට නැගුණු නව සමාජ ප‍්‍රවණතා මගින් ඉහළට නැගි පුද්ගලයකුගේ හදවතේ ගැඹුරුම සහ අවංක සිතුවිලි සමුදායකි.
නිගමනය
                    ඉහත සාකච්ඡුා කළ ආකාරයට නූතනය තුළ බිහි වූ සිංහල නවකතා සමූහයකම යම් උප සංස්කෘතියක් පසු බිම් කොටගෙන ඇඳෙන ජීවන සිතුවම් පට කිහිපයක් සිත්තම් වී ඇත. ඒවා තුළ පවතින ඒ ඒ සංස්කෘතියට අනන්‍ය වූ ලක්ෂණයන් මැනවින් අවබෝධ කොටගෙන ඒවා ගවේශණයෙන්  නිර්මාණශීලිත්වය හා ප‍්‍රතිභාව කැටි කොට ලියවුනු ප‍්‍රබන්ධ නවකතා රුචි පාඨකයාගේ ආකර්ශනය දිනා ගනී. එයට හේතු වී ඇත්තේ සංස්කෘතික අන්‍යත්වය පිළිබඳ කෘතුහලයයි. එමගින් පාඨකයාට විදේශීය පරිවර්ථන නවකතාවක් කියවීමෙන් ලැබිය හැකි තෘප්තියට සමාන තෘප්තියක් ලබා ගැනීමට මං සැලසී ඇත. එපමණක් නොව සමාජ විද්‍යාත්මක වශයෙන් වැදගත් වූ ගැටළුවකට මානුෂිය හැඟීම්, පුද්ගල මූලික හා සමාජ මූලික සාධක ඔස්සේ විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් ඒ ඒ සංස්කෘතිය දෙස බැලීම කතුවරුන්ගේ කාර්යය වී ඇත. පාඨකයාටද එකී විවිධ දෘෂ්ටිකෝණයන් තුළින් තමා කියවන සංස්කෘතිය දෙස බැලීම සහ එවුය විඳීමේ නිදහස මෙම කෘති රසවිඳීමෙන් ලැබිය හැකිය. මෙම නවකතා ත‍්‍රිත්වය පමණක් නොව මෙවැනි ආකාර වූ තවත් වැදගත් නවකතා කිහිපයක් තුළම උපසංස්කෘතියක් භාවිත කොට ඇත. සුනේත‍්‍රා රාජකරුණානායකගේ ‘‘කවි කඳුර’’ නම් නවකතාවේ මහනුවර පැරණි ගමක සංස්කෘතිය පිළිබඳවද, මංජුල වෙඩිවර්ධනගේ ‘‘බත්තලං ගුණ්ඩුව’’ නම් නව කතාව තුළ ධීවරයන්ගේ සංස්කෘතිය පිළිබඳවද නෝබට් අයගමගේ ‘‘කාල නදී ගලා බසී’’ නවකතාව තුළ පාරු සංස්කෘතිය පිළිබඳවද විච්ත‍්‍රවත් කතා සමූහයක් මගින් විරණය වී ඇත. යල් පැන ගිය තේමාවන් අනුගමනය කරනු වෙනුවට නූතන සිංහල නවකතාකරුවන් නව මානයන් උපයෝගී කර ගනිමින් නවකතා රචනා කිරීමට ගන්නා ලද උත්සහයට  නිදසුන් කිහිපයක් ලෙස ඒවා හැඳින්විය හැකිය. මෙලෙස නූතන නව කතාකරුවන් විසින් යම් උපසංස්කෘතියක් තම නව කතාවට පසුබිම් කර ගැනීම රසවත් හා හරවත් නවකතාවක් තුළින් පාඨක හදවත්ට ළංවීමට ගත් සාර්ථක ප‍්‍රයත්නයක් බව නිගමනය කළ හැකිය.

Friday, December 26, 2014

සිහිගිරි බැලීමි........

                                       පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පුදුමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලාගාරයකි. අපේ වංශ කතාවලට අනුව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වූත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටා ය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ- ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විට ය. සීගිරිය මාතලේ දිස්ත්‍රීක්කයේ උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවෙහි මලය රට කඳු පාමුලට කිට්ටුව ඉනාමලුව කෝරලයේ ශේෂ කඳු පංතියක් ලෙස පිහිටා ඇත. මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටී. දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගෙඩාල් සංයුක්ත අතිශෝභමාන වූ මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි:ව: 5වන සියවස අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිඳු කළ හෙයින් ම කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරියේ තේජෝබල පරාක්‍රමයෙන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධයෙක් බව මොනවාට පිළිබිඹු කරමිණි.

                                       සීගිරිය, දිගුකල් ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී (සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය මීටර් 370 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත.
ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. කාශ්‍යප රජු සීගිරිය මුදුනේ මාළිගාව තනද්දී රාවණ රජුගේ මාළිගයෙහි නටඹුන් හමුවූ බවට කතාවක්ද පවතී.පර්වතයේ සමතලා මතුපිට එම මාළිගයෙහි නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුම හේත්තු වන්නට නිර්මාණය කරන්නේ දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත. මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්‍රමාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි.
සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්‍යම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි ජ්‍යාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යාණය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්‍යානයෙහි ජලය රදවා තබා ගන්නා ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක මට්මේහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහිද බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක  
  • ක්‍රි.ව.5 වන සියවෙස් පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
  • ඉන්ජිනේරු විද්‍යාව
  • ජල තාක්ෂණය
  • ගෘහ නිර්මාණ ශිල්පය
  • කලා ශිල්ප හා සාහිත්‍ය
                          
මෙම වාස්තු විද්‍යාත්මක කලාව සදහා පැරණි මිසර හෝ පර්සියන් උද්‍යානවල දක්නට ඇති ජ්‍යාමිතික හෝ සුසන්ගත සැලසුම් ක්‍රම මූලික සිද්ධාන්ත ලෙස භාවිත කර ඇත. මේසා විශාල පර්වතය මත මාළිගා සංකීර්ණයක් ඉදිකිරිම සදහා ගඩොල් රැගෙන ආ සැටි ද පුදුම සහගත ය. මලුපෙත් ගර්භාගාර, සන්නිපාත ශාලා, අතරින් ගෙඩාළුමය පැතිකඩ හා ගල් පොකුණු රැසකින් වට වූ ශෛලමය සිංහාසනය විස්මයෙන් සිත අලලන සුළු ය. සීගිරිය නම් වු මහා වාස්තු විද්‍යාත්මක සැලසුම්කරණ වික්‍රමයේ හදවතත්, කේන්ද්‍රස්ථානයත් වූයේ මේ මාළිගාවයි. ගල මුදුනේ අක්කර තුන හමාරක බිම් ප්‍රමාණයක් වසා ගෙන ඇති මේ සුවිසල් මාළිගය රාජ්‍ය බලයත්, මිනිස් ශ්‍රමයත් කැටි කොට පිළිබිඹු කරන කදිම ස්මාරකයකි. තව ද මාළිගයේ අගය තීව්‍ර කරමින් ඉදිරියට දිවෙනා ශිලා උද්‍යාන, දිය අඟල් හා බුබුළු නඟමින් පතිත වන දියමල් කැලකින් සැලසුම් ලද මේ මහා නිර්මාණය ලොවට කියා පාන්නේ සීගිරි වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ කෞෂල්‍යත් විසිතුරු චින්තනයත් ය.මේ දර්ශනීය උද්‍යාන අතීතයේ ඒක් යුගයක තුරු පෙළින්, මල් ගොමුවලින් හා පස් පියුමෙන් සැදි රාජකීය ජීවිතයේ කාන්තියෙන් හා කෙළි දොළින් ජීවමාන වුන නන්දන උද්‍යානයක් විය. 

සීගිරිය ලෝ පතළවන්නට එහි ඇති උද්‍යාන කලාව මෙන් ම බිතු සිතුවම් ද මා හැඟි උපකාරයක් ලබා දේ. අව් වැසිවලින් උවදුරුවලට පත් නොවී බිතු සිතුවම් කෝෂයේ සුරැකී ඇති මේ සිතුවම් එක් වකවානුවක පර්වතයේ බටහිර දෙසට වන්නට බිත්තිය පුරා වූයේ කස්සප රජුගේ අන්තඃපුර ලලනාවන් යැයි හැදින්වීමට ඇතැම් වියතුන් උත්සහා දරා ඇත. නමුත් මේ බිතු සිතුවම්වලට වස්තු විෂය වන්නේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන් ය. මහාචාර්ය සෙනරත් පරණවිතාණයන් පවසන අන්දමට අප්සරාවන් සංකේතාත්මකව වළාකුළු හා විදුලි කෙටීම නිරූපණය කරණ බවත් ය. නමුත් දුරාතීතයේ සීගිරිය නැරඹීමට පැමිණි විනෝදකාමීන්ට පෙනන්නේ සුන්දර වනිතා පෙළකගේ සිතුවම් ලෙසට ය. මෙම සීගිරි සිතුවම් සමකාලීන දකුණු ආසියානු චිත්‍ර සම්ප්‍රදායන්ට ආවේණික සම්භාව්‍ය චිත්‍ර කලාවේ විශිෂ්ට ශ්‍රි ලාංකික නිර්මාණ ශෛලියක් පෙන්නුම් කරයි. තව ද සීගිරියේ ඉතිරි ව ඇති විශේෂ මතක සටහන්වලින් එකක් වන්නේ බිතු සිතුවම්වලට පහළින් කැටපත් පවුර වසා සිටින ගී සමුහයා ය. මෙම ගී "සීගිරි ගී"නම් වේ. මෙම ගීවලින් පෙනී යන අන්දමට දිවයිනේ සෑම පෙදෙසකින් ම පැමිණි කලාකාමීන්ගේ විනෝද නිකේතනයක් බවට සීගිරිය පත් ව තිබූ බව පැහැදිලි වේ. ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කාශ්‍යප රජතුමා සීගිරිය ආලකමන්දාවක් කොට කුවේරයා මෙන් දේවත්වයක් ආරෝපණය කර ගෙන සිටි බව ප්‍රකාශ කරයි.

Sunday, December 21, 2014

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//

බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

සිනා තොටක් විය...

ගායනය : නිරෝෂා විරාජිනී

Monday, December 1, 2014

සේකර



                                          මහගම සේකර(1929–1976) අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවකු, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහචිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතල විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය. එසේ ම හෙතෙම චිත‍්‍ර ශිල්පියෙක් ද වූයේ ය. ආචාර්ය කේ. ජයතිලක පසුකලෙක දක්වා ඇති ආකාරයට සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත‍්‍ර කලාවට ය. [1] කවර අවස්ථාවක වුව ද ඔහු අතට අඟුරු කෑල්ලක්, පැන්සලක්, පෑනක්, හුණු කැටයක් හසු වූ විට ඔහු කළේ ළඟ තිබුණේ කඩදාසියක් ද, බිත්තියක් ද, එසේත් නැත්නම් වෙනත් උපකරණයක් ද යන විශේෂය නොබලා එහි චිත‍්‍ර ඇදීම බව ඔහු එහි දී තවදුරටත් දක්වා තිබිණි.
මහගමසේකර උපන්නේ රදාවානේ ය. ඒ 1929 අප්‍රියෙල් මස 7 වැනිදා ය. (උප්පැන්න සහතිකයේ ඔහුගේ නම සඳහන් වන්නේ නිකම්ම නිකම් ‘සේකර’ කියා ය) කලාකරුවකු වීමට ඔහුට මූලික වශයෙන් ම බලපෑවේ ඔහු ගේ පියා විය යුතු ය.
හේ මහගම ගේ ජෝන් සිංඤෝනම් වූයේ ය. පියා සැරැසිලි චිත‍්‍ර සම්බන්ධයෙන් ගම් ප‍්‍රදේශයේ ඉතා ප‍්‍රකට පුද්ගලයකු වූ බව පැවැසේ. සේකර සිය ‘ප‍්‍රබුද්ධ’ කාව්‍ය සංග‍්‍රහය පිළිගන්වමින් පියා ගැන මෙසේ ලියා ඇත.

