Sunday, November 16, 2014

ලාංකීය රජුන්ගේ කාම භෝ්ගී ජීවිතය හෙළි කළ කව්සිළුමිණ



සිංහල සාහිත්‍යයයේ ඉතිහාසය
                     භාරතයේ කොතනින් හෝ ලංකාවට පැමිණි ආර්ය භාෂී ජනයා ජනපද පිහිටුවාගෙන පදිංචි වූ දා සිට ක‍්‍රි:ව 3 වන සියවස දක්වා එහි පැවතියේ කුඩා ස්වයංපෝෂිත ගම් වලට සීමා වූ එ්කාකාරි සරල ප‍්‍රාථමික කෘෂි ආර්ථක ක‍්‍රමයකි. ක‍්‍රි:ව 3 දක්වා සාහිත්‍යයේ ගුණාත්මක විපර්යාසයකට අවසාන වශයෙන් තුඩු දිය හැකි ප‍්‍රමාණාත්මක වෙනසක් ආර්ථක අධස්ථ ව්‍යුහය තුළ සිදු නොවීය. මෙරට සාහිත්‍යය ඇති වීමට හේතු වූ වැදගත්ම සිදුවීම වන්නේ ලක්දිව බුදු සසුන පිහිටුවීමේ සිදුවීමයි. මෙය සිදු වූයේ දෙවනපෑතිස් රජ සමයේ ක‍්‍රි:පූ 247 වැන්නෙහිය. ලක්දිව වැසියන්ගේ සමාජ සංස්කෘතික ආර්ථ_ක හැඩගැසුමෙහි ලා මෙම සංසිද්ධිය මහත් පිටුබලයක් සැපයීය. මෙරට පවත්නා සෙල්ලිපි ආදී කොටගෙන ඇති ලිපි ලේඛන සියල්ලම පාහේ එයින් පසුව ඇති කරන ලද එ්වාය.  ඉක්බිති වළගම්බා රජ සමයේ එතෙක් මුඛ පරම්පරාවෙන් පැමිණි ත‍්‍රිපිටක ධර්මය ග‍්‍රන්ථා?ඪ කරන්නට යෙදුණි. අලූ විහාරයේ ලියා තැන්පත් කළ ත‍්‍රිපිටක බුද්ධ ධර්මය සිංහල සාහිත්‍යයේ පදනම වූවාට සැක නැත. ඉන්පසු හෙළටුවා, ටීකා, වංශකථා ආදී නොයෙකුත් ග‍්‍රන්ථ බිහි වෙමින් සිංහල සාහිත්‍යයේ, අක්ෂර කලාෙවි, අධ්‍යාපනයේ සහ ආගමික සාහිත්‍යයේ උන්නතිය ඇති විය.
                    මෙසේ දියුණු වූ  ඕනෑම සාහිත්‍යයක  කාව්‍යය වූ කලී වැදගත් සාහිත්‍යය වෙසෙසකි. කාව්‍යය යනු භාෂාව මාධ්‍ය කොටගෙන කෙරෙන මිනිසුන්ගේ භාවමය හා බුද්ධිමය ක‍්‍රියා මාලාවකි. කාව්‍ය ඉතිහාසය යනු එම ක‍්‍රියා මාලාවෙහි ක‍්‍රමික විකාශනයයි. එය තව දුරටත් නිර්වචනය කරන්නේ නම් සාමාජික මිනිසා වඩාත් පරිපූර්ණව, සුපුෂ්පිතව, සුසංවාදීව ජීවත්වීමට දරන අනවරත පරිශ‍්‍රමය භාෂාව මගින් රස දැනවෙන පරිදි සර්ව පාක්ෂිකත්වයෙන් ප‍්‍රතිනිර්මාණය කිරීම කාව්‍යය නම් වන්නේය. එකී වූ කාව්‍යය සාහිත්‍යයේ අග‍්‍රඵලය ලෙස බිහිවූ ගී කාව්‍යය කිහිපයක් ලාංකේය සාහිත්‍යයේ හමු වෙයි.
සිංහල කාව්‍යය සාහිත්‍යයේ අග‍්‍රපලය
                  සිංහල සාහිත්‍ය ග‍්‍රන්ථ අතර අසම සම මහා කාව්‍යය වශයෙන්  බොහෝ විචාරකයින් හඳුන්වනු ලබන්නේ  කව්සිළුමිණය. මෙම ග‍්‍රන්ථය කරවන ලද්දේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව විවිධ මත පැවතුනත් බොහෝ දෙනා පිළිගත් මතය වන්නේ දඹදෙණියේ රාජ්‍ය විචාළ දෙවන පැරකුම්බාවන් (ක‍්‍රි ඃ ව 1236-1271* විසින් මෙම මහැඟි ග‍්‍රන්ථය රචනා කරන්නට යෙදුණු බවයි. දෙවන පැරකුම් රජු විසින් මෙම කෘතිය කරනු ලැබූ බවට දෙස් දෙන්නේ එහි ග‍්‍රන්ථාවසානයේ එන

               සඳ කුල කැත් කොත් -   වහත් දෙරණත් නත් වත්
             මෙත් කිත් පතළ කළ කල් - සවැනි නිරිදු කෙළෙ මේ  (770 ගීය*
යන කවියෙනි. 
