Tuesday, November 18, 2014

ශී‍්‍ර ලංකාවේරාජත්වයේ ප‍්‍රභවය

රාජත්වයේ ප‍්‍රභවය පිළිබඳ පොදු න්‍යායාත්මක පසුබිම
                 අතීතයේ සිටම සෑම මානව සමාජයකම ක‍්‍රියාත්මක වූ සංවිධානයක් ලෙස රාජ්‍ය හැඳින්විය හැකිය. එහි ආරම්භය හා විකාශනය පිළිබඳ ලොