Monday, July 3, 2017

අාදරෙයි මං අාදරෙයි....

සවන වැටෙනා
සොදුරු වදනක
මිහිරි සුව විදිමින්...

සතුට ගෙනෙනා
ගතක උනුසුම
සුරතල්ය සැබැවින්...

නුබ තරම් මනරම්
ලෙසින් ගැයෙනා..
මිහිරි තනුවක්
කිසි දිනක නොදුටිම්...

Monday, May 15, 2017

උපුටා ගැනිමකි...

නිහඬ නිසසල බූරු ඇඳට
අප්පච්චී මහ බරක් නොවුනාට
රෑ එලිවෙන තුරා හූල්ලන හඬ
ඇහෙන නෑහෙන ගාණට
දරා උන්නීය
කිරිහාමි නම් බැළලිය
පුරු පුරුවෙන්ම උන්ඩිව

මහ රෑ ඇහැරෙන බැළලිය
එහෙ මෙහෙ පනිනා හඬ
මේකත් ඔට්ටු සෙල්ලමක් නොවැ
අප්පච්චීගේ යටි පතුල් හූරන
"මොකෑ බොල නරියෝ"
කනප්පුවේ කුප්පි එලියෙන් දිටිමි
හූනන් සැරිසරන බව
යටි පතුල් වල පිපුරුම් තුල
බැළලිය පන්නන

දොඹ ගහේ එල්ලූ ටකයේ නදට
නිශාචර මා වවුල් රැල කැලඹී
එල්ල කලේ මල්ටි බැරල් රොකට් ලෝන්චර
තැන තැන එබුන ටකරන් වහලට
අප්පච්චීගේ ලෝ පෙෂර් එකනම්
වැඩි වෙන්නැති අඩු තරමේ
අසූවෙන් එකසිය තිහට
හෙට ඉඳන් හිරිකඩට තෙමෙමු
වෙල්කම් වෙල්කම් පීනස

ශ්වේත පැහැ බිත්තිවලත්
සුදු පාට තියෙන්නැති අනූ ගණන්වල
තැන තැන තාම ඇතුවාට නටබුන්ව
අප්පච්චී හවස අලුත් කල පින්තාරුව
එක කිවිසුමට වර්ග අඩියක් රතු වෙන්න
ඒ තැන තැන කෝඳුරු විමාන
බුලත් විඩට නාව
කාසෙට ගැලවෙන පපු කෑලි වල වහන

අප්පච්චී නිහඬ නිසසල වූ දොහට
උලමු මල්ලියේ පිලර් කෝඩ් හතර පහ එකට
මැකෙන්නත් එක්ක මතක
අපි හිරිවැට්ටුව
උඹ නොදන්න එකම දේ අර අතන
කෝඳුරුවෝ වහන එනමුදු යටගිය
උඹ පොඩියි ඒ දවස්වල
අද එතන බුලත් කෙළ තිබ්බාට
පින්තාරුව පටන් ගත්තේ ලේ කඳක
අම්මාගේ බෙල්ලට ගහපු
පොරවෙන් විසි උන
මමත් පොඩියි බන් එතකොට......

"අයියේ අම්මා එතකොට....."

'අන්න අර නොට්ටිගේ පුතා විසඳුව.......'

Thursday, April 27, 2017

අාදරය කියන්නේ...

ආදරය කියන්නේ ,

දෙන්නා මුණගැහුන වෙලාවක ෆෝන් දෙක මාරු කරගෙන පරණ අලුත් sms අස්සේ තමන්ට නොකියපු රහස් තියනවද කියලා හොයන එකට නෙවෙයි.
ඒත්. ඒ ෆෝන් දෙකම පැත්තකින් තියලා ඇස් වලින් හුවමාරු කරගන්න හැඟීම් වල ආදරය තියනවා.

ආදරය කියන්නේ මුණ ගැහිලා වෙන්වෙන වෙලාවක, මට ඔයාව දාලා යන්න බෑ කියලා බොරුවට කියනවම නෙවෙයි.
ඒත්. සමුගන්න කලින් පපුවට තුරුල් කරන් නලලට දෙන හාදුවක ආදරේ තියනවා.

ආදරය කියන්නේ එක් පාර්ශවයක් කලබලකාරි දවසකට මුහුණ දෙද්දී, ආයේ කතා කරනකම් එවපු sms ගාණ, මිස්වුන calls ගණන කට පාඩම් කරන එක නෙවෙයි.
ඒත් , කාර්‍යබහුලම මහන්සිම මොහොතක ලෝකේ තියන හොඳම energy drink එකට බැරි තරම් ජවයක් දෙන්න, පුංචිම ආදරණීය වචන ටිකකට පුලුවන්.