කව්සිළුමිණ ලියවුණු පසුබිම
                    මෙම ගී කාව්‍යය ලියවෙන යුගය වන විට ලාංකේය සාහිත්‍යයේ පසුබිම පිළිබඳව මඳක් විමසීම වටී. පෙර තිබූ කාව්‍යය ශාස්ත‍්‍රය නැවත මතක් කොට දිමට මේ වන විට වැදගත් කාව්‍යය උපදේශක ග‍්‍රන්ථයක් සිංහල කවියන් වෙත විය. එනම් සිබස්ලකරය. සියබස්ලකර වූ කලී දණ්ඞීණ්ගේ කාව්‍යාදර්ශයේ අදහස්ද රැුගෙන ලියූ  පදානු පදිත පරිවර්ථනයක් නොවන ෙසෙංහලීය කාව්‍යයකරණයට මහෝපකාරී වන ලෙස සකස් කරන ලද විචාර පූර්ව ග‍්‍රන්ථයකි. එහෙත් එම ග‍්‍රන්ථය ලියවීමෙන් අනතුරුව මෙතෙක් සිංහල කවියන්ට තිබූ ස්වාධීනත්වය නැති විය. එයට හේතු වන්නේ සිබස්ලකර කතුවරයා තම කෘතිය තුළට සංස්කෘත කාව්‍යාදර්ශයේ පවා නොදැක්වුණු නීතියක් ඇතුළත් කිරීමය. කාව්‍යයක ගැබ් විය යුතු ලක්ෂණ දක්වන්නට ප‍්‍රථම පද්‍ය රචනයේ පරමාර්ථය කුමක් විය යුතුද යන්න හෙතෙම දක්වයි. එනම්,
                පෙදෙන් බුදු සිරිතැ     - බසින් වත් සිරිත් ඈ
                පද යුතු බසින් නළු ඈ - අනතුරු ලකුණු දක්වම්
                   මෙම නව පරමාර්ථයෙන් දක්වන්නේ පද්‍යයෙන් බුද්ධ චරිතයද ගද්‍යයෙන් වත් සිරිත්ද ගද්‍ය පද්‍ය මිශ‍්‍ර බසින් නාටකාදියද රචනා කළ යුතු බවයි. සියබස්ලකර කතුවරයා මෙවැනි නව නීතියක්  සිංහල කවීන්   වෙත ගෙනාවේ මන්දැයි විමසිය යුතුය. සියබස්ලකර ලියවෙන්නට පෙර යම් කිසි පද්‍යය සාහිත්‍යයක්  පවතින්නට  ඇතයි සාක්ෂි ගණනාවක් හමු වෙයි. මෙම පද්‍ය අතර ජාතක කථා වස්තු විෂය කොටගෙන ලියවුණු පද්‍යයද වූ බව සාහිත්‍යධරයන් විසින් පිළිගැණේ. එබැවින් සියබස්ලකර කතුවරයා මෙම පැවති කාව්‍යය කෘති දෙස බලා තම සිද්ධාන්තය ඉදිරිපත් කළා විය හැකිය. නැතහොත් මෙම යුගය වන විට දේශපාලන  බල අධිකාරිය වෙත සංඝයාගේ මැදිහත්වීමෙහි වර්ධනයක් දැකිය හැකිය. එනම් සංඝ සංවිධානයේ ව්‍යුහාත්මක වෙනස්වීමත් සමඟ දේශපාලන ක‍්‍රියකාරීත්වයේ වැඩි නැඹුරුවක් දැක්වීමේ ප‍්‍රවණතාවයක් ශී‍්‍ර ලාංකේය සංඝ සංවිධානය තුළින්  දැකිය හැකිය. භාරතීය කාව්‍යය සම්ප‍්‍රදායෙහි එන මහා කාව්‍යය ආකෘතිය සිංහල බෞද්ධ සමාජයේ එ් ආකාරයෙන්ම ව්‍යාප්ත කිරීමට අනිවාර්ය විරෝධයක් සංඝ සමාජයෙන් එල්ල වෙයි. මෙම විරෝධය ඉතා සූක්ෂමව පරිහාරය කිරීමට මෙවැනි නීතියක් සියබස්ලකර කතුවරයා තම ග‍්‍රන්ථයට ඇතුළත් කළද පසුව බිහිවන ලාංකීය මහාකාව්‍ය තුළ බෝසත් චරිතය ඈදා ගනිමින් තමන්ට අවශ්‍යය පරිදි කාව්‍යය නිර්මාණය සිදු කරන බව පැහැදිලිව පෙනෙන කරුණකි. කෙසේ වෙතත් කාව්‍යය රචනයට මෙයින් ලැබුණු නව ප‍්‍රාණය නිසා මින් පසුව බුද්ධ චරිතය වර්ණනා කිරීම අරමුණු කරගෙන හෝ සිංහල කාව්‍යය සම්ප‍්‍රදාය වර්ධනය වන බවක් පෙනේ. එයට නිදසුන් ලෙස සිංහල සාහිත්‍යයේ බිහි වු අනෙකුත් ගී කාව්‍යය දෙක වන සසදාවත හා   මුවදෙව්දාවත යන කෘතීන්වල මෙන්ම කව්සිළුමිණේද  වස්තු විෂය සැළකිල්ලට ගත  හැකිය.
කව්සිළුමිණ හුදෙක් ජාතක කථාවක් පද්‍යයට නැගීමද?      
                     මෙසේ වූ සම්ප‍්‍රදාය තුළ සිර වෙමින් නමුදු  එ් තුළ සිට වෙනස් ලෙස කාව්‍යයක් ලිවීමට ගත් උත්සහයක් වන කව්සිළුමිණේ මුඛ්‍ය පරමාර්ථ විමසීමටත් එහි දැක්වෙන ජාතක කථාවක් කවියෙන් කීමට වඩා එහා ගිය වෙනත් අර්ථ සාධනයන්  කවරේද යන්න පිළිබඳව විග‍්‍රහ කිරීමටත්   ඉන් සහෘදයා  ලැබූ ආශ්වාදය කුමක් විය හැකිද, සමාජය එම නිර්මාණය භාරගත්තේ කුමන ආකාරයෙන්ද යන්න පැහැදිලි කිරීමත් මෙයින් අදහස් කරමි.