'විසල් සුදු ඩිමයි කඩදාසි මත'
'තබා මහ කවකටුව දිග රූල'
'ඇඳ නෙක මෝස්තර මල් හා කොළ'
'කපා කැටයම් ඉඳු බොකුටු නියනින්'
'විශ්වයෙහි රටාවම කලාවට නඟන හැටි'
'කුඩා කල සිටම මට කියාදුන් තාත්තට'

 මහගම සේකර ලියූ ‘තුංමං හංදිය’ නවකතාවේ එන සිරිසේන ගේ චරිතය එක් අතකට මහගම සේකර ගේ ම චරිතයට බෙහෙවින් සමාන ය. සිරිසේන තම ජීවිතයේ තීරණාත්මක වූ තුං මං හංදිය වෙත පිවිසෙයි. එහි දී පාරවල් තුන තුන් අතකට විහි දී යයි
1966 සරසවි චිත්‍රපටි සම්මාන උළෙල ‍හොඳම ගීත පද රචක සම්මානය - "සාර විට" චිත්‍රපටිය වෙනුවෙන් "මේ සිංහල අපගෙ රටයි" ගීතය
1968 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල ‍හොඳම ගීත පද රචක සම්මානය - "සත් සමුදුර" චිත්‍රපටිය වෙනුවෙන් "සිනිඳු සුදු මුදු තලාවේ" ගීතය
1970 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල ‍හොඳම ගීත පද රචක සම්මානය - "බිනරමලී" චිත්‍රපටිය වෙනුවෙන් "රටකින් රටකට පාර අසාගෙන" ගීත1972 රජයේ ලලිත කලායතනයේ විදුහල්පති ධූරයට පත් සේකර 1973 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපන අංශයේ අධ්‍යාපන නිලධාරි තනතුර ද හෙබැවූයේ ය. 1976 ජනවාරි මස 14 වන දින මේ අද්විතීය කලාකරුවාණෝ අභාව නියාමයට නතු වූහ.
මේ ලිපිය අවසන් කළ යුතු වන්නේ විද්වතකු විසින් ඉදිරිපත් කරන ලද ඉතා වැදගත් අදහසක් කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීමෙනි. මහගම සේකර ගේ ප‍්‍රබුද්ධ’ කාව්‍ය සංග‍්‍රහයට පෙරවදනක් ලියන මහාචාර්ය ජෝතිය ධීරසේකර (දැන් මහාචාර්ය ධම්ම විහාරී නාහිමි) මෙසේ කියා ඇත.
‘මහගමසේකර ප‍්‍රබුද්ධ ඇසුරෙන් හෙළි කරන අදහස්වලට සරිලන, ඒවා උද්දීපනය කිරීමට ප‍්‍රමාණවත් චිත‍්‍ර කලා සම්ප‍්‍රදායයක් සහ මූර්ති කලා සම්ප‍්‍රදායයක් නොපමාව අප අතර බිහි කිරීම අත්‍යවශ්‍ය ය.”
ඒ අදහස ප‍්‍රකාශනයට පත් වූයේ 1977 දී ය. එතෙක් මෙතෙක් ගෙවුණු කාල පරිච්ඡේදයේ දී එකී කාර්ය භාරය ඉටු කිරීමට සමත් චිත‍්‍ර හෝ මූර්ති ශිල්පියකු අපේ රටින් බිහි වී ඇද්ද? එසේ නොවන්නේ නම් එබඳු සම්ප‍්‍රදායයක් ඇති කිරීමේ භාර දූර වගකීම වර්තමාන චිත‍්‍ර හා මූර්ති කලා ශිල්පීන්ට භාරවනු ඇති බව කියනු කැමැත්තෙමි.
ස්ටේසම වෙත යනවිට
දෙගොඩහරිය පසුවෙලාය.

‘අනාගතයෙහි දිනක බුදු වන
මහා පුරුෂය !
අත දමා කුණු බාල්දියකට
අවුස්සා කරදාසි පොලිතින් හා කෙසෙල් කොල
කුමක්දෝ ඔබ සොයන සත්යය’

‘සොයන්නෙමි මම බත් උළක්
පාන් පෙත්තක්, මාළු කටුවක්
අනාගතයෙහි දිනක බුදු වන
මහා පුරිසානන් රකින්නට’

කොවුලෙකු අඬනු ඇසුයෙන්
ඒ දෙස බැළුවෙමි මම්;
කිමෙක්ද මා දුටුවේ?
අලුයම් අහසෙහි පරවුන සඳ පමණය’