ආදරේ කියන්නේ මීට දවසකට,මාසයකට, අවුරුද්දකට, කලින් වුන වැරදි කියවගෙන ආයෙ ආයේ රණ්ඩු හදාගන්නවට නෙවෙයි.
ඒත්, පරිපූර්ණ බව නොදැන ඒ වෙන වැරදි වලට සමාව ඉල්ලන, සමාව දෙන සුන්දර හිත් වල ආදරය තියනවා.

ආදරය කියන්නේ දෙන්නගේ ෆේස්බුක් පාස්වර්ඩ් මාරු කරගෙන, එහෙම නැත්නම් දෙන්නම එකම ෆේස්බුක් එකක් හදාගෙන එකිනෙකාගේ පෞද්ගලික ජීවිතයේ සීමාව පුංචි කොටුවකට රාමු කරගන්න එකට නෙවෙයි, ඒත් විශ්වාසය සහ විශ්වාසය නඩත්තු කිරීම ඇතුලේ අප්‍රමාණ ආදරයක් තියෙනවා.

ආදරය කියන්නේ සල්ලි බර ගානක් දීලා ලොකු ලොකු තෑගි ගෙනත් දෙනවට නෙවෙයි. ඒත් ආදරේ කරන කෙනා වෙනුවෙන් ලියන කවියක, ගෙනත් දෙන රෝස මලක සුන්දර ආදරයක් තියෙනවා.

ආදරේ කියන්නෙ viber , messenger,whatsapp වල එවන හුරු බුහුටි ස්ටිකර්ම නෙවෙයි, අජීවී ක්‍රම වල වගේම සජීවී හැඟීම් වලදිත් හදවතින් හදවතට හුවමාරුවන හැඟීම් වල ආදරය තියනවා.

ආදරය කියන්නේ
අම්මයි තාත්තයි හරි වැඩිහිටියෙක් හරි වචනයක් කියපු ගමන්, දෙන්නත් එක්ක ගිහින් මුහුදට පනින එකට නෙවෙයි , ඒත් ආදරය ලඟද ලෝකයක අවලාද, අපවාද අහගෙන ශක්තිමත්ව ඉන්න තරම් ධෛර්යය තියෙනවා.

ආදරය කියන්නේ, කාමර ගානේ හැංඟි හැංඟි ආතල් ගන්නවට නෙවෙයි, ඒත්, ආදරය ඇතුලේ සරාගී සිතුවිලි තියෙනවා, හික්මීමත් එක්කම.

ආදරය කියන්නේ, ආදරවන්තියට / ආදරවන්තයාට වෙන යාලුවෝ යෙහෙළියො ඉන්නවනම් ඒකට ඉරිසියාවේ මැරෙන එකට නෙවෙයි. ඒත්, ආදරය ඇතුලෙත් යාළුකම්වලට සුන්දර ඉඩක් තියෙනවා.

ආදරය කියන්නේ, පෙම්වතාට පෙම්වතියගෙන් ඔයාට මමද වටින්නේ පවුලේ අයද? යාලුවොද? වගේ මෝඩ ප්‍රශ්න අහනවට නෙවෙයි. ඒත්.ආදරය, ජීවිතයේ අනෙක් හැම බැඳීමකටම තවත් වටිනාකම එක් කරනවා.

ආදරය කියන්නෙ, තව කොල්ලෙක්/ කෙල්ලෙක් දිහා බැලුවොත් ඒකට ඔරවගෙන රවාගෙන ලේ ටික පුච්චගන්න එකට නෙවෙයි, ඒත්, ආදරය ඇතුලේ ඇතිවෙන පුංචි පුංචි ඉරිසියා සහගත හැඟීම් වල අවසානයේ තවත් වැඩි බැඳීමක් ඇතිවීමේ අවකාශය තියෙනවා.

ආදරය කියන්නෙ, දවස තිස්සේ දින චරියාව update කරන දින පොතකට නෙවෙයි. ඒත් ආදරය ලඟ, කියන නොකියන හැමදෙම සියුම්ව දැනෙන හැඟීමක් තියෙනවා.

ආදරය කියන්නෙ එක් අයෙක්ගේ ආශාවක් වෙනුවෙන් අනෙකාගේ ආශාවන් කැපකරන එකටම නෙවෙයි. ඒත්, ආදරය ලඟ එකිනෙකාගේ හැඟීම් දැනීම් වලට ගරු කිරීම තියෙනවා.

ආදරය කියන්නෙ, එක්කෙනෙක් ඉහලට යද්දී අනෙක් කෙනාව අවතක්සේරු කරන එක නෙවෙයි,ඒත්, දෙන්නෙක්ගේ ජීවිත ඇතුලේ එකිනෙකාගේ ජයග්‍රහන වෙනුවෙන් කරන නිහඬ කැපකිරීම් වගේම නිහඬ සතුටුවීම් ආදරය ඇතුලේ තියනවා.