                     මෙම කාව්‍යය සඳහා ජාතක කථාවක් තෝරා ගන්නා ලද්දේ ගත්කරු රජතුමන් විසින් නොවේය යන මතයක් ද තිබේ. මේ ජාතකය ගෙන කවක් කරන්නැයි රජුගෙන් ඉල්ලා සිටියේ සරසවි නම් සිය බිසවුන් විසිනයි එම මතයෙන් කියවෙයි. එහෙත් කවර හේතුවක් නිසා මෙම කුස ජාතකය තෝරා ගත්තද කවියාගේ අරමුණු සාධනයේදී ලා මෙයට වඩා උසස් කථා පුවතක් සිංහල බෞද්ධ සාහිත්‍යයේ නම් නැත්තේමය.
                     මෙහිදී කව්සිළුමිණෙහි අන්තර්ගතය වටහා ගැනිම වැදගත්ය. මෙය සර්ග පහළොවකින් යුක්තය.  උද්‍යාන වර්ණනා, ජල ක‍්‍රීඩා, මධු පාන, මනෝරථ කී‍්‍රඩා වර්ණනා ආදියෙන්ද විප‍්‍රලම්භය, විවාහය, ධුත ගමන් යුද්ධ සහ උදාර කථානායකයන්ගේ ජයග‍්‍රහණ ආදී නොයෙකුත් වර්ණනා මෙහි ඇතුළත් වෙයි. ඇරඹුම් ගි හයට පසුව ගී විසි පහකින් කුසාවති නුවර වර්ණනා කරයි. එම සර්ගයේම ඉතිරිය කුස රජු වනයි. දෙවන සර්ගයෙන් කුස රජුට විවාහයක් කර ගැනීමට සිත නැමීමට දෙමාපියන් හා ඇමතිවරුන් උත්සහ කරන ආකාරයත්, රජුගේ සිතට ගැළපෙන කුමාරියක් සෙවීමට රන් රුවක් රැුගෙන ගිය ආකාරයත් ඉන්පසුව සර්ගයේ දැක්වෙයි. සිව්වන සර්ගයේ ¥තයන් සගල් පුරේ මදු රජු හමුවීම දක්වා ඇති අතර පස්වන සගේ පබවත ගෙන එ්මට සාගල නුවරට  ඔක්කාක රජු පිටත්ව යාමත් පබවතියගේ විශිෂ්ට රූ වර්ණනාවකුත්  දැක්වෙයි. සවන සගෙන් මදු රජු ඔක්කාක රජු පිළිගෙන ඔහුට සංග‍්‍රහ කළ ආකාරය කියවෙයි. අට වන සර්ගයේ කුස පබවත විවා මඟුලත් නව වන සගෙන් වැසි ගල් වැනුමත් ඉන් පසුව සගෙන සරා වැණුමත් දක්නට ලැබේ. එකොළොස්නව සර්ගයෙන් දිය කෙළි වැණුම දක්වන අතර පබවතගේ වියෝවින් වැළපෙන කුස රජුගේ විස්තර දැක් වීමට දොළොස්වන සග වෙනග් වෙයි. කව් සිළුමිණේ දීර්ඝතම සර්ගය වන්නේ තුදුස්වැන්නයි. සත් රජ කිපුම කුස රජු ඔවුන් පැරද වු සැටිත් පබවත සමඟ නැවත එක් වූ සැටිත් මෙයින් දක්වා ඇත.  පහළොස්වන   සග වෙන්වන්නේ කුස රජු කුසවත් නුවරට නැත එන ගමන පැවසීමටයි.
                    කවිසිළුමිණේ අන්තර්ගතය ප‍්‍රවේශමෙන් විමසා බලන්නෙකුට පෙනී යන කරුණු කිහිපයකි. එනම් මෙම කථාව ලිවීමේ කතුවරයාගේ පරමාර්ථය වූයේ හුදෙක් ජාතක කථාවක් කීමවත් ,ධර්ම ග‍්‍රන්ථයක් ලිවීමවත්, බුදු ගුණ පැදියෙන් රචනා කිරීමවත් නොවන බවයිි. එසේ නම් මෙම ග‍්‍රන්ථය ලියූ කතුවරයාගේ අරමුණ කුමක් වූයේදැයි විමසීම වටි.