Tuesday, November 18, 2014

ශී‍්‍ර ලංකාවේරාජත්වයේ ප‍්‍රභවය

රාජත්වයේ ප‍්‍රභවය පිළිබඳ පොදු න්‍යායාත්මක පසුබිම
                 අතීතයේ සිටම සෑම මානව සමාජයකම ක‍්‍රියාත්මක වූ සංවිධානයක් ලෙස රාජ්‍ය හැඳින්විය හැකිය. එහි ආරම්භය හා විකාශනය පිළිබඳ ලොව පුරා විවිධ විද්වතුන් නොයෙක් මත ඵල කර ඇත. එසේ නමුත් රාජත්වයේ සහ රාජ්‍යත්වයේ ආරම්භය පිළිබඳ පොදු සම්මුතියකට එළඹීමට පෙර අපර දෙදිගම චින්තකයන්ටම නොහැකි වී ඇත. නමුත්  රාජත්වය හා රාජ්‍ය යන සංකල්පය එකිනෙකින් වෙන් කළ නොහැකි එදා සිට අද දක්වා දේශපාලන වශයෙන් සංවිධිත  ඕනෑම සමාජයක ක‍්‍රියාත්මක වන්නා වූ ගාමක බලවේගයන් දෙකක්  වශයෙන් හැඳින්විය හැකිය. අතීතයේ සිට වර්තමානය දක්වා විවිධ දෘෂ්ටිකොණ තුළින් හා විවිධ පර්යේෂණ තුළින් ගොඩ නගන නිගමන මගින් රාජත්වය යන සංකල්පය වර්ධනය වූ ආකාරය වටහා ගත හැකිය. රාජත්වය තුළින් බලය හා ආධිපත්‍යය තමා කෙරෙහි නතු කර ගත් හෝ ආගමික චාරිත‍්‍ර ආදී සුවිශේෂ විධික‍්‍රම තුළින් අවශේෂයනට වඩා ප‍්‍රභූත්වයක් හිමි කරගත් නායකත්වයක් අදහස් කරයි. කිසියම් පාලන සංවිධානයක හෝ ආයතනයක වර්ධනීය අවස්ථාව රාජත්වය ලෙස අර්ථ දැක්විය හැකිය.
                රාජ්‍ය යන්නට පාලන එ්කකය යන්නත් රාජත්වය යන්නට පාලන නායකත්වය යන්නත් ව්‍යවහාර කිරීමත් වඩාත් තර්කානුකූල බව පෙන්වා දිය හැකිය. මුල් කාලීනව මෙකී රාජත්වයේ නොහොත් මූලික දේශපාලන නායකත්වය යන්න කෙසේ ප‍්‍රභවය ලැබුවෙහිද යන්න පිළිබඳ දේශපාලන විද්‍යාඥයන්, ඉතිහාසඥයන්, හා දාර්ශනිකයන් විවිධ මත ඵල කළ බව පෙර සඳහන් කරන ලදි. දේවවරම්වාදීන්, සමාජ සම්මුතිවාදීන්, මාක්ස්වාදීන්, සමාජවාදීන්, ලිබරල්වාදීන්, ෆැසිස්ට්වාදීන්්, ලෙස දේශපාලන විද්‍යාව තුළ මොවුන් රාජත්වයේ ආරම්භය, විකාශනය හා වර්ධනය පිළබඳ මත ඉදිරිපත් කොට ඇත. බුදු දහමද මෙම සංකල්පය පිළිබඳ වඩාත් විචක්ෂණශීලි අදහසක් ඉදිරිපත් කොට ඇත. බුදුන් වහන්සේ විසින් වාසෙට්ඨ භ‍්‍රාහ්මණයාට දේශණා කළ දීඝ නිකායට අයත් අග්ගඤ්ඤ සූත‍්‍රයෙන් පාලකයෙකු පත්කර ගැනීම සම්බන්ධව බෞද්ධ සංකල්පය කවරේද යන්න පිළිබඳ මැනවින් විස්තර කර ඇත. පාලන නායකත්වයේ ආරම්භක අවස්ථාව පිළිබඳ හේතුඵල න්‍යායට අනුව එම සූත‍්‍රය ඉදිරිපත් කරයි. එය වෛදික සම්ප‍්‍රදායෙන් ඉස්මතු කළ දේව නිර්මාණවාදී අදහස් බැහැර කොට වඩාත් ප‍්‍රායෝගිකත්වයෙන් යුතු නායකත්වයක ආරම්භය පිළිබඳව ඉදිරිපත් වූ මූලාශ‍්‍රයක් ලෙස එය හැඳින්විය හැකිය. රාජත්වය යන සංකල්පයේ න්‍යායාත්මක කරුණු මතු කර ගැනීමේදී දහසය වන සියවසින් පසු යුරෝපීය දාර්ශනිකයන්ද දක්වන අදහස් වැදගත් වෙයි. සමාජ සම්මුතිවාදය :ීදජස්ක ක්‍දබඑර්ජඑ ඔයැදරහ* මේ සඳහා වඩාත් වැදගත් න්‍යායක් ලෙස අර්ථ දැක්විය හැකිය. ඔවුන්ට අනුව මිනිසා ප‍්‍රකෘත්ති සමාජයට ප‍්‍රවිශ්ඨ වීමේදී සම්මුතියකින් සිය පාලකයා පත්කර ගත්තෝය. සමාජවාදීන්ට අනුව ආර්ථ_ක සාධකය  පදනම් කරගෙන මුල් යුගයේ පැවති පොදු දේපල ක‍්‍රමය අහෝසි වී ඇතිවන පංති ස්ථරායනය තුළින් පාලක හා පාලිත පන්තිය නිර්මාණය වේ.
               කෙසේ වෙතත් මෙකී සමස්ත මතයන්ගෙන් අවසානය එළඹිය හැකි නිගමනය වන්නේ මිනිස් සමාජයක ආරම්භයේ සිට  ආරක්ෂාව හා  පොදු අවශ්‍යතා තුළින් මිනිසා එක්සේසත් විය. පාරිසරික අවශ්‍යතා ජය ගැනීමට ඔවුන් සංවිධානය විය. ඉන්පසු ජනගහණ වර්ධනයත් සමඟ ජනතාව මුහුණ දුන් ගැටළුද වර්ධනය විය. පොදු මානව සුභසාධන කාර්ය මුල් කරගනිමින් කණ්ඩායම් සංවිධානය වූ අතර ඔවුන් තම මානව කාර්යන් පුළුල් වීමත් සමඟ ඒවා වඩාත් විධිමත්ව ඉටු කරගැනීමට ඒ කෙරෙහි යොමු වූ නායකයෙකු පත්කර ගන්නට ඇති අතර රාජත්වය ඉන් ප‍්‍රභවය ලැබුවේ යැයි සැලකිය හැකිය. පාලන සංවිධානයේ නායකත්වය වටා ගොනු වූ බලය හා අධිකාරීත්වයත් එමෙන්ම නායකත්වයට පත් වීමේදී සුවිශේෂ වූ සිරිත් සමුදායක් අනුගමනය කිරීමත් සමඟ ගෞරවනීයත්වයක් නායකත්වයට හිමි වේ. මේ අනුව රාජත්වය වූ කලී මානව සුභසාධන කාර්යයන් ඉටු කිරීමේ සාමූහික ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් ලෙසින් බිහි වූ මානව සංවිධානයක පරිණත අවස්ථාවක් ලෙස  සඳහන් කළ හැකිය.
පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජත්වය පිළිබඳ විමසීමේදී උපයෝගී වන මූලාශ‍්‍ර හා ඒවායේ භාවිතය
                    ශී‍්‍ර ලංකාවේ රාජත්වය පිළිබඳ විෂය මූලික ඉතිහාසය  ක‍්‍රි:පූ යුගය තරම් ඈතට දිවෙතත් එ් පිළිබඳව නිශ්චිත නිගමනයන් ගම්‍යයමාන කර ගැනීම තවමත් අසීරුය. එම නිසා ප‍්‍රස්තුත හා උපකල්පනය කිරීම් මත සාකච්ඡුා කෙරෙන අතිශය විවාද සම්පන්න මාතෘකාවක් ලෙස මෙය අර්ථ දැක්විය හැකිය. මෙම සංකල්පය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති මත පිළිබඳ විමසීමට මත්තෙන් එකී මත ඉදිරිපත් කිරීමට උපයෝගී කොට ගත් මූලාශ‍්‍රයන් විග‍්‍රහ කිරීම වඩාත් උචිතය.  ඕනෑම ඉතිහාස ගත සාධකයක් අධ්‍යයනය කිරීමේදී යොදා ගන්නා ප‍්‍රධාන මූලාශ‍්‍ර වර්ග දෙකකි.
                           01.සාහිත්‍යය මූලාශ‍්‍ර   (දේශීය/විදේශීය*
                           02.පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර‍්‍ර (දේශීය/විදේශීය*
                         ක‍්‍රිස්තු පූර්ව සවන සියවසෙන් ආරම්භ වන දේශපාලන තොරතුරු අන්තර්ගත වංශකථා සාහිත්‍යයක් ලාංකිකයන් සතුව පවතී. සාහිත්‍යය මූලාශ‍්‍ර අතර වඩාත් වැදගත් වන්නේ මහාවංසය, දීපවංසය, චූලවංසය, රාජාවලිය, නිකාය සංග‍්‍රහය, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, එළුඅත්තනුගලූවංසය  ආදී අනුරාධපුර යුගයේ සිට දඹදෙණි, කුරුණෑගල, ගම්පොළ ආදී යුගවල ලියවුණු ගද්‍යය සාහිත්‍යය කෘතින්ය. නමුත් සාහිත්‍යය ගත තොරතුරු මත පමණක් දිවයිනේ දේශපාලන නායකත්වය පිළිබඳ තොරතුරු සෙවීමේදී අවසානයේ එළඹීමට සිදුවන එක් නිගමනයකි. එනම් පාලන සංවිධානයේ මූලික අදහස් සමඟ ලංකාවට පැමිණි විජය සහ හත්සියයක් පිරිස සමඟ ඉන්දියානු කුමරෙකුගේ හෙවත් ආර්ය වංශිකයෙකු යටතේ මෙරටේ දේශපාලන නායකත්වය ප‍්‍රභවය ලැබු බවයි. එතැන් පටන් එ්කීය පාලන රටාවක් සහ නායකත්වයක් යටතේ මෙරට රාජත්වය වර්ධනය වීය යන අදහස එමඟින් නිරායාසයෙන් ධ්වනිත කරයි. නමුත් එකී සාහිත්‍ය මූලාශ‍්‍ර තුළින්ම විජයට පෙර යක්ෂ, නාග වැනි ගෝත‍්‍රික පිරිස් මෙරට විසූ බවත් ඔවුන්ට දේශපාලන සංවිධානයක් තිබූ බවත් ප‍්‍රකාශ වේ. නමුත් ශිෂ්ට සම්පන්න නායකත්වයක් තිබූ බවක් පෙන්වා දීමට වංසකථාකරු මැලි වේ. දේශීය සාහිත්‍යය මූලාශ‍්‍රවල පමණක් නොව විදේශීය ලේඛකයන්ගේ කෘතිවලින්ද ලංකාවේ රාජත්වයේ ප‍්‍රභවය පිළිබඳව තොරතුරු ඇතුළත් වේ. වෙළඳ නායකත්වයක් මත දේශීය නායකත්වය ප‍්‍රභවය ලැබූයේ යැයි දිව්‍යාවදානය මෙන්ම ෆාහියන්ගේ සහ හියුන් සියෑංගේ වාර්තා මගින් ප‍්‍රකාශ වේ .
                   මෙවැනි සාහිත්‍යය මූලාශ‍්‍ර සමඟම වඩාත් විශ්වසනීය හා නිවරදි ඉතිහාසයක් ගොඩ නගා ගැනීම සඳහා වැදගත් දායකත්වයක් සපයන මූලාශ‍්‍රයක්  හඳුනාගත හැකිය. සාහිත්‍යය මූලාශ‍්‍රවලටත් වඩා ඈතට ගමන් කරන පුරාවිද්‍යා සාධක මෙම අධ්‍යයනයේදී ඉතාම වැදගත් මෙහෙවරක් ඉටු කරයි. ඒවා අතර  ගිරි ලිපි, පුවරු ලිපි, ටැම් ලිපි හා නානකවිද්‍යාත්මක සාධකද අන්තර්ගතය.
                     අභිලේඛන මූලාශ‍්‍රවල අක්ෂර පරිණාමය සලකා කි‍්‍රස්තු පූර්ව 3 වන සියවසට අයත් යැයි කාල නිර්ණය කරන ලද ශිලා ලිපි කිහිපයකින් හෙළිවන සාක්ෂි මගින් ඉහත කී සාහිත්‍යය මූලාශ‍්‍ර හෙළි කරන කරුණු පිළිබඳව දෙවරක් සිතා බැලීමට සිදු වෙයි. එසේම  සාහිත්‍යය මූලාශ‍්‍රයකින් දක්වා ඇති පුරාවිද්‍යා මූලාශ‍්‍රයකින් තව දුරටත් සනාථ කර ගැනීමටත් ඌණ පූර්ණ එක් කර ගැනීමටත් හැකි වන බවත් අමතක කළ යුතු නොෙවි. එම නිසා මෙම දෙපාර්ශවයෙන්ම මතු කෙරෙන කරුණු අන්‍යෝනය වශයෙන් සංසන්දනය කරමින් අතිශයෝක්ති ඉවත් කරමින් පුරාතන ශී‍්‍ර ලංකාවේ රාජත්වය පිලිබඳව අධ්‍යයනයට ප‍්‍රවිශ්ඨ වීම වැදගත්ය. වර්තමානයේ මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බොහෝ ශාස්ත‍්‍රඥයින් එකී මූලාශ‍්‍ර ද්වයම පරිශීලනය කොට වඩා තර්කානුකූල, හේතු ඵල සම්බන්ධතා හා ගැළපෙන මත ඉදිරිපත් කොට ඇති ආකාරයක් පෙනී යයි.
පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජත්වයේ ආරම්භය හා විකාශනය සම්බන්ධව ඉදිරිපත්ව ඇති මතවාද
                      දහ නව වන සියවසේ අගභාගය වන විට මෙරට ඉතිහාසය නිර්වචනය කළ බොහෝ ඉතිහාසඥයන් තම මතවාද ඉදිරිපත් කිරීමට යොදා ගත් ප‍්‍රධානතම ප‍්‍රවේශය වූයේ සාහිත්‍යය මූලාශ‍්‍රයි. ඒ අනුව ඉන්දීය සාධකය මත ශී‍්‍ර ලංකාවේ පාලන සංවිධානය හා නායකත්වය ඇති වූ බවයි. විජය රජුගෙන් ආරම්භව දේවානම් පියතිස්ස රජුගේ කාලයේ අභිශේකය ලැබීම  එහි වර්ධනීය අවස්ථාවක් පෙන්නුම් කරන බවත් දක්වයි. නමුත් එම අදහස් විවේචනය කරමින් නූතනය වන විට වඩා වැඩියෙන් පුරාවිද්‍යාත්මක තොරතුරු මත පදනම්ව ඉතිහාසය නිර්වචනය කිරීමට විද්වතුන් පෙළඹී ඇත. පුරාතන ශී‍්‍ර ලංකාවේ රාජත්වයේ ආරම්භය හා වර්ධනය පිළිබඳ අදහස් දැක්වීමේදී ද මෙම තත්තවය දක්නට ලැබෙයි. හඟුරන්කෙත ධීරානන්ද හිමියන්ට අනුව ශ‍්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ වවුනියා දිස්ත‍්‍රික්කයේ සිට දකුණු ප‍්‍රදේශයේ හම්බන්තොට දිස්ත‍්‍රික්කය දක්වා ක‍්‍රි:පූ 3 වන ශතවර්ෂයේ සිට ක‍්‍රි:ව 1 දක්වා අතර කාල පරිච්ෙඡ්දයට අයත් අභිලේඛන රැුසක්, පාලකයන් දරන ලද විරුද නාම පිළිබඳ තොරතුරු හෙළිවීම එ් සඳහා බලපෑ ප‍්‍රධාන සාධකයක් වෙයි. එමෙන්ම සමාජයේ විසූ පුද්ගලයන් විසින් භාවිත කළ විරුද නාම හා තත්ව නාම ගැනද ගැඹුරින් අධ්‍යයනය කිරීමත් දේශීය හා විද්ශීය සාහිත්‍යයික තොරතුරු මෙන්ම අනෙකුත් පුරාවිද්‍යාත්මක දත්ත සමඟ සංසන්දනය කිරීමත් නිසා නව අර්ථකථනවලට ඉඩ ලැබුණි.
               පුරාතන ශී‍්‍ර ලංකාවහි රාජත්වය හා එහි වර්ධනය පිළිබඳ මත ඉදිරිපත් කරන විද්වතුන් අතර පී.ගෝල්ඞ්මිෂ්ඞ්ට් :ඡුගඨදකාිජයපසාඑ*ල එව්.සී.පී බෙල්, සෙනෙරත් පරණවිතාන, සී.ඩබ්.නිකලස්, ලක්ෂ්මන් එස්. පෙරේරා, තිලක් හෙට්ටිආරච්චි, ආර්. එ් . එල්.එච් ගුණවර්ධන, එස්. කේ  සිත‍්‍රම්පලම්, සුදර්ශන් සෙනවිරත්න, හඟුරන්කෙත ධීරානන්ද හිමි හා ඉන්ද්‍රකීර්ති සිරිවීර ආදීන් ප‍්‍රධාන වේ. මේ පිළිබඳ විෂයාත්මක වර්ධනයට ඔවුන් අතින් සිදු වූ මෙහෙය සුළුපටු නොවේ. එහෙයින් ඔවුන් ඉදිරිපත් කර ඇති මතවාද සංසන්දනාත්මකව විග‍්‍රහ කොට පුරාතන ශී‍්‍ර ලංකාවේ රාජත්වය කෙසේ වර්ධනය වූයේද යන්න පිළිබඳව නිවරදි නිගමනයක් නොහොත් උපකල්පනයක් ගොඩනැගීම ඉතා වැදගත් වෙයි.
පී.ගෝල්ඞ්මිෂ්ඞ්ට් :ඡුගඨදකාිජයපසාඑ* මහතාගේ මතය
                       යුරෝපීය ජාතිකයෙකු වන පී.ගෝල්ඞ්මිෂ්ඞ්ට් මහතා ක‍්‍රි:ව 1870 දී රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවට:න්‍ක්‍ඊඍ්ී* ලියන ලද  ර්‍ණභදඑැි දබ ්බජසැබඑ ීසබය්කැිැ ෂබිජරසචඑසදබ” යන ලිපියෙන් අභිලේඛන ගණනාවකම සඳහන්ව ඇති ‘‘ පරුමක’’ නම් විරුදය යනු කුමක්දැයි විග‍්‍රහ කරමින් මෙම ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් නව ප‍්‍රවේශයක් ලබා දී ඇත.  ඔහුට අනුව පරුමකවරු යනු භ‍්‍රාහ්මණයන් විය හැකිය.‘‘පරුමක’’ ු ‘‘භ‍්‍රාහ්මණයන්’’ යයි සඳහන් කරන්නේ කුමන පදනමකින්දැයි යන්න පිළිබඳව අදහසක් දක්වා නොමැත.‘‘බමණ’’ විරුදය දරන ලද පුද්ගලයන් විසින්ද  ‘‘පරුමක’’ විරුදය දරන ලද නිසාත් ඔහුගේ එම නිගමනය නිරවද්‍යය යැයි කිව නොහැකි බව මේ පිළිබඳ අදහස් දක්වන අනෙකුත් විද්වතුන් පෙන්වා දෙයි. එහෙත් අභිලේඛන ගත විරුද හා පුද්ගල තත්තව පදනම් කර ගනිමින් විද්‍යාර්ථ_න්ට නව ප‍්‍රවේශයක් ලබා දීම නිසා එතුමාගේ මතය වැදගත් වේ.
එව්.සී.පී බෙල් මහතාගේ මතය            
 මොහුගේ මතය පළ වූයේ ක‍්‍ර:ව 1892 දී ”ඔයැ රුචදරඑ දබ එයැ ණැට්කක් ෘසිඑරසජඑ දෙ එයැ චරදඩසබජැ දෙ ි්ඉ්ර්ට්පමඅ්’’ නමින් පළ කළ නිබන්ධනයේය.  ‘‘ පරුමක’’ යනු ‘‘ප‍්‍රධාන’’ යන අරුත ගැබ් වූ පදයක් ලෙස ඔහු දක්වයි. බෙල්ගේ මෙම අදහස පුරාතන ලංකාවේ දේශපාලන හා සමාජ තත්ත්වය ගැන නව අදහසකට මුල පිරීමක් බව පෙනේ. බෙල් විසින් පරුමක යන පදය නොයෙක් භාෂාවල යෙදි ඇති ආකාරයද පෙන්වා දෙයි. සංස්කෘත: ප‍්‍රමුඛඝ එළු: පාමොක් ඝ දමිළ: පෙරුමකන් යන භාෂාවල මෙම පදය භාවිත වී ඇති ආකාරය හා භාෂා ?පයන්ද බෙල්ගේ විවරණයට පදනම් කරගෙන ඇත. නමුත් ඔහු මෙම පදය අනෙක් භාෂාවල යෙදෙන ආකාරය පෙන්වා දුන්නද එම පදයන් යෙදෙන මූලාශ‍්‍රවල කාලය හා පරුමක විරුදය සඳහන් අභිලේඛනවල කාලය අතර සමාන අසමානතා ගැන සැළකිල්ලක් දක්වා නොමැති බවට නූතන විද්වතුන් චෝදනා කරයි. එයට උදාහරණ ලෙස ඔවුන් දක්වන්නේ  දමිළ ‘‘පෙරුමකන්’’ යන්න භාවිත කර ඇති සංගම් සාහිත්‍යය ක‍්‍රිස්තු වර්ෂයට පෙර සම්බන්ධ කිරීමට ඇති ඉඩ සීමිතය. නමුත් ‘‘පරුමක’’ යන්න ක‍්‍රිස්තු පූර්ව තෙවන සියවස දක්වා ඈත කාලයකට සම්බන්ද කළ හැකිය යන්නයි. බෙල්ගේ මතය විවාද සම්පන්න වුවද ඔහු අභිලේඛන ගත පද වෙනත් භාෂා සමඟ යෙදී ඇති ආකාරය සම්බන්ධ කරමින් එ්වා කෙසේ විවරණය කළ යුතුද යන්න පිළිබඳව නව  අදහසක් පළ කර තිබීමත්, පුරාතන රාජත්වයේ ප‍්‍රභවය පිළිබඳ සාකච්ඡුා කිරීමේදී මුල් කාලීන දේශපාලන හෝ සමාජ නායකත්වයක නව අදහසක් මෙම මතයේ ගැබ්ව තිබීමත් නිසා එය වැදගත් වන බව පෙනී යයි.
සෙනෙරත් පරණවිතාන මහතාගේ මතය

