Monday, December 1, 2014

සේකර



                                          මහගම සේකර(1929–1976) අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවකු, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහචිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතල විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය. එසේ ම හෙතෙම චිත‍්‍ර ශිල්පියෙක් ද වූයේ ය. ආචාර්ය කේ. ජයතිලක පසුකලෙක දක්වා ඇති ආකාරයට සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත‍්‍ර කලාවට ය. [1] කවර අවස්ථාවක වුව ද ඔහු අතට අඟුරු කෑල්ලක්, පැන්සලක්, පෑනක්, හුණු කැටයක් හසු වූ විට ඔහු කළේ ළඟ තිබුණේ කඩදාසියක් ද, බිත්තියක් ද, එසේත් නැත්නම් වෙනත් උපකරණයක් ද යන විශේෂය නොබලා එහි චිත‍්‍ර ඇදීම බව ඔහු එහි දී තවදුරටත් දක්වා තිබිණි.
මහගමසේකර උපන්නේ රදාවානේ ය. ඒ 1929 අප්‍රියෙල් මස 7 වැනිදා ය. (උප්පැන්න සහතිකයේ ඔහුගේ නම සඳහන් වන්නේ නිකම්ම නිකම් ‘සේකර’ කියා ය) කලාකරුවකු වීමට ඔහුට මූලික වශයෙන් ම බලපෑවේ ඔහු ගේ පියා විය යුතු ය.
හේ මහගම ගේ ජෝන් සිංඤෝනම් වූයේ ය. පියා සැරැසිලි චිත‍්‍ර සම්බන්ධයෙන් ගම් ප‍්‍රදේශයේ ඉතා ප‍්‍රකට පුද්ගලයකු වූ බව පැවැසේ. සේකර සිය ‘ප‍්‍රබුද්ධ’ කාව්‍ය සංග‍්‍රහය පිළිගන්වමින් පියා ගැන මෙසේ ලියා ඇත.

'විසල් සුදු ඩිමයි කඩදාසි මත'
'තබා මහ කවකටුව දිග රූල'
'ඇඳ නෙක මෝස්තර මල් හා කොළ'
'කපා කැටයම් ඉඳු බොකුටු නියනින්'
'විශ්වයෙහි රටාවම කලාවට නඟන හැටි'
'කුඩා කල සිටම මට කියාදුන් තාත්තට'

 මහගම සේකර ලියූ ‘තුංමං හංදිය’ නවකතාවේ එන සිරිසේන ගේ චරිතය එක් අතකට මහගම සේකර ගේ ම චරිතයට බෙහෙවින් සමාන ය. සිරිසේන තම ජීවිතයේ තීරණාත්මක වූ තුං මං හංදිය වෙත පිවිසෙයි. එහි දී පාරවල් තුන තුන් අතකට විහි දී යයි
1966 සරසවි චිත්‍රපටි සම්මාන උළෙල ‍හොඳම ගීත පද රචක සම්මානය - "සාර විට" චිත්‍රපටිය වෙනුවෙන් "මේ සිංහල අපගෙ රටයි" ගීතය
1968 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල ‍හොඳම ගීත පද රචක සම්මානය - "සත් සමුදුර" චිත්‍රපටිය වෙනුවෙන් "සිනිඳු සුදු මුදු තලාවේ" ගීතය
1970 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල ‍හොඳම ගීත පද රචක සම්මානය - "බිනරමලී" චිත්‍රපටිය වෙනුවෙන් "රටකින් රටකට පාර අසාගෙන" ගීත1972 රජයේ ලලිත කලායතනයේ විදුහල්පති ධූරයට පත් සේකර 1973 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපන අංශයේ අධ්‍යාපන නිලධාරි තනතුර ද හෙබැවූයේ ය. 1976 ජනවාරි මස 14 වන දින මේ අද්විතීය කලාකරුවාණෝ අභාව නියාමයට නතු වූහ.
මේ ලිපිය අවසන් කළ යුතු වන්නේ විද්වතකු විසින් ඉදිරිපත් කරන ලද ඉතා වැදගත් අදහසක් කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීමෙනි. මහගම සේකර ගේ ප‍්‍රබුද්ධ’ කාව්‍ය සංග‍්‍රහයට පෙරවදනක් ලියන මහාචාර්ය ජෝතිය ධීරසේකර (දැන් මහාචාර්ය ධම්ම විහාරී නාහිමි) මෙසේ කියා ඇත.
‘මහගමසේකර ප‍්‍රබුද්ධ ඇසුරෙන් හෙළි කරන අදහස්වලට සරිලන, ඒවා උද්දීපනය කිරීමට ප‍්‍රමාණවත් චිත‍්‍ර කලා සම්ප‍්‍රදායයක් සහ මූර්ති කලා සම්ප‍්‍රදායයක් නොපමාව අප අතර බිහි කිරීම අත්‍යවශ්‍ය ය.”
ඒ අදහස ප‍්‍රකාශනයට පත් වූයේ 1977 දී ය. එතෙක් මෙතෙක් ගෙවුණු කාල පරිච්ඡේදයේ දී එකී කාර්ය භාරය ඉටු කිරීමට සමත් චිත‍්‍ර හෝ මූර්ති ශිල්පියකු අපේ රටින් බිහි වී ඇද්ද? එසේ නොවන්නේ නම් එබඳු සම්ප‍්‍රදායයක් ඇති කිරීමේ භාර දූර වගකීම වර්තමාන චිත‍්‍ර හා මූර්ති කලා ශිල්පීන්ට භාරවනු ඇති බව කියනු කැමැත්තෙමි.
ස්ටේසම වෙත යනවිට
දෙගොඩහරිය පසුවෙලාය.

‘අනාගතයෙහි දිනක බුදු වන
මහා පුරුෂය !
අත දමා කුණු බාල්දියකට
අවුස්සා කරදාසි පොලිතින් හා කෙසෙල් කොල
කුමක්දෝ ඔබ සොයන සත්යය’

‘සොයන්නෙමි මම බත් උළක්
පාන් පෙත්තක්, මාළු කටුවක්
අනාගතයෙහි දිනක බුදු වන
මහා පුරිසානන් රකින්නට’

කොවුලෙකු අඬනු ඇසුයෙන්
ඒ දෙස බැළුවෙමි මම්;
කිමෙක්ද මා දුටුවේ?
අලුයම් අහසෙහි පරවුන සඳ පමණය’

No comments:

Post a Comment