                  මෙහි කතුවරයා ලෙස පිළිගන්නා වූ දඹදෙණි පැරකුම්බා රජුගේ ජීවිත කථාව මෙයට මැනවින් බලපාන ලද බව පෙනේ. ඔහු කුඩා කළ සිට රජමාළිගාවෙන් පිටමන්ව ගොවි නිවසක හැදී වැඩුනෙකි. එක් විටම රාජත්වය හිමි වූ ඔහුට රාජකීය ජීවිතය කුතුහලය දනවන ආශ්චර්යමත් දෙයක් විය. රාජත්වයේ සියලූ සැප සම්පත් විඳිමින් කල් ගෙවූ මෙතුමා විසින් කරවන ලද වෙහෙර විහාර වැව් අමුණු සහ දාගැබ් ආදී පෙර රජවරුන් කළ අනිවාර්යය කාර්යභාරයන් ඉටු කරන ලදැයි වංශ කථාවෙහි ද සඳහන් නොවෙයි. මෙතුමා කළ එකම කාර්ය පොත් පත් රචනා කිරිමයි.  ඕනෑම පුද්ගලයෙකු තමන් වින්දනය කරන්නා වූ අසම සම වින්දනයන්  ලියා තැබීමට කැමැත්තේය. පැරකුම් රජුටද තමන් විඳි  රාජකීය සම්පත් සහ අන්තඃපුර ස්ත‍්‍රීන්ගේ විස්තර ග‍්‍රන්ථයකින් ඉදිරිපත් කිරිමට අවශ්‍ය වූවා යැයි සිතිය හැකිය. එහෙත් මෙයට පැවති    කවිසමයාගත සම්ප‍්‍රදාය හරස් විය. පෙරකී පරිදි ‘‘පෙදෙන් බුදු සිරිත’’ යන නීතිය නිසා පැරකුම්බාවන් මෙයට වඩාත් අදාළ කොට ගත හැකි පේ‍්‍රම වෘත්තාන්තයක් ජාතක කථා ගොන්නෙන් සොයා ගත්තේය. මන්ද යත් පවතින සමාජය පිළිගත් සම්ප‍්‍රදායනට විරුද්ධ වීම කවියාගේ කාර්යය සිද්ධියට එතරම් හිතකර නොවන නිසාවෙනි. එම නිසා කවියාද ප‍්‍රකටව පෙනෙන ලෙස මෙම සම්ප‍්‍රදාය ගරු කළ යුතුය, එම නිසා තමන්ද එවැන්නක පිහිටන බැව් උදක්ම දක්වනු පිණිස ජාතක කථාවක් තෝරා ගත්තද  එය තමාට රිසි ලෙස සංස්කරණය කරමින්, අළුත් දෑ එක් කරමින්, සංශෝදනය කරමින් ස්වකීය මුඛ්‍ය පරමාර්ථය සාධනය කර ගනු වස් යොදා ගත් ආකාරය නිසාම මෙය සම්භාව්‍යය  සිංහල කාව්‍යය සම්ප‍්‍රදායේ අග‍්‍රඵලයක් ලෙස එදා සිට අද දක්වාම  ප‍්‍රචලිත වී ඇත.   
                   පැරණි සමාජය බුදු සමයෙන් වෙළුණා වූ මුළුමනින්ම ආගමික වූ ලෞකිකත්වය උතුම් කොට නොසැළකූ එකක් විය. රජවරුන්ද නිරන්තරයෙන් මෙම දහම මත කටයුතු කරන බව දැක්වීමට උත්සහ කළ බව පැරණි වංශ කථා සාහිත්‍යය විමසන්නෙකුට පෙනි යන දෙයකි. එම තත්ත්වය තිබියදී පැරකුම් රජු මෙවන් අරමුණක් දැරීම ඇතැම් විට පුදුම සහගතය. එහෙත් මොහු ජාතක කථාව තම සිතැඟි දැක්වීමට හැඩගස්වා ගත් ආකාරය විමසීමේදී  ලෝකෝත්තර ජීවිතය පිළිබඳ සිතීම පසෙක තබා ලෞකික ජීවිතයේ පරමානන්දය හුවා දැක්වීමට උත්සහ කළ ආකාරය මැනවින් වටහා ගත හැකිය. එනම් ජාතක කථාවකට අත්‍යවශ්‍යය වර්තමාන කථාව, සමෝධානය ආදී වැදගත් කොටස් දක්වා නොමැත. ජාතක කථාවක අත්‍යවශ්‍යම කොටස නම් වර්ථමාන කථාවයි. මෙය අතහැර දැමීමම බොහෝ දුරට එහි ආගමික මුහුණුවර අතහැර දමන්නකි. ‘‘මහා කාව්‍යය ලක්ෂණයක් වූ චතුර් වර්ගඵල පිළිඹිබු වන විස්තර ආදිය මෙහි අන්තර්ගතය. එහෙත් ධර්ම , මෝක්ෂ යන ඵල ද්වය කැපී පෙනෙයි. මෙය වු කලී කුස ජාතකය වැනි පේ‍්‍රම කාව්‍යයකට අත්‍යවශ්‍ය ලක්ෂණයෝ වෙති’’.  පැරකුම් රජු මෙම පේ‍්‍රම කථාව විශිෂ්ට කාව්‍යයමය ගුණයෙන් දැක්වීමට යොදාගත් අනිවාර්යය ආකෘතිය නම් මහා කාව්‍යය ආකෘතියයි.