                1939දී පුරාවිද්‍යා කොමසාරිස් ¥රයට පත් සෙනෙරත් පරණවිතාන මහතා 1936දී ආසියාතික සංගමයේ බ්‍්‍රතාන්‍යය හා අයර්ලන්ත ශාඛාව මගින් ප‍්‍රකාශයට පත් කළී’ඔඅද  ඍදහ්ක ඔසඑකැි දෙ ඔයැ ෑ්රකහ  ීසබය්කැිැ  ්බා  ඔයැ ධරසට්බ දෙ ණසබටියසච සබ ්බජසැබඑ ක්‍ැහකදබ’’   ලිපියෙන් පුරාතන ශී‍්‍ර ලංකාවේ පාලන නායකත්වයේ ආරම්භය පිළිබඳව නව අදහසක් ඉදිරිපත් කරන ලදි. ඔහු පවසන්නේ ශ‍්‍රී ලංකාවේ උතුරු මැද, දකුණ, හා මධ්‍යම යන පළාත්වලින් සොයා ගත් ක‍්‍රි:පූ 3 සිට ක‍්‍රි:ව 1 දක්වා වන අභිලේඛනවල සඳහන් පාලකයන් විසින් භාවිත කළ ‘‘ගමණි’’ හා ‘‘ගමිණි’’ විරුදත් පසු කාලීනව අභිලේඛනවල සඳහන්ව ඇති ‘‘මපුරුමුක’’ හා ‘‘මපුරුමුකා’’ විරුද නාමත් විග‍්‍රහ කරමින් බැලූ කළ වංසකථාවෙහි ගමිණි යන්න පෞද්ගලික නාමයක් ලෙසින් සඳහන්ව තිබූවද සෑම අභිලේඛනයකම පාහේ ‘‘ගමණි’’ යන්න රාජ විරුදයක් ලෙස භාවිත කොට ඇති ආකරයක් හඳුනා ගැනීමට හැකි බවයි. පරණවිතාන ‘‘ගමණි’’ විරුදය භාවිත කිරීම පිළිඳව දක්වන්නේ පැරණි සිංහල රජවරුන්ගේ මුතුන් මිත්තන් ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලදුව ඔවුන් ජනාවාස වීම ආරම්භ වූ කාලවල සිටම මෙම විරුදය උරුමයක් ලෙස පවත්වාගෙන ආ බවකි. ගමණි යනු සමූහයකින් තෝරා පත් කර ගත් ජනප‍්‍රිය නායකයෙකු බවත් මුල් කාලීන ජනපදිකයන්ගේ අභ්‍යන්තරිත ආරක්ෂාව සඳහාත් ජනපදයේ සාමය ආරක්ෂාව සඳහාත් නායකයෙකුගේ අවශ්‍යතාවය ඔවුන්ට දැනෙන්නට ඇතැයි ඔහු පෙන්වා දෙයි.ඉන් පෙනෙන්නේ ඔහුට අනුව ගමණිවරුන් පුරාතන ලංකාවේ පැරණිතම පාලක පිරිස වූ බවයි. එම ජනපද කිහිපයෙන් වඩාත් වැදගත් වූ එ්කකයක පාලකයා අනෙකුත් අය විසින් යුද්ධයේදී සෙන්පතියෙකු ලෙසත් සාමය පවත්නා අවස්ථාවල අධිකරණ නායකකෙු ලෙසත් කටයුතු කරන්නට ඇතැයි සළකන පරණවිතානයන් ඔවුන්ට ‘‘ගමණි’’ යන විරුධය පිරිනමන්නට ඇති බව විශ්වාස කරයි. ගමණිවරු කිහිප දෙනෙක් සිටින්නට ඇති බවද ඔහු ශිලා ලේඛන ඇසුරින් පෙන්වා දී ඇත. පුරාතන ශ‍්‍රී ලංකාවේ පාලකයෝ පොදු ජන ප‍්‍රභවයක් ඇත්තන් වූහ යන්න සනාථ කිරීමට රෝම ලේඛකයෙකු වන පොලිහිස්ටර් විසින් ශී‍්‍ර ලංකාවේ පාලකයන්ගේ තත්ත්වය පිළිබඳව කරන ලද ප‍්‍රකාශයද උපයෝගී කර ගනී.‘‘මහජනයා විසින් ඉතාමත් මෘදු ගුණ ඇති නුවණ ඇති දරුවන් නැති පුද්ගලයෙකු පාලකයෙකු ලෙස පත් කර ගනී’’ යන පොලිහිස්ටර්ගේ අදහස ගැන විග‍්‍රහ කරන පරණවිතාන මෙම ප‍්‍රකාශයේ සෑම කරුණක්ම සත්‍යය නොවන නමුත් මෙම දිවයින ‘‘ගමණි’’ නම් වූ මහජනයා විසින් තෝරා පත් කළ නායකයන් විසින් පාලනය කරනු ලැබූ සමයකට අයත් වූ ඔහුට කරුණු සැපයූවන්ගේ මතයකයක් වන්ට ඇතයිද කියා සිටි. තම අදහස සනාථ කිරීමට පොලිහිස්ටර් කළ ප‍්‍රකාශය  කෙතරම් වලංගු වේද යන්න පිළිබඳ පරණවිතාන මහතා විමසුමක් කර නොමැති නිසා විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළු මතු වේ.‘‘ගමණි’’ යන්න සාහිත්‍යය මූලාශ‍්‍රවලින් ගිලිහී ගියේ මෞරය ආභාසය මත ‘‘රජ’’ ‘‘මහරජ’’ මෙන්ම ‘‘දෙවනපිය’’ වැනි විරුද නාම දැරූවද තම පූර්ව පාලකයන් විසින් දරන ලද ගමණි යන්න භාවිතය අමතක නොකළ බව සෙල්ලිපි වලින් හෙළි වන බව ඔහුගේ මතයයි. මෙසේ මුල් පාලන එ්කකය නියෝජනනය කළ කුලය කුමක්ද යන්න පිළිබඳව නිගමනයන් ගොඩ නගා ගැනීමට පරණවිතානයන් ‘‘ගමණි’’ යන විරුදය පදනම් කර ගනී. වෛදික යුගයේදී ‘‘ග‍්‍රාමණි’’ යන්න වෛශ්‍යයනට විශේෂ වූවක් ලෙසින්ද හඳුනා ගන්නා ඔහු මුල් කාලීන දේශපාලන නායකත්වයට වෛශ්‍ය කුලයට අයත් වූවන්  පත්වන්නට ඇතයි  විශ්වාස කරයි.
             එසේම ක‍්‍රි:ව තෙවන සියවසෙන් පසු ‘‘රජ’’ ‘‘මහරජ’’යන විරුද වෙනුවට  භාවිත කළ ‘‘මපරුමුකා’’ හා ‘‘මපුරුමු’’ යන විරුද දෙසද අවදානය යොමු කළ පරණවිතාන මුල්කාලයේ භාවිත වූ පරුමක යන විරුදය සම්බන්ධ කරමින් එම විරුදයේ තවත් අවස්ථාවක් ලෙසම ‘‘මපරුමුක’’ විරුදය පාලකයන් විසින් භාවිත කිරීම ඔවුන්ගේ පරපුරෙහි වූ අයගේ ගණතාන්ත‍්‍රික ලක්ෂණ පෙන්වීමක් යැයිද ඔහු පෙන්වා දේ. නමුත් මෙම විරුද භාවිත කල සමාජවල කාලය සහ ස්වභාවය පිළබඳ ඔහු අවධානය යොමු කර නැත. එසේම අභිලේඛන තුළින් ලත් මෙම අදහස තවත් සනාථ කිරීමට ඔහු සාහිත්‍යය මුලාශ‍්‍රවල සඳහන් තොරතුරුද ගෙනහැර පායි. එනම් වංසතපකාසිනියේ සඳහන් දේවානම්පියතිස්ස රජු විසින් අශෝක රජු වෙත යවන ලද ¥තයන් විසින් කරන ලද ප‍්‍රකාශයේ අභිෂේකයක් නොතිබූ බව හා යෂ්ටියක් දැරීමෙන් තම නායකත්වය පෙන්වන බව අශෝක රජුට පැවසීමෙන් මෙහි පූර්ව අවධියේ අභිෂේකයක්  සහිත පාලන නායකත්වයක් නොතිබූ බවට තමා දරන අදහස හා කොතෙක් දුරට සමීප වන්නේදැයි පරණවිතාන විසින් පෙන්වා දී තිබේ.
          පුරාතන ශී‍්‍ර ලංකාවේ රාජත්වය පිළිබඳ පරණවිතාන දක්වන අදහස්වල සමස්තය පිළිබඳ විමසීමේදී පැහැදිලිවන කරුණ වන්නේ මෙරට පාලන නායකත්වය වනාහි පිට ප‍්‍රදේශයකින් රැුගෙනවිත් ස්ථාපිත කරන ලද්දක් නොව මෙරටේම දේශීය ජනතාවගේ තෝරා ගැනීමෙන් වර්ධනය වූවක් බවය. පරණවිතානයන්ගේ මෙම අදහස් නිසා වංසකතා සාහිතයේ ඇති අත්භූතජනක කතාවල වලංගුභාවය බිඳ වැටෙන අතර පාලි හා සංස්කෘත මූලාශ‍්‍රයවල සඳහන් ‘‘ගාමණි’’ ‘‘ගාමිණී’’ නැතහොත් ‘‘ග‍්‍රාමණී’’ යන්න මෙන්ම ‘‘පාමොක්ඛ’’ යන්න විග‍්‍රහ කරමින් ඉදිරිපත් කළ අදහස් නිසා ලාංකේය දේශපාලන නායකත්වයේ ප‍්‍රභවයට ඉන්දීය බලපෑමක් ලබා තිබේද යන මතය පිළිබඳව තව දුරටත් සිතීමට ඉඩ සලස්වයි. මෙමගින් සාහිත්‍යය මූලාශ‍්‍ර‍්‍රවලට අමතරව පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර වැඩිපුර පරිශීලනය කොට තිබීම ද ඉතා වැදගත් වේ. පරණවිතානගේ මතය පසු කාලීන විද්වතුන් මෙම කේෂේත‍්‍රය කෙරෙහි අවධානය යොමු කිරීමටද සමත් වූවකි.
සී.ඩබ්.නිකලස් මහතාගේ මතය
          මෙතුමාද අභිලේඛන පර්යේෂණ මගින් පාලක විරුද පදනම් කරගෙන පාලන නායකත්වයේ ආරම්භය හා එහි පසුබිම පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීය. නිකලස්ද ශතවර්ෂ කිහිපයක් මුළුල්ලෙහි ලංකාවේ පාලකයන් විසින් භාවිත කරනු ලැබූ ‘‘ගමණි’’ විරුදය ගැන විශේෂ අවදානයක් යොමු කරමින්  පුරාතන ලාංකේය පාලකයන් එය භාවිතා කිරීම සහ ඉන්දියානු සාහිත්‍යය මූලාශ‍්‍රවල සඳහන් ‘‘ගමණිි’’ හෙවත් ‘‘ග‍්‍රාමණි’’ යන්න  භාවිත වී ඇති ආකාරය ගැන සංසන්දනාත්මක විග‍්‍රහයක් ඉදිරිපත් කරයි. ඔහු විසින් ඹබසඩැරිසඑහ දෙ ක්‍ැහකදබ ඍැඩසැඅ සඟරාවේ සත්වැනි කාණ්ඩයට ලියූ ‘‘ ඔයැ ඔසඑකැ දෙ ඔයැ ීසබය්කැිැ ණසබටි ්ි ඍැජදරාැා සබ ෂබිජරසචඑසදබ දෙ 3රා ජැබඒමරහ ්ගක්‍ ’’ ලිපියෙන් තම අදහස් පෙන්වා දෙයි.  ඔහුට අනුව ඉන්දීය ග‍්‍රාමණින්ගේ තත්ත්වය වෛදික හමුදා ප‍්‍රධානියෙකුගේ සිට මෞර්ය ගම්පතියෙකු දක්වා පිරිහුනේය යන්න සත්‍යයක් ලෙස සලකන්නේ නම් එම ක‍්‍රියාවලියේ බලපෑම ශ‍්‍රී ලංකාවට ඇති නොවූ හෙයින් එකම විශේෂයක් හැර වංසකතා හා අභිලේඛනවල දැක්වෙන ගමණිවරු ස්ථ_ර වශයෙන්ම රජවරුන් නොහොත් කුමාරවරුන් වූවා විය හැකි බව විශ්වාස කරයි.වෛදික යුගයේ ගොත‍්‍රයක් ‘‘ජන හෙවත් ‘‘ග‍්‍රාම’’නමින් හඳුන්වන ලද අතර එහි නායකයා ග‍්‍රාමණි ලෙසින් හඳුන්වන බව ඔහු සඳහන් කරයි.‘‘ගමණි’’ ‘‘දෙවනපිය’’ ‘‘මපරුමක’’ යනු පාලකයන් විසින් එ් එ් කාලයේ ගන්නා ලද විරුද බවද පෙන්වා දෙන ඔහු සාහිත්‍යය මූලාශ‍්‍ර ගැන නොසළකා ‘‘ගමණිවරු’’ යනු පුරාතන ශ‍්‍රී ලංකාවේ මුල්ම පාලකයෝ වූහයි  පිළිගෙන තිබේ. නමුත් ඉන්දීය සාහිත්‍යය මූලාශ‍්‍රවල සඳහන් තොරතුරු මතම පුරාතන ශී‍්‍ර ලංකාවේ ගමණිවරුන් පිළිබඳව අර්ථකථනය කිරීම කොතරම් සුදුසුද යන ගැටළුව ඇති වේ. ‘‘ගමණි’’ විරුදය පසු කාලීන පාලකයන් විසින් එක් විරුදයක් ලෙස භාවිතා කළද එ් මත සිට මුල් ‘‘ගමණිවරුන්ගේ ’’ තත්ත්වය නිගමනය කිරීමට දුෂ්කර බව විද්වතුන්ගේ මතයයි. නිකලස්  විසින් දක්වන මෙම අදහස් මගින් දේශීය නායකත්වයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළද ‘‘ගමණි’’ නායකත්වයක් දේශීය සමාජය තුළ ඇති වීමට මුල් වූ කරුණු පිළිබඳව දක්වා නොමැති වීමත් ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව අදහස් නොදැක්වීමත් බලවත් අඩුවක් බව ඇතමෙක් පෙන්වා දෙති.  නමුත් මෙම අදහස පුරාවිද්‍යාත්මක වශයෙන් මෙම සංකල්පය දෙස බැලීමට විද්වතුන්ගේ අවධානය යොමු කරවන අතර පරණවිතාන මහතා දක්වූ අදහස් තව දුරටත් ඉදිරියට ගෙන යාමක් බව පෙනී යයි.