ආදරය කියන්නෙ, සර්වසම්පූර්ණ මනුශ්‍ය ප්‍රාණීන් දෙදෙනෙක් අති උත්කර්ෂයෙන් ජීවත් වෙනවා කියන එක නෙවෙයි, ඒත්, එකිනෙකාගේ දුර්වලකම් සහ හැකියාවන් විඳදරා ගැනීමේ උත්සාහය ආදරය තුල තියෙනවා.

ආදරය කියන්නේ සර්ව සමාන පුද්ගල බැඳීමක් නෙවෙයි .ඒත් ආදරය ඇතුලේ අසමාන පුද්ගල පෞරුෂ ,එකිනෙකා ඉහලින්වත් පහලින්වත් නොතියා ආරක්ශා කරනවා. ආදරය කියන්නේ ,
ලඟ නැති වුනොත් හුස්ම වැටෙන්නෙ නෑ කියනවට නෙවෙයි. ආදරය කියන්නේ මැරෙන්න යන මොහොතෙත් හුස්ම ගන්න හිතෙන හැඟීමට.

ආදරය කියන්නේ සීනිබෝල සින්තටික් ලෝකවල ඉන්න ගමන්, ලුණුයි බතුයි කාලා ජීවත්වෙනවා කියනවට නෙවෙයි.ලුණුයි බතුයි නැති දවසක වුනත් ජීවිතේ දරාගන්න තියෙන හැකියාවට සහ සියලු සැප සම්පත් තිබියදීත් නොවෙනස් වන හැඟීමට.

ආදරය කියන්නේ, කතා නොකලොත් ,හිනා නොවුනොත්, මුණ නොගැසුනොත් අමතක වෙන දෙයකට නෙවෙයි..
ඒත්,..
කතා නොකර, හිනා නොවී,මුණ නොගැසි හරි ජීවිතේ ජීවත් කරන හැඟීමට..

ආදරය සාපේක්ශයි ..
අසාමාන්‍යයි..

උපුටා ගැනීමක් ☺️☺️☺️☺️

Monday, April 10, 2017

හිතට වැදුනු කවක සුවඳ

Self Mutilating

සොඳුරිය කොඳුල
ප්‍රේමයේ තොඳොල
කාවැදුනු කල හිතට
මොන කතාද ආයුබෝවන්
ඇස් ඉස් මස් ලේ ඇට නහර ගැන

සෛධාන්තික නොවූ හැඟීමක
ප්‍රියාදරියේ නුඹ සිම්බ හැටි කොපුල
ඒ දැනුන ප්‍රිය තෙපුල
නුඹමයි කලේ අපුල
මොන කතාද ආයුබෝවන්
සංසර්ගයත් විහිළුවක් වූ ඇයට

වොට් සීයේ එළිය
කොහේ පරදන්නද බන්
දුරයි හඳ එළිය
රසායනික අප්‍රාණික හිතට
කුමට දැන් පෙම් කෙළිය
එකම ජීවය යි ඇල්කොහොල
බනින්නෙපා ආයුබෝවන්
ඈ නැති හිතට ඩොපැමින් මොකට

බමන මතින් කපන්නැති නලල
උඹ විතරයි රන් ඉම්බේ දෙතොල
මේ මතක නුඹ වපුල
ටින්කරින් කරන්නට නොහැකිව පතල
කපමි මං මාවම සොඳුර
කුමට රෝග විනිශ්චය
"Self Mutilating Behaviour precipitated by Alcohol" ලෙසට
අනේ උගේ අම්මට ආයුබොවන්
ඒකියි කෙලියේ අහිංසක හිතට.....
      උපුටා ගැනිමකි...(අමිල අදිකාරම්...)

ඔබ නමින්....

දගකාර ඔය ඇස් දෙක ලග
හැඩකාර ඔය සිනහව ලග
මේ සිත නවතීවි කියල
හීනෙකින්වත් සිතුවෙ නෑ....

ගෙවන හැම තත්පරයක්ම
ජීවිතේ හැම මොහොතක්ම
පිටවෙන හැම හුස්මක්ම
ඔබ නමින් වෙන්ව ඇත.....

ආත්මයෙන් ආත්මයේ..
ඔබ ලගින් රැදෙන්නම්
සංසාරේ පුරාවට..
මා ඔබව පතන්නම්

Monday, April 3, 2017

තනි තරුව

බලා සිට මම අෑත නුඹ දෙස..
අා දාම සිට මේ කවුලු දොර වෙත...
වෙහෙස නැත මට අදුරු නෙත් වෙත...
කියාපන් නුඹ දුටද එ් වග.....

නිදි දුව මවෙත එවා සෙනෙහෙන්
අෑත් කළද මා නුඹේ පහසින්...
හෙටත් මම මග බලා ඉන්නෙම් ...
පායනා තුරු දුබල එළියෙන්...

සහස් ගවු දුර ගෙවා අහස මත
හිමින් මවෙතින් මිලින වන නුඹ...
කියන් කෙලසක බලා ඉන්නෙද...
තනි තරුවෙ මගෙ හඬන නෙත් දෙස....