                  මහා කාව්‍යය වූ කලි හින්දු සභ්‍යත්වයේ ප‍්‍රභවය ලැබ එහිම වර්ධනය වී එයටම ආවේණික ලක්ෂණවලින් සමන්විතව විකාශිත සාහිත්‍යාංග වෙසෙසකි. එය ක්ෂත‍්‍රීයයන්ගේ රාජ සභා ජීවිතයත් හින්දු දෙවිවරුන්ගේ වීර වික‍්‍රමාන්විත ක‍්‍රියාත් වර්ණනා කිරීමට පහළ වූවකි. එය ශෘංගාර හෝ වීර යන රස මුඛ්‍ය කොට ගත් ලෞකික ජීවිතයේ ගැටලූ වස්තු විෂය කර ගත් ලෞකික කාව්‍යය විශේෂකි. බෞද්ධ පසුබිමක් ඇති ජාතක කථා මහා කාව්‍යය රාමුව තුළ බහා ලූ කළ ඒවා සංස්කෘත මහා කාව්‍යයවලට සමාන වූ කලා කෘති බවට පත් නොවෙයි. කාව්‍යය කෘති වශයෙන් අසාර්ථක වූද, සන්දර්භ ශූද්ධියක් නැත්තා වූද, මුවදෙව්දාවත හා සසදාවත යන ගී කාව්‍යය ද්වය සළකා බලන කළ මෙය පෙනී යයි. ඔවුන් තෝරා ගත් කථා වස්තු යුගලය මහා කාව්‍යය තුළ බහා ලීමට කිසිසේත් යොග්‍යය නොවූ අතර කව්සිළුමිණ කතු තෝරා ගත් කථා වස්තුව මහා කාව්‍යය ආකෘතිය තුළට අනුචිත නොවන්නේය. කථා නායකයා රූපශ‍්‍රීයෙන් යුක්ත වූ අයෙකු විය යුතුය යන නීතිය පමණක් ඔහුට එ් සඳහා හරස් වුවද එය නොදැනෙන අයුරින් තම අභිප‍්‍රාය සාර්ථක කොට ගැනිමට කවියා උත්සහ කරයි. කුස රජතුමාගේ විරූපී බව වූ කලී කුස ජාතකයේ ඉතා වැදගත් කරුණය. කතාව විකාශනය වන්නේ එම කරුණ කේන්ද්‍ර කොටගෙනය. නමුත් කවිසිළුමිණි කතුවරයා තමා අනුගත වූ සම්ප‍්‍රදාය හෝ තම සත්‍යය අපේක්ෂාව  කරණකොටගෙන එම කරුණ වසං කිරීමට උත්සහ කොට ඇත් අතර මෙම පුවත ඇසුරින් මහා කාව්‍යය ආකෘතියේ දැක්වෙන ශුංගාර රසය මැනවින් නිර්මාණය කළ  හැකි වේ. එය පෝෂනය වන්නේ කුස රජු හා පබාවති යන ආලම්භන විභාවයන් ඇසුරු කොටගෙනය. එහි විවාහයක්ද විප‍්‍රලම්භයක්ද ඇත්තේය. විරූපී කුස රජු සුරූපී පබවත පැතීමෙන් පැන නැගුණු ගැටලූවද කාලාන්තරයෙන් නිරාකරණය වන්නක් බැවින් කවියාට අත්‍යවශයෙන්ම ඇතුළත් කිරීමට අවශ්‍ය වූ ඍතු වැණුම් ආදියත් මෙය ක්ෂත‍්‍රීයයන්ගේ ගෘහ ජීවිතය පිළිබඳ කථාවක් බැවින් උයන්, දිය කෙළි, මධුපාන, රතෝත්සව ආදියත් එහි ඇතුළත් කළ හැකිය.  මේ ආකාරයෙන් විමසන විට කලිකල් සවැනි නිරිදුන් තම සිංහල මහා කාව්‍යය සඳහා වස්තු විෂය තෝරා ගැනීමේදී උචිත අනුචිත විවේක බුද්ධියකින්ද යුක්ත වූ බව පෙනේ.
                 කව්සිළුමිණ කතුවරයා තම අත්දැකීම් ඉතා සියුම් මිහිරි ශෘංගාර රසයකින් යුක්තව සහෘදයාට පවසන අවස්ථා බොහොමයකි. කාව්‍යය ආරම්භයටම ශෘංගාරයයෙන් අනූන උපමා යොදමින් තම කතාවෙහි ගලා යාම විස්්තර කරන ආකාරයෙන්ම ඔහුගේ මුඛ්‍ය පරමාර්ථය පසක් වෙයි. එනම්
                ළද පිය පියවුරු - බිඳු එව් මෙ දා දක්වා
                පින් පියවුරු මඬලෙව් - පිළි මෙහි විතර පානෙම් (6 කවිය- 1වැනි සර්ගය*
                තරුණ ළදකගේ සිඟිති පියවුරු මෙන් මේ ජාතකය දක්වා පිරුණු පියවුරු මඬල මෙන් මෙහි විහිදීම නැවත දක්වන්නෙමි යනුවෙන් කිවියෝ පාඨකයාට කරුණු සැල කෙරෙති.කවේ මතු කොටස්හි ඉස්මතු වී පවත්නා ශෘංගාර රසයේ පෙර නිමිත්තක් මෙම ගීයෙන්ම ලබා දෙයි. එසේම එකොළොස්වන සගේ එන දිය කෙළි වැණුමත් හයවන සගේ දැක්වෙන මධුපාන උත්සවයත් බොහෝ රසිකයන්ගේ ඇගයුමට මෙන්ම සම්භාවනාවට පාත‍්‍ර වෙයි. නොවැදගත් ඉතා කුඩා සිදුවීමක් පවා උනන්දුවෙන් වර්ණනා කරමින් සහෘදයාටද දිය කෙළියක හා මධුපානෝත්සවයක ඉමිහිරි ආශ්වාදය ලබා දීමට කවියා ඉවසිල්ලෙන් උත්සහ කොට ඇත. එයට උදාහරණ කිහිපයක් දැක්විය හැකිය.
දිය කෙළි වර්ණනයේ එන
                  මුහුලූ මුහුලූ බැඳි - ළ හෝපලූ කුසුමදී
                  තැවරූ කොකුමඟරා - ගත රැුදි සුරත් වසනන් (7 කවිය*

                  යන කවිය විමසිය හැකිය. තුරුණු ලියෝ දහස් ගණනක් දිය කෙළියට ආහ. ඔවුන් තුමු කෙස්වැටි මුදුන් කොට බැඳ , හෝපලූ දලූද මල්ද දී කොකුමඟරා ඇග තවරා රතු වූ රෙදී හැඳ රතට රතේ පැමිණියහ.