ලක්ෂ්මන් එස්. පෙරේරා මහතාගේ මතය
                 අභිලේඛන ගත කරුණු පදනම් කර ගනිමින් පුරාතන ශී‍්‍ර ලංකාවේ රාජත්වයේ ප‍්‍රභවය පිලිබඳ අදහසක් ඉදිරිපත් කිරීමට මොහු උත්සහ කොට ඇත.මීට පූර්වයේ විද්වතුන් කිහිපදෙනෙකුම අවධානයට යොමු කළ ‘‘ගමණි’’ විරුදයම තම මතය ඉදිරිපත් කිරීමට උපයෝගී කොටගෙන තිබේ. ‘‘ගමණි’’ යනු ගම් ප‍්‍රධානියා ගමෙහි නායකයා යන අදහසක් ඇති වචනයක් බව ඔහු සඳහන් කරයි. පුරාතන ලංකාවේ පාලකයන් ‘‘රජ’’ ‘‘මහරජ’’ යන විරුද භාවිත කිරීමට මත්තෙන්‘‘ගමණි’’යන්න භාවිත කරන්නට ඇති බව පෙන්වා දෙයි. පුරාතන ඉන්දියාවෙහි මෙම විරුදය භාවිත කළ බවට සාක්ෂි නොමැති බව පෙන්වා දෙන ඔහු මුල් කාලයේදී ග‍්‍රාමීය නායකයන් සඳහා ‘‘ගමණි’’ යන්න භාවිත කළ අතර ඔහුගේ කාර්ය හා බලය වර්ධනය වී යාමත් සමඟම තත්ත්වය උසස් වූ මුත් ‘‘ගමණි’’ නාමය ඔවුන් අත නොහරින ලද බව පෙන්වා දෙයි. පාලන තත්වය ශ‍්‍රී ලංකාවෙහිම ඇති වූවක් ලෙස පෙරේරාද පිළි ගනී. මුල් අවධියේදී මිනිසුන් ජනාවාසකරණය වීමේදී ඔවුන්ගේ පසුබිමෙහි රජ පෙළපතක ඉතිහාසයක් නොවූ බවත් ඔවුන් විසින්ම පසුව නායකත්වයක් ඇති කර ගන්නා ලද බවත් එම අවස්ථාව පාලන නායකත්වයේ මුල් අවධිය බවත් ඔහු පෙන්වා දෙයි. ‘‘පරුමකවරුන්’’ ද සමාජ දේශපාලන ව්‍යුහය තුළ වැදගත් ස්ථානයක් ඉසිළු පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇත. ඔහු මෙම නිලය ආයතන ප‍්‍රධානියෙකු වශයෙන් විශ්වාස කරයි. පෙරේරාගේ මතය සමස්තයක් වශයෙන් සළකන කළ පාලන නායකත්වය ගැන මෙතෙක්   මත ඉදිරිපත් කළ විද්වතුන්ගේ මතවලට වඩා තර්කානුකූල බව පෙනී යයි. ඔහු විසින් ප‍්‍රාදේශීය පාලන නායකත්වයන් රැුසක් ක‍්‍රි:පූ 1ට පෙර පැවති බව පෙන්වා දෙන අතර වංශකතාවලින් පෙන්වා දෙන එ්කීය නායකත්වයක් පැවතීයේය යන අදහස එමගින් බිඳ හෙළයි. නමුත් ග‍්‍රාමීය නායකත්වයක් කුමන පරමාර්ථයක් මත ගොඩ නැගුවේද යන්න පිළිබඳව ඔහු පැහැදිලිව සඳහන් නොකරයි.ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ 1948 දී ලංකා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ‘‘ඔයැ ෂබිඑසඑමඑසදබි දෙ ්බජසැබඑ ක්‍ැහකදබ රෙදප ෂබිජරසචඑසදබි ’’නම් නිබන්ධනය තුළිනි.
තිලක් හෙට්ටිආරච්චි මහතාගේ මතය
             තිලක් හෙට්ටිආරච්චි විසින් ශ‍්‍රී ලංකාවේ රාජත්වයේ ප‍්‍රභවය සම්බන්ධයෙන් නව මතයක් ඉදිරිපත් කරයි. පූර්ව විද්වතුනට වඩා අභිලේඛන හා සාහිත්‍යය මූලාශ‍්‍ර සංසන්දනාත්මකව පරිශීලනය කරමින් උතුරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි සංක‍්‍රමණිකයන්ගේ කාලයට රාජත්වයේ ප‍්‍රභවය සම්බන්ධ කළ හැකි බව ඔහු දක්වයි. ‘‘ගමණි’’ හා ‘‘අභය’’ හෙවත් ‘‘අපය’’ යන විරුදවලට නව අර්ථකථනයක් දෙමින් ‘‘අභය’’ හා ‘‘ගමණි’’ යන විරුදයන් අතර සමානත්වයක් ඇත යන්න ඔහුගේ තර්කයයි. ‘‘ගමණි’’ හෙවත් ග‍්‍රාමණී යන්නට පාලි හා සංස්කෘත භාෂාවල දී ඇති යුද නායකයා යන අරුතට විශේෂ අවධානයක් යොමු කරමින් එකී අරුතින් ‘‘ගමණි’’ නායකත්වය ඔහු හඳුනා ගනී. ඒ සඳහා වංසකතා සාහිත්‍යයේ එන කථා පුවත්ද අදාළ කර ගනී.
              පුරාතන ශ‍්‍රී ලංකාවෙහි රාජත්වයේ ආරම්භය සඳහා යුද නායකත්වය මුල් වීය යන හෙට්ටිආරච්චිගේ මතය කොතෙක් දුරට සත්‍යයදැයි විමසිය යුතුය. ඔහු විසින් සඳහන් කරනුයේ ‘‘ගමණි’’නායකත්වය ගොඩ නැගෙනුයේ යුද නායකත්වයක් තුළින් බවත් එම නායකත්වයම පසුව දේශපාලන නායකත්වය දක්වා වර්ධනය වන බවත්ය.මෙකී අදහස තුළින් මතු වන්නේ ග‍්‍රාමයන් සඳහා ආරක්ෂාව ලබා දීම මුල් කර ගනිමින් නායකත්වයක් මෙරටේම බිහි වූ බවයි.ශ‍්‍රී ලංකාවේ පදිංචි වූ පිරිස් මුල් වැසියන්ගේ විරෝධතා වැළක්වීමටත් තමන් පදිංච් වූ ප‍්‍රදේශයේ යුද නායකත්වයක් යටතේ සංවිධානය වන්නට ඇති අතර එය රාජත්වය දක්වා වර්ධනය වු බවයි. නමුත් මෙම මතය තහවුරු කිරීමට යොදා ගන්නා අභිලේඛනවල සඳහන් විරුදවලට පාලි හා සංස්කාත භාෂාවල යුධ නායකයා යන්නට අමතරව වෙනත් තේරුම්ද ඇති බව පෙනේ. හෙට්ටිආරච්චි එම අර්ථයන් මොනවාදැයි සහ ඒවා ප‍්‍රතික්ෂේප කළ හැක්කේ කුමක් නිසාද යන්න පෙන්වා දෙන්නේ නැත. එසේම එම විරුද භාවිත කළ කාලය පිළිබඳවද හෙතෙම අඩු සැලකිල්ලක් දක්වා ඇත. එසේම රාජත්වයේ වර්ධනය හා පරිනාමීය රටාව තව දුරටත් විග‍්‍රහ කරමින් අදහස් දැක්වූයේ නම් ඔහුගේ අදහස් සාර්ථක වීමට ඉඩ තිබුණි. නමුත් ඔහුගේ අදහස් වඩාත් ප‍්‍රායෝගික බව පෙනේ.
 ආර්. එ්. එල්. එච් ගුණවර්ධන මහතාගේ මතය
                 පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජත්වයේ ප‍්‍රභවය පමණක් නොව එය බිහිවීමට බලපෑ සාධක හා එහි පරිණාමීය රටාව පිළිබඳවද අදහස් සමූහයක්  ආර්.එ්.එල්.එච් ගුණවර්ධනයන් විසින් දක්වා ඇත.  1971 ච්ිඑ ්බා ඡුරුිැබඑ සඟරාවට ලියන ලද ෂරරසට්එසදබ ්බා ්‍යහාර්මකසජ ීදජසැඑහ සබ ෑ්රකහ ඵැාසැඩ්ක ක්‍ැහකදබ ලිපියෙන්ද 1981 දී ඔයැ ීඑමාහ දෙ එයැ ීඒඑැ ග‍්‍රන්ථයට ලියන ලද ‘‘ඡුදකසඑසජ්ක ඡුදඇරථ ් ක්‍්ිැ ීඑමාහ දෙ ීඒඑැ ත්‍දරප්එසදබ සබ ්බ ෂරරසටජ්එසදබ ීදජසැඑහ”ලිපියෙන්ද ආදී වශයෙන්  ලිපි ලේඛන ගණනාවකින් ඔහු තම මතය ගෙනහැර දැක්වීමට උත්සහ කොට ඇත. ලොව අනෙකුත් රාජ්‍යයන් ඇසුරින් කරන ලද පර්යේෂණ නිගමන ද තම මතයන් තර්කානුකූලව ඉදිරිපත් කිරීමට උපයෝගී කර ගැනීම නිසා ගුණවර්ධනයන්ගේ මතය වඩාත් වැදගත් වේ. අභිලේඛන තොරතුරු මත දේශීය නායකත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් එවැනි නායකත්වයක් ඇති වීමට බලපෑ සාධක කවරේද   යන්න 1981 ඔදඒක ඡුදඇර දර ීයැ්රා චදඇර? ් ිඑමාහ දෙ  ්‍යහාර්මකසජ ීඒඑැ ්බා සඑි ඔර්බිදෙප්එසදබ සබ ීරස ඛ්බන් රෙදපැ එයැ එයසරා එද එයැ බසබඑය ජැබඑමරහ ්ගෘ  ලිපිය මගින් පෙන්වා දෙයි. භ‍්‍රාහ්මී ලේඛන සියුම්ව පරීක්ෂා කරන ඔහු ඒවායෙන් දේශපාලන හා සමාජීය ස්ථරගතවීමක් දකී.ගමණි පරුමක ගමික හා ගපති වැනි තනතුරුවලින් එම ශ්‍රේණිගතවීම පෙනෙන බව ඔහු දක්වයි. භික්ෂූන්ට පූජා කරන ලද ලෙන් බොහොමයක් එනම් 28% පමණ පරුමකවරුනට අයත්ව තිබීමෙන් ඔවුන්ගේ සමාජ තත්ත්වය හා ආර්ථ_ක තත්ත්වය නිර්ණය කළ හැකි යැයි ඔහු දක්වයි. පරුමකවරු එ් එ් වංශවල ප‍්‍රධානීන් විය හැකිය යන්න ගුණවර්ධනගේ මතයයි. ඔවුන් ගැන මෙසේ කරන සඳහන පුරාතන ශ‍්‍රී ලංකා සමාජයේ දේශපාලන නායකත්වය පිළිබඳ හැදෑරීමේදී වැදගත් බව පෙනී යයි. ගුණවර්ධනයන් 1982 දී පළ කළ ලිපිය මගින් ශිලා ලේඛන මත පදනම්ව ස්වාධීන පාලන ඒකක 29ක් හඳුනා ගනී. මෙම පාලන එ්කකවල නායකයන් ‘‘ගමණි’’ ‘‘අය’’ ‘‘රජ’’ වැනි විරුධයන්ගෙන් පෙනී සිටිති. එ් අනුව ‘‘ගමණි’’ හා ‘‘රජ’’ යන විරුද සමානත්වයක් දරන බව ඔහුගේ අදහසයි. 
