Monday, April 10, 2017

හිතට වැදුනු කවක සුවඳ

Self Mutilating

සොඳුරිය කොඳුල
ප්‍රේමයේ තොඳොල
කාවැදුනු කල හිතට
මොන කතාද ආයුබෝවන්
ඇස් ඉස් මස් ලේ ඇට නහර ගැන

සෛධාන්තික නොවූ හැඟීමක
ප්‍රියාදරියේ නුඹ සිම්බ හැටි කොපුල
ඒ දැනුන ප්‍රිය තෙපුල
නුඹමයි කලේ අපුල
මොන කතාද ආයුබෝවන්
සංසර්ගයත් විහිළුවක් වූ ඇයට

වොට් සීයේ එළිය
කොහේ පරදන්නද බන්
දුරයි හඳ එළිය
රසායනික අප්‍රාණික හිතට
කුමට දැන් පෙම් කෙළිය
එකම ජීවය යි ඇල්කොහොල
බනින්නෙපා ආයුබෝවන්
ඈ නැති හිතට ඩොපැමින් මොකට

බමන මතින් කපන්නැති නලල
උඹ විතරයි රන් ඉම්බේ දෙතොල
මේ මතක නුඹ වපුල
ටින්කරින් කරන්නට නොහැකිව පතල
කපමි මං මාවම සොඳුර
කුමට රෝග විනිශ්චය
"Self Mutilating Behaviour precipitated by Alcohol" ලෙසට
අනේ උගේ අම්මට ආයුබොවන්
ඒකියි කෙලියේ අහිංසක හිතට.....
      උපුටා ගැනිමකි...(අමිල අදිකාරම්...)

No comments:

Post a Comment