                             https://www.youtube.com/watch?v=eprdl6CvwH0
 රජු රත් දුහුල් හැඳි දිය කෙළිනා ලදුන් දැක පුරුදු අයෙක් බව පෙනේ. තවද විල් තෙර සපු ගස්ද විය. එ විසල් ගස්වල සෙවණැල්ල විලට වැටෙයි. ළදුන්ගේ දැඩි වූද මහත් වූද පියවුරු පහරින් විල් දිය සැලෙයි. එයින් ලෙළවුණු සෙවණැල්ල පුර අඟනකට නා බිය දැනවීය. එය කවියා දක්වන්නේ,
                 පහළ පියවුරින්   - සසල සිහිල් විල් බුජු
                 වැළ සපු සල් සේ නා - බිය දැන වී පුරපියන් (11 කවිය*
                 කතුන්ගේ පියවුරු වැනීමෙන් කවියා වෙහෙසට පත් නොවීය. රජු හස්ත යන්ත‍්‍රයෙන් එකියකගේ පියවුරුවලට දිය ඉසිණු ලැබීය. පියවුරු තද බැවින් එහි වැදුණු දිය ආපසු අවට විහිදෙයි. එවිට ඔහුට සිහි වන්නේ තම ඔටුණු පළඳනා මංගල්‍යයෙහි පොල් මල් යෙදු රත‍්‍රන් පුන්කලස්ය.එය දක්වන්නේ
                 පියා වුහුටත් යතුරු හෝතා පියක පියවුරු
                 කනකලසෙව් පුළුපු දුන් නරනිදු බිසෙව් මඟුලේ (14 කවිය-11වන සර්ගය*
                 රජු සැබවින්ම ගෙවු ජීවිතයේ මෙවැනි අත්දැකීම් නොවිඳි බව කාට නම් කිව හැකිද? මෙය ගැඹුරු වූත් සංකීර්ණ වූත් චිත්ත ෙවිගයන් අඩංගු වන කවක් ලෙසින් විග‍්‍රහ කළ හැකිය. පරපීඩක කාම ආශාවෙන් රජු යුක්ත වූ බව කාන්තාවකගේ අති සංවේදී පියයුරු වැනි අවයවයකට ජල ප‍්‍රහාර එල්ල කළ බව කීමෙන් පැහැදිලි වෙයි. එහෙත් කවියා මේ බව වාර්තා කොට ඉන් විඳි මිහිරි ආශ්වාදය  සංයමයෙන් සහෘදයා හා බෙදාගෙන ඇත.
                 තවත් අවස්ථාවක එක් දිගැසියක් නිරිඳුගේ උරහිස නැමති දොඹ අටල්ලට නැංගාය. රජුට උපන් මහත්  සොම්නසින් ඇෙඟ් රෝමෝද්ගමනය විය. එ් හේතුවෙන් උරතලය ඇයගේ පා පහස නොම ලද්දේය.
                දිගැසියක නිරිඳු නැගෙතසදොඹටහල්ලට
                ලොමු දෙහෙන් පිය පහස් නො මැ ලද පිය උර පහස් (18 කවිය – 11වන සර්ගය*
                  යට දැක්වූ වැණුම්වලින් පමණක්ම වුවද ඔහුගේ පරමාර්ථය පසක් වෙයි. එහෙත් මධු පානෝස්වයෙන්ද මේ සඳහා උදාහරණ දක්වාලිය හැකිය. මධුපානෝත්සවයට පරිසරය පවා සූදානම් කරවමින් විශිෂ්ට ලෙස සහෘදයාගේ භාවයන් උද්දිපනය කිරීමට සමත්ය. කෙළි දෙලෙන් ගත කළ කාන්තවන් අතර වූ එක් සිදු වීමක් කවියා දක්වන්නේ මෙසේය
                   ගයම්නි ගී පෙඳ - නඟම්නි නැගෙත් කෙනකන
                   පියවුරු ළඟැ වුවන් වන් - මුහුලූ නුමුහුලූ තෙ පියුම්( 16 ගීය*
                   අඟනෝ කෙළි පිණිස පෙඳ බිම ගසා උඩ නැගෙන විට අල්ලති. එය අල්ලන විට මුහුණ පහතට හරවති. පියවුරු අසලට මුහුණ එන්නේ එවිටයි. මුහුණ පිපුණු හෙවත් නුමුහුලූ පියුමටද දෙපියයුරු මුහුලු හෙවත්  නොපිපුණු දෙපියුමටද සමාන කෙරිණි. පියුම් තුනක් වූයේ එහෙයිනි. කවියාගේ පරිකල්පන ශක්තියද මේවායෙන් දිස්වන්නේ අපූරු ආකාරයටය.
                    එපමණක් නොව පැරකුම් රජුගේ මධු පානය කරන ස්ථානය හා සමකාලීන උත්සවයක පවත්නා ස්වභාවය මෙම කවි තුළින් මැනවින් ධ්වනිත වේ.
                  හෙම් මිණි ‘‘කිළි කළ’’ - තළ සැළ දොණු පැන කුඹු
                  පෙණු ‘‘තුළු’’ තුරු සයුරේ - සිරි ඉසිලී අවන් හල් (17 ගීය-6වන සර්ගය*
                  අවන්හලෙහි නොහොත් බොන ස්ථානයෙහි නානා ප‍්‍රමාණවල නානා හැඩයෙන් නිමවුණු මේ සියළු බඳුන් රනින්ම කරන ලද ඒවාය. මත් පැනින් පිරුණේය. පෙණ දමමින් පැසෙමින් තිබුණේය. එහෙයින් පෙන උතුරණ සයුර සේ විය. මේ ආකාරයෙන් විස්තර කෙරෙන මධු පානෝත්සවයේ ලක්ෂණ අනිවාර්යෙන්ම රාජකීය ජීවිතය තුළ කවියා දුටු දේය. එක් කාන්තාවක්  රජුට මී විතක් පිළිගැන්වූවාය. එ් තුළ ඇයගේ ඡුායාව රජුට පෙනුණේ එහි දැමු උපුල් පෙත්තක් සෙයිනි . එ් ඇස ඇති ඇගේ මුහුුණද එහි පිළිබිඹුව පෙනිණි. එය දුටු රජු මධුපානය පටන් ගන්නටත් පෙරම මත් විය. එ් මත් වූයේ රාගයෙනි. කෙනෙකු මත් කරන්නට එම අවන්හලෙහි වූයේ මත්පැන් පමණක් නොවේ . මුළු වටපිටාවම සකස් වී තිබූයේ දනන් මත් කරන ආකාරයටය.