                      ප‍්‍රාදේශීය නායකත්වයන් හා පාලන එ්කක ඇතිවීමට වාරි කටයුතු ,නිෂ්පාදනය හා නිෂ්පාදන විිනිමය හා සම්බන්ධ ස්වභාවික සම්පත්ද, යුද්ධ කාර්යන්ද බලපා ඇතයි ඔහු පෙන්වා දෙයි. මුල්ම නායකත්වය හැඳින්වීමට රජ යන වචනය පාවිච්චි කළද එම මුල් කාලීන පාලන එ්කකවල නායකත්වය රාජත්වයේ මුල් අවස්ථාවක් ලෙස හඳුන්වයි.ඔහුට අනුව මුල් රාජ්‍ය අවධිය ක‍්‍රි:පූ 2 - 3 දක්වා කාලය තුළ සනිටුහන් වෙයි. පුරාතන ශී‍්‍ර ලංකාව් රාජත්වය දේශීයව ඇති වූවක් බවත් එම නායකත්වය සෙමෙන් ආර්ථ_ක හා සමාජ අවශ්‍යයතා මත රාජත්වය දක්වා වර්ධනය වූ බවත් අභිලේඛන සාක්ෂි සියුම්ව සළකා බලමින් ගුණවර්ධන විසින් නිගමනය කර ඇත. සාහිත්‍යය මූලාශ‍්‍ර ගත පුරාවෘත්ත බැහැර කරන ඔහු නමුත් භාහිර සාධක මේ කෙරෙහි යම් බලපෑමක් කළ බව ඔහු පිළිගනී. පුරාතන ශී‍්‍ර ලංකාව් රාජත්වය පිළිබඳ ඉදිරිපත්ව අත් අනෙකුත් මතවාද පිළිබඳවද සැලකිල්ලට ගෙන පාලන නායකත්වයයේ ප‍්‍රභවය ගැන දක්වා ඇති ආකාරය අනෙකුත් මතවලට වඩා ප‍්‍රායෝගික බව පෙනේ.
එස්. කේ  සිත‍්‍රම්පලම් මහතාගේ මතය
        ‘‘පරුමක’’විරුදය පදනම් කරගෙන අදහස් දක්වා ඇත. ඔවුන්ගේ මූලාරම්භය හා කාර්යන් පිළිබඳව ඉන්දියානු සංගම් සාහිත්‍යයෙන් තොරතුරු හා ලාංකේය සෙල් ලිපි ඇසුරෙන් මුල් පාලන නායකත්වයක් ගැන අදහසක් මතු කිරීමට මොහු විසින් උත්සහ කොට ඇත. සංස්කෘත හා පාලි සාහිතයයේ ප‍්‍රමුඛ හෝ පාමොක්ඛ යන වචන අනුසාරයෙන් පරුමක යන්න ව්‍යවහාරයට පත්වූ බවට දක්වන අදහස් හෙතෙම බැහැර කරයි. සංගම් සාහිත්‍යයේ පරුමක යන්නට සමාන ?පයක් ලෙස පෙරුමකන් හෝ පරුමකන් යන්න යෙදී ඇති බව පෙන්වන සිත‍්‍රම්පලම් එම ලේඛන කි‍්‍ර:ව පළමුවැනි හා තෙවැනි සියවස් අතර රචනා වූවා යැයිද පෙන්වා දෙයි. ‘‘මාන් ’’ යන්න මක/මකන් යන රූපයට සමාන බවත් ‘‘මාන්’’ යනු ප‍්‍රදානීන් හැඳින්වීමට යොදන පදයක් ලෙස ඔහු සඳහන් කරයි.ඉන් ඔහු බලාපොරොත්තු වන්නේ ‘‘පරුමක’’ යන්න පාලන ප‍්‍රධානියෙකු හැඳින්වීමට යොදා ගත් වචනයක් ලෙස ඔප්පු කිරීමටය. ‘‘සිලප්පතිකාරම්’’ හා ‘‘මණිමෙකෙලෙ’’ යන ග‍්‍රන්ථවලද රජුට මෙම පෙරුමකන් යන වචනය යෙදේ යැයි පෙන්වන ඔහු ශී‍්‍ර ලංකාවටද එය එලෙසම වෙනසක් නොමැතිව පැමිණෙන්නට ඇතයි උපකල්පනය කරයි.එමෙන්ම මෙම විරුදය දමිළ හා ලංකා අභිලේඛනවල ස්ත‍්‍රී ලිංගාර්ථයේ ‘‘පරුමකලූ’’ ලෙස යෙදී ඇතැයි පෙන්වා දෙමින් ඔහු තම මතය පෙන්වා දීමට උත්සහ ගනී. අනෙකුත් මූලාශ‍්‍ර රැුසක් සමඟ පරුමක විරුදය සංසන්දනය කරමින් පුරාතන ලංකාවෙහි නායකත්වය පිළිබඳ දක්වන නව අදහසක් ඔහු සතුව වන බව පෙනෙයි. එහිදී ඇතැම් කරුණු ඉදිරිපත් කිරීමේදී එ්වා පදනම් විරහිත ප‍්‍රකාශ ලෙස දැක්වුවත් නායකත්වයේ ප‍්‍රභවයට දකුණු ඉන්දියානු සම්භවයක් ඇතැයි පෙන්වා දීම නව ප‍්‍රවේශයක් බව කිව හැකිය.
සුදර්ශන් සෙනෙවිරත්න මහතාගේ මතය
                    මෙතුමා විසින් ප‍්‍රාග් ඓතිහාසික යුගවල සිට පූර්ව රාජ්‍ය අවධිය දක්වා වංශ නායකයන් ලෙසින් ‘‘පරුමකවරුන්ගේ’’ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කර ඇත. කැණීම් මගින් සොයා ගන්නා ලද මෙගලතික යුගයට අයත් දකුණු ඉන්දීය හා ලාංකේය මැටි බඳුන් තුළින් හා ඒවායේ ඇති සංකේතවල සාම්‍යත්වයක් මත මෙම ප‍්‍රදේශයන් අතර මුල් අවධීන්වල සබඳතා පවතින්නට ඇතයි පෙන්වා දෙයි. ‘‘පරුමකවවරුන්ගේ’’ හා දමිළ සංගම් සාහිත්‍යයේ එන ‘‘පෙරුමකන්වරු’’ අතර සමානත්වයක් පවතින බව හෙතෙම පෙන්වා දෙයි. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දකුණු ඉන්දියාවේ දේශපාලන නායකත්වයක් හා අධිකාරීත්වයක් ඇති වන්නට ඇතයි අනුමාන කරන සෙනෙවිරත්න මහතා එම තත්ත්වය මුල්  යකඩ යුගයේම ලංකාවෙහි පූර්ව රාජ්‍ය ව්‍යුහයට බලපාන්නට ඇතැයි අනුමාන කරයි.ක‍්‍රි:පූ 6 - 7 කාලවල දකුණු ඉන්දියාවේ පූර්ව ඓතිහාසික යුගවල සිටම දේශපාලන හා ආර්ථ_ක වශයෙන් බලවත්ව සිටී ‘‘වේලිර්වරුන්ගේ ’’නායකත්වය යටතේ ‘‘පරුමකවරුන්’’ මෙරටට පැමිණෙන්නට ඇතයි එතුමා පවසයි.පරුමකවරුන්ට මුල් කාලයේ එළඹි නොයෙක් බලපෑම්වලින් මිදීමට සිය වර්ගයා අතර තත්ත්වය ආරක්ෂා කර ගැනීම අවශ්‍යය විය. එම නිසා ඔවුන් තමන්ගේ වංශ කණ්ඩායම් අතර අධිකාරීත්වයක් පිහිටුවාගෙන සීමිත ප‍්‍රදේශයක දේශපාලන බලයක්ද අත්පත් කරගෙන සිටී බව ඔහු සඳහන් කරයි. එම නිසාම ඔවුන් ‘‘රජ’’ ‘‘අය’’ වැනි විරුද දරන්නට ඇතිබව පවසි.
             ඔහුගේ අදහස් අනුව පෙනී යන්නේ මෙරට රාජත්වය උතුරු ඉන්දියානු බලපෑමකින් නොව දකුණු ඉන්දීය බලපෑමකින් එය සිදුවූ බවත් පාලන කේෂේත‍්‍රයේ මුල් අවස්ථාව පරුමකවරුන් වූ බවත්ය.නමුත් ඔහු පෙරුමකන් හා පරුමක යන පද අතර සමානත්වයක් ගොඩ නැගීමට යොදා ගන්නා සාක්ෂිවල කාලය පිළිබඳව සැළකිලිමත් නොවී ඇති බවත් මැටි බඳුන් ංකේත පිළබඳව මතුපිටින් බලා පමණක් කරුණු ගෙනහැර දක්වා ඇතයිද විද්වතුන් පෙන්වා දෙයි. නමුත් පුරාවිද්‍යාත්මක සාධක කෙතරම් දුරට මෙම කේෂේත‍්‍රය පිළිබඳ හැදෑරීමේදී අදාළ කර ගත හැකිද යන්න පිළිබඳ දැක්වීමට සෙනෙවිරත්නගේ මතය වැදගත් බව පැහැදිලිය.
ඉන්ද්‍රකීර්ති සිරිවීර මහතාගේ මතය
              පුරාතන ශ‍්‍රී ලංකාෙවි රාජත්වය හා එහි ප‍්‍රභවය පිළිබඳව මත පළ  කළ ශාස්ත‍්‍රඳයන් අතරින් සිරිවීර මහතාද වැදගත්ය. එතුමාගේ රජරට ශිෂ්ටාචාරය හා නිරිතතදිග රාජධානි  නම් ග‍්‍රන්ථයේ මෙම අදහස් දක්වා ඇත . ඔහුට අනුව දැනට පවතින වංශකථා සියල්ලම පාහේ එක්සත් රාජධානියක් බිහි වීමෙන් පසුව ඇති වූ ඒවාය. එම එක්සත් රාජ්‍ය සංස්කෘතික ඒකකයක් වූ හෙයින් විජයගේ සිටම එක් රාජ්‍ය පාලකයෙකු යටතේ රාජ්‍ය පාලනය තිබූ බව ඒවායෙන් පිළිගත්තද එම වංශකථාගත තොරතුරුම ප‍්‍රවේශමෙන් හැදෑරීමේදී මෙන්ම අභිලේඛන සාධකද පරීක්ෂා කිරීමේදී ශී‍්‍ර ලංකා රාජ්‍යයේ ප‍්‍රාරම්භක අවධිය පිළිබඳව ලැබෙනුයේ වෙනස්ම චිත‍්‍රයක් බව ඔහු පවසයි. එනම් ඔහුට අනුව පණ්ඩුකාභය ජනප‍්‍රවාදයේම පණ්ඩුකාභය කුමරු මාමාවරුන් පරදවා අනුරාධපුර රාජ්‍ය තහවුරු කර ගැනීමේ සිද්ධියෙන් අනුරාධපුරයේ බලය ලබා ගත් පාලකයෙකු මහවැලි ගෙඟන් දකුණු ප‍්‍රදේශ කිහිපයක ආධිපත්‍යය තහවුරු කර ගැනීමක් පිළිඹිඹු වෙයි යැයි සැළකිය හැකි බවත් දේවානම්පියතිස්ස අවධියේද දිවයිනේ වෙනත් ස්වාධීන දේශපාලන එ්කක  කිහිපයක නායකත්වයක් පැවති බව මහා වංශයේම දැක්වෙන බව ඔහු පෙන්වා දෙයි.එනම් බෝධි රෝපණ උත්සවයට රුහුණේ කතරගම හා චන්දනගාම  ප‍්‍රදේශවල ක්ෂත‍්‍රීයන් පැමිණීමේ පුවත පෙන්වා දීමෙනි. එසේම දුට්ඨගාමිණී යුගයේදි කැළණියේ ස්වාධීන නායකත්වයක් තිබීමත් ඔහු රට එක්සේසත් කිරීමට එළාර හා සටන් කිරීමට මත්තෙන් දෙතිස් රජුන් පරදවා ජය ලැබූ බවත් දක්වන මහාවංශ කථා පුවතද මේ සඳහා උදාහරණ බව දක්වන සිරිවීර මහතා අභිලේඛන සාධක තුළින්ද මේ බව පසක් වන බව ආර්. එ් . එල්.එච් ගුණවර්ධන මහතාගේ පෙන්වා දෙන ලද දේශපාලන ඒකක තුළින් අනුමත කරයි. ඔහුට අනුවද  දිවයිනේ විවිධ ප‍්‍රදේශයන්හි ඇතැම් විට ‘‘රජ ’’නමින්ම හැඳින්වූ ප‍්‍රභූන් විසින් පාලනය කරන ලද පාලන එ්කක සමූහයක් වූ බවත් ශ‍්‍රී ලංකාවේ රාජත්වයේ ප‍්‍රාරම්භක අවධිය ඉක්මවීමෙන් පසු මල්වතු ඔය නිම්නය ආශ‍්‍රිතව වගා කළ හැකි විශාල ඉඩම් ප‍්‍රමාණයක් හසුරුවන ලද අනුරාධපුර රාජධානියේ නායකයන්ගේ බලය රට පුරා ව්‍යාප්ත වීමෙන් එක්සත් රාජ්‍ය නායකත්වක් බිහි වූ ඔහු දක්වයි. සාහිත්‍යය මූලාශ‍්‍ර හා පුරාවිද්‍යා මූලාශ‍්‍ර ඇසුරින් ඔහු දක්වන මතය වඩා තර්කානුකූල සහ ප‍්‍රායෝගික වුවද එහි නව ප‍්‍රවේශයක් අඩංගු නොවන බවක් පෙනේ.