                    පටනැ මැ නිරිඳු මත් - කෙළෙ පිළිබිඹු නෙතු‘‘පුලො’’ත
                    මිහි විතැ ලැදි පියක දුන් - යෙහෙන් දිස්නා උවනත (23 කවිය-6වන සර්ගය*
                    යනුවෙන් එය දක්වා ඇත. තවත් ඉතාම සුන්දර අවස්ථා විඳින්නට රජුට සිදු වී ඇත. කතක තමාගේ දෙතොල ගාවා ඉඳුල් කිරීමෙන් වඩා රස කොට දෙන කල එය වහා නොපිළිගත් වරද දුරු කරන්නට රජු තෙපළන බස් ඉමිහිරිය. එනම්
                     කියඟ තුඩග තොප - වැකි තැන් තොට නොසිඳිම්
                     වියති ති නිරිඳු කියූ - පිය කලක් මැසි පියූ (36 ගීය- 6වැනි සර්ගය*
                    තොපගේ තොල් ගෑවුණු තැන් කියන්න. රජුගේ  සංග‍්‍රහ මෙතෙක් නොලැබ අමනාපව සිටී කාන්තාව මෙසේ කීමෙන් ඇගේ සිත්හි වූ කනස්සල්ල නැති වූවාය.
                     තවද පබවතිය කුසාවති පුරයට කැඳවාගෙන පැමිණි විට එ් නැරඹීමට ජනයා දිව ගිය ආකාරය හත්වන සර්ගයේ දක්වා ඇත. එහි  එන ඇතැම් කවියක් මෙසේය.
                     ගුලූ වරලෙක ත් - තන හසුන’ත දී දිවූ
                     ඉහිල් වසන්ත්හි කලක් – වැළකූ දන නෙත් කලක් (47 ගීය-7වන සර්ගය *
                     මෙම කවියෙන් ඉතා විචිත‍්‍ර අයුරින් පබවත දැකීමේ අසීමිත රුචියකින් දිවූ කාන්තාවකට සිදු වූ අකරතැබ්බයක් දක්වා ඇත. ඇය කොතරම් ඉක්මන් වූවාද යත් වරල නිසි සේ නොබැඳ තනපට නොලා තද කොට පිළි නොැඳ පබවත එන පෙරමගට දිවුවාය. දුවන විට කොණ්ඩය ලිහී ගියේය. එහෙයින් එක් අතකින් කොණ්ඩය අල්ලා ගත්තාය. එවිටම තනපට ගිලිහිණි.අනෙක් අතද දෙතන වෙත යැවුවාය. මෙසේ දෙඅතම හිර වූ විට ඇගේ වස්ත‍්‍රය ලිහි වැටිණ. මදකට ජනයාගේ ඇස් එදෙසට හැරිණ. මෙවැනි අවස්ථා පවා කවියාගේ නොමසුරු වර්ණනයට පාත‍්‍ර විය.
                      කව්සිළුමිණෙහි එන යුද්ධ වර්ණනයද කවියා අත්දැකීමෙන් යුතුව කරන වැණුම්වලින් එකකි. මෙහිදීද අනෙක් වැණුම්වලින් මෙන්ම කවියාගේ අනුභූතිය ප‍්‍රකට වෙයි. යුද වැණුම කවිසිළුමිණෙහි ඉතා දීර්ඝව කරන ලද්දකි. මන්ද යත් කවියාට එ් පිළිබඳව පැවසීමට බොහෝ අත්දැකිම් තිබුණි. එහෙත් ඇතැම් විචාරකයෙකුට අනුව මෙම යුධ වැණුම කියවන පාඨකයාගේ සිත් තුළ ඇඳී යන්නේ රූකඩ දෙසෙනගකි. ජංගම ගුණයෙන් එය හීන වන්නේ යැයි ඉන් පැවසේ.නමුත් ඇතැම් කවි මෙහිදී කවියා යෙ¥ ආකාරය විශිෂ්ටය. එනම් යුද සෙබළුන් ඊ තළ වැදී සිටිය ආකාරය ඔහු දකින්නේ
                    ගජ කුඹ තල නැගි - සර සහසු’දුළ සෙබළෝ
                    මොණර නළන’ළ - ගිරි කුළු රඟහි පිළ’ඹළ(31 කවිය -13 සර්ගය*
                    යන ආකාරයෙනි. එනම් පිල් විදහා ගත් මොණරුන් සේ පෙනෙන පරිදි සෙබළුන්ගේ සිරුරුවල ඊ තළ වැදි තිබූ ආකාරය ව්‍යංගයෙන් කියවෙයි. තවද දක්ෂ සතුරු භටයෙකු සතුටින් කරකවා දුන්න අදිත්ම තමාගේ හිසම කපතියි දෙසේනායෙහිම භටයන් කෙරෙහි සැක පහළ වූ බව කවියා පවසයි. එ් මෙසේය
                    වට කැර සැවු හයත්- සතොස්නි සේ රිපු බළකු
                    සැක තම හිස්ම කපති යි- දැනවිණි දෙ සෙනඟ බළන්(39 කවිය-13 සර්ගය*
                    මේ ආකාරයට කව්සිළුමිණි කතුවරයා බෝසත් සිරිත වර්ණනය උදෙසා යයි තම කෘතිය පටන් ගතුද එහි නිරන්තරයෙන් ගැබ් වූයේ  රාජකීය සැප සම්පත්වලින් අනූන වූ තම ගෘහ ජීවිතයයි. එයට උදාහරණ මෙම කාව්‍යයෙන් අපමණ සොයා ගත හැකිය. කාන්තාව, සුරාව, සංගීතය රජුගේ ජීවිතයම වූවාදැයි සැක සිතෙන තරමට ඒවා වර්ණනා කිරීමෙහි ලෝලි ගතියක් දක්වා ඇත. මෙම කරුණු විමසා බලන විට පෙනෙන්නේ කවිසිළුමිණි කතුවරයාගේ නියම අභිමථාර්ථය වූයේ පාඨකයා වශී කරන පේ‍්‍රම කථාවක් ගෙන හැර දැක් වීම මිස හුදෙක් බෝධිසත්ව චරිතාපදානයක් කියා පෑම නොවන බවයි. බොධිසත්ව චරිතය කාව්‍යයට නැඟීම නම් වු පොදු පරමාර්ථය සමාජය උදෙසාම පෙරදැරි  කොට තබා ගන්නා ලද්දකැයි හැෙඟ්. එම නිසා කවියාගේ පරමාර්ථය ව්‍යාජ එකකැයි කිව යුතුය. තම ශ්‍රේෂ්ඨ කාව්‍යය සමාජයට පිළිගැන්වීමෙහි අරමුණින් එය මතු කර දැක්වුවද යටි සිතෙහි නම් වුයේ   තම අත්දැකිම් පරිහරණයෙන් නියම පේ‍්‍රම කාව්‍යක් කියා පෑම යයි තර්ක කළ හැකිය. නමුත් සමාජය මෙය පිළිනොගනී යැයි සහේතුක බියක් කතුවරයා තුළ වු නිසා පෙදෙන් බුදු සිරිතැට අනුගත වී ඇත. එවකට මෙම ජාතක කථා තේමා කර ගත් මුවදෙව් දා වත, සස දා වත, කව්සිළුමිණ ආදී ගී කාව්‍යයන් එතරමි උනන්දුවෙන් සමාජය නොපිළිගත් බව මාර්ටින් වික‍්‍රමසිංහ මහතා තර්ක කරයි.  සමාජය කෙසේ වෙතත් සිල්වත් යතිවරයාණන් දැක්වූ පිළිකුළත් විරුද්ධත්වයත් නිසා සිංහල පද්‍ය කාව්‍යයේ විකාශනය කව්සිළුමිණින් නැවතුණු බවත් එතුමා එකහෙළා ප‍්‍රකාශ කරයි. කාව්‍යය නාටක ආදී ගර්හිත විද්‍යා තමා නූගත යුතු,අනුන්ටත් නූගැන්විය යුතු  යන දඹදෙණි කතිකාවත්හි එන අනුශාසනයෙහි පිහිටීම නිසා මෙවැනි විරුද්ධත්වයක් පිළිකුළක් ඇති වූ බවට සිතිය හැකිය. එසේ නමුත් මෙම කාව්‍යය රසවින්දා වූ පිරිසක්ද සමාජයේ නොවූහයි කිව නොහැකිය. රජවරුන්ගේ ආගමික දේශපාලන කාර්යය සාධනයන් හුවා දක්වමින් ලියන ලද ආගමිික සාහිත්‍යයෙන් හෙම්බත්ව සිටී අවධියක කවිසිළුමිණ වැළද ගත් පාඨකයන් පිරිසක් සිටියා  විය හැකිය. ආගමෙන් වසා තිබූ ලාංකේය රජවරුන්ගේ ලිංගික ජීවිතය අවංකව නිරූපණය කරන කැඩපතක් ලෙසත් සංස්කෘත කාම සූත‍්‍රය ආදි ග‍්‍රන්ථ පවා කියවා කවියා ලැබූ දැනුම ඉතාම සංයමයෙන් අශ්ලීල නොවන පරිදි භාෂා ප‍්‍රයෝගයෙන් යුතුව දක්වීම නිසා එය අද දක්වා සාහිත්‍යය කරුවන්ගේ රසවින්දනයට පාත‍්‍රවන ආකාරය හඳුනා ගතහැකිය. එහි පවතින මහා කාව්‍යයමය ගුණ, අලංකාරෝක්ති, උපමා රූපක, අර්ථාලංකාර, හා කවියාගේ ප‍්‍රතිභා පූර්ණ කවිත්වය ආදිය නිසා පද්‍යයක් පද්‍යක් පාසාම රස වෑස්වීම එයට හේතුවයි. මෙම කරුණු සළකා බැලීමෙන් කවිසිළුමිණ යනු ජාතක කථාවෙහි සැකිල්ල පමණක් ගෙන, මහා කාව්‍යයෙන් හැඩ කොට, තම අත්දැකිමෙන් විභූෂිත කොට පාඨකයා රසය නැමති ගඟුලෙහි ගිල්වූ කෘතියක් මිස බුද්ධාලම්භන ප‍්‍රීතිය ඇතිකොට, බෝසත් දිවියේ පූජිත බව වටහා දී ආගමික මාර්ගයක යෑමට පාඨකයාට අනුබල දුන් කෘතියක් නොවන බව නිගමනය කිරීමට කුමට නම් මැලි වෙත්ද?
          

No comments:

Post a Comment