හඟුරන්කෙත ධීරානන්ද හිමියන්ගේ මතය
              පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජත්වය හා එහි ප‍්‍රභවය පිළිබඳ කතිකාවතෙහිදී ධීරානන්ද හිමියන්ගේ අදහස්ද මෙම සංකල්පය වර්ධනයට හේතු වී ඇත. උන්වහන්සේ විසින් රචනා කරන ලද පුරාතන ශ‍්‍රී ලංකාෙවි රාජත්වය, රාජ්‍ය සහ ආගම  නම් ග‍්‍රන්ථය ඇතුළු ලිපිලේඛන සමූහයකින් මේ පිළිබඳ අදහස් ගෙනහැර දක්වයි.  අභිලේඛන සාධක මගින් සොයා ගන්නා වූ  දත්ත සාහිත්‍යය මූලාශ‍්‍ර සමඟ සංසන්දනය මගින් පුරාතන ශී‍්‍ර ලංකාවේ රාජත්වය පිළිබඳ කරුණු සමූහයක් අනාවරණය කොටගෙන ඇත. උන්වහන්සේ විසින් පාලන සංවිධානයේ හා පාලන නායකත්වයේ පැහැදිලිව ඉස්මතුවන  අවස්ථා දෙකක් හඳුනා ගනී. එනම් රාජ්‍යන් බිහි වීමට පෙර අවධිය හා පසු අවධිය වශයෙනි. රාජ්‍යයක් නා්‍යාත්මක වශයෙන් බිහි වූ දුට්ඨගාමිණී අවධියෙන් පෙර කාලය මෙම පූර්ව රාජ්‍ය අවධිය ලෙස පෙන්වා දෙයි. අභිලේඛන සාක්ෂි මත එම යුගයේ නායකත්වයක් පවතින ප‍්‍රාදේශිය මට්ටමෙන් ස්ථාන ගත වූ පාලන ඒකක පැවති බව හා එහි සිට එක්සත් රාජ්‍යක් දක්වා ශ‍්‍රී ලාංකීය පාලන නායකත්වය වර්ධනය වූ බව උන්වහන්සේ පෙන්වා දෙයි.
                   ‘‘ රජ’’ ‘‘මහරජ’’  ‘‘ගමණි’’ ‘‘අය’’ ‘‘අබි’’ නම්වලින් එම පාලකයන් හඳුනාගත හැකි බවත් මෙම විරුද පදනම් කර ගනිමින් පුරාතන ලංකාවේ රාජත්වයේ ප‍්‍රභවය ගැන නව ප‍්‍රවේශයක් වෙත එළඹිය හැකි බව හිමියන්ගේ මතයයි.  ස්වාධීන පාලන ඒකක 30ක් ඇතයි පෙන්වා දෙන අතර ඒවා අතර පවතින පාලක ඥාතීත්වයන්ද වඩාත් පුළුල් ලෙස දක්වමින් ඔවුන් භාවිත කළ විරුද තව දුරටත් විවරණය කිරීම වැදගත්ය. මේ අනුව බඹරගල, ගෝණවත්ත, ඇඹුල්අෙඹි, පිදුරාගල, යටහලෙන, ලෙනගල, සිතුල් පවුව, බොවත්තේගල, කොට්ටදැමූහෙළ, කුසලාන කන්ද, මොට්ටයක්කල්ලූ, ඔලංගල, පෙරියපුලියන්කුලම ,නාච්චියාර්මලේ , ආදී ස්වාධීන පාලන ඒකක සමුහයක් මගින් හෙළිවන දේශපාලන නායකත්වයන්  සහ සමාජ තතත්වයන් උන්වහන්සේ විසින් හඳුනා ගැනේ. රාජත්වය ගැන මුල් අවධියේ කථා කළ නොහැකි අතර පරුමක ගමණි විරුදයන් දැරූවන් එයට පදනම සකස්  කළ බවත් ‘‘ගමණිවරුන්ද’’ ‘‘ගමණි’’ ‘‘ගපති’’ ‘‘බත’’ වැනි විරුදයන්ගෙන් පෙනී සිටී පුද්ගලයන්ද ඊට සහයෝගය ලබා දෙන්නට ඇතයිද පෙන්වා දෙයි. අනුරාධපුරය මුල් යුගයේ සිටම දේශපාලන නායකත්වය නොදැරූ අතර එය තවත් එක් පාලන කොට්ඨාසයක් වී පසුව දියුණු වු බවද උන්වහන්සේ සිතයි. අභිලේඛන පැතිරීම අනුව එම පාලන එ්කක පිහිටුවා ගැනීමට අදාළ සාධක මොනවාද යන්නත් ඒ සඳහා කෘෂිකර්මය හා තත්කාලීන වාණිජ ක්ෂේත‍්‍රයේ වැදගත්වූ භෞතික සම්පත්වල පැතිරම ද සුවිශේෂ දායකත්වයක් කර ඇති බව පැහැදිලි කරයි. පසුව ක‍්‍රි :පූ දෙවැනි සියවසින් පසුව එක්සත් රාජ්‍යක් බිහි වීමට අවශ්‍යය පසුබිම මෙම පූර්ව රාජ්‍ය අවධීන්හි විකාශනයත් සමඟ ඇති වන්නට ඇතයි උන්වහන්සේගේ අදහස් තුළින් වටහා ගත හැකිය.
                   රාජත්වයෙ ප‍්‍රභවය පිළිබඳ ඉදිරිපත්ව ඇති අනෙකුත් මතවාද ද විග‍්‍රහාත්මකව විමසා බලන ධීරානන්ද හිමි ඒවායේ අඩුපාඩු හඳුනාගෙන වඩාත්   තර්කානුතූල පදනමකත් අභිලේඛනවලින් හෙළිවන තොරතුරු මතත් සිට තම මතය ගොඩනගා ඇත. එපමණක් නොව තමන් භාවිත කරන   මූලාශ‍්‍රවල කාලනිර්ණය පිළිබඳ මනා දැනුමකින් යුතුව තොරතුරු ඉදිරිපත් කිරීම සිදු කොට ඇත.තවද ශ‍්‍රී ලංකාවේ රාජත්වයේ පරිනාමීය තත්ත්වයක් ඇත යන්න උන්වහන්සේගේ නිගමනය වෙයි. එම නිසා උන්වහන්සේගේ මතය අනෙකුත් මතවාද සමඟ සංසන්දනයේදී වඩාත් කැපී පෙනෙන බව පැහැදිලිය.
මෙම මතවල ප‍්‍රභලතා සහ දුබලතා
                  19 - 20 සියවස්වල සිටම ශ‍්‍රී ලාංකිය ඉතිහාසය නිර්වචනය කිරීමේදී විද්වතුන් බොහෝ දෙනෙකු උපයෝගී කොට ගත්තේ සාහිත්‍යය ගත මූලාශ‍්‍ර්‍යයන්ය. නමුත් පසු කාලීන නූතන වියතුන් සියලූ දෙනාම පාහේ එයට වඩා වෙනස් ගමන් මගක් අනුගමනය කරමින් පුරාවිද්‍යා මූලාශ‍්‍රද සමඟ සාහිත්‍යය මූලාශ‍්‍ර සංසන්දනාත්මකව විග‍්‍රහ කරමින් ඉතිහාසය දැකීමට උත්සහ කරයි. පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජත්වයේ ප‍්‍රභවය පිළිබඳ ඉදිරිපත්ව ඇති මත පිළිබඳව සැළකීමේදීද මෙම තත්ත්වය දක්නට ලැෙබි. මෙසේ රාජත්වය පිළිබඳව ඉදිරිපත් වී ඇති සමස්ත මතවාද කොටස් තුනකට බෙදිය හැකිය.
පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජත්වයේ ප‍්‍රභවය
                   01. දේශීයව බිහි වූවක් බව පවසන මතවාද (සෙනෙරත් පරණවිතාන, ලක්ෂ්මන් එස්. පෙරේරා, ආර්. එ් . එල්.එච් ගුණවර්ධන, හඟුරන්කෙත ධීරානන්ද හිමි, ඉන්ද්‍රකීර්ති සිරිවීර*
                   02.ඉන්දීය සම්භවයකින් බිහිවූවක් බව පවසන මතවාද  (පී.ගෝල්ඞ්මිෂ්ඞ්ට්, එස්. කේ  සිත‍්‍රම්පලම්, සුදර්ශන් සෙනවිරත්න, එව්.සී.පී බෙල්,*
                   03.යුධ නායකත්වයකින් රාජත්වය ආරම්භ වී යැයි පවසන මතවාද (තිලක් හෙට්ටිආරච්චි, සී.ඩබ්.නිකලස්*
                  මෙම මත සියල්ලම සමස්තයක් කොට සැළකීමේදී ඒවායේ එක්තරා පොදු බවක් ද ගැබ්ව ඇතයි සිතේ. එනම් ඔවුන් සියලූ දෙනාම වංසකතා සාහිත්‍යයට වඩා පුරාවිද්‍යාත්මක සාධක කෙරෙහි වැඩි නැඹුරුවකින් අදහස් ඉදිරිපත් කොට ඇත. එසේම තම මතයන් සනාථ කිරීමට වංස කථා සාහිත්‍යය ඍජුව උපයෝගී කොට නොගත්තද ඒවා බැහැර නොකරයි. පාලන නායකත්වයේ ආරම්භයේදී එය  මුල් කාලීනව දේශීය/විදේශීයව/යුධ නායකත්වයක් මගින්  ආරම්භ වූවක් ලෙස ඔවුන් දකී. එසේ වුවද එහි වර්ධනයේදී මෙකී සමස්ත සාධකයන්හි අඩු වැඩි වශයෙන් බලපෑමක් ඇති වු බව පිළිගනී. තවද එය ක‍්‍රමික වර්ධනයක් ඇතිව සිදුවුවක් බවත් පිළිගනී.ඔවුන් සියලූ දෙනාම විරුද නාම පදනම් කර ගනිමින් රාජත්වයේ විකාශනය පිළිබඳව දැක්වීමට උත්සහ ගනී. එහිදී ‘‘පරුමක’’ විරුදයට සුවිශේෂත්වයක් හිමිව ඇත.
               අභිලේඛන ගත පාලක හා පුද්ගල විරුද නාම, විද්වතුන් විසින් දැක්වූ මත තුළින් විවිධ නිගමනයන්වලට එළඹ ඇතිමුත් ඔවුන් බොහෝ අවස්ථාවල කාලනිර්ණය පිළිබඳව දක්වා ඇත්තේ අඩු සැළකිල්ලකි. මේ නිසා පාලක විරුදවල වලංගුභාවයේ හා කාලීන වැදගත්කමේ අඩු වැඩි වීමක් ඇතැයි යන්න  පිළිබඳව සැළකීම සීමිත වීතිබේ. මේ නිසා බොහෝ දුරට වැරදි අදහස් හෝ ආකල්ප ඇති වීම නොවැළක්විය හැකිය. එමෙන්ම පාලක ප‍්‍රධානීන් හා රාජත්වය යන අවස්ථාවන්හි ඇති වෙනස් තත්ත්වය හා කාර්යයන් පිළිබඳව සියුම්ව අධ්‍යයනය කළ යුතු අතර මෙම පර්යේෂණවල එම තත්ත්වය දක්නට ලැබෙන්නේ අඩුවෙන් බව පෙනේ. තමන් ඉදිරිපත් කරන ලබන සාහිත්‍යය හා පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර තුළින් කරුණු ගෙනහැර පෑමේදී පක්ෂපාතීත්වයකින් තොරව නිගමන ඉදිරිපත්කිරීමද ඉතා වැදගත් වෙයි.
                 කෙසේ වෙතත්  නුතනයේ ඉතිහාසය වඩාත් නිවරදි ලෙස ගොඩ නැගීමට පුරාතන ශ‍්‍රී ලංකාවෙහි රාජත්වයේ ප‍්‍රභවය පිළිබඳ විමසීමේදී ඉහත පර්යේෂකයන් විසින් දෙනු ලැබූ දායකත්වය අතිමහත්ය.එම දත්ත හා අදහස් තුළින් මතුවන පරම්පරාවකට නව අදහසක් ගොඩ නැගීමට පෙරමං විවර කළ  තවත් එක් රසවත් කේෂේත‍්‍රයක් ලෙස මෙය තවදුරටත් පවතින බව නිගමනය කළ හැකිය.





මගේ අම්මා



              

                           අනාරාධිත දිනෙක මොහොතක
                           නුෙඹී කුසයේ අරක් ගත්තද
                           කිසිත් නොකියා දයා ගුණයෙන්
                           මෙමා පිළිගත් මගේ අම්මා.......

                           සීත උණුසුම රැුයේ දහවල
                           කෑ නොකෑ හැමදේම සිතු නුඹ
                           මවෙත දුක් නම් නොදී ඉන්නට
                           මහත් වෙහෙසුණු මගේ අම්මා.......

                           මිනිස් දුවකට ජීවිතය තුළ
                           විඳිය හැකි දරුණුතම දුක විඳ
                           මෙමා මෙලවට බිහි කරන්නට
                           ඇගේ දිවි දුන් මගේ අම්මා.......

                           මගේ හැඩුමෙන් ප‍්‍රකම්පිත ගත
                           රක්ත රැුධිරය ශ්වේතමය වී
                           නුෙඹී උණුහුම සමඟ මුසු කොට
                           මගේ කුසගිනි නිවූ අම්මා.......

                           ඔවා දී හැම විටම සෙනෙහෙන්
                           ජය ලැබූ කළ කඳුළු සලමින්
                           දිවි මගේ දිගු දුරක් යන්නට
                           විවරණය දුන් මගේ අම්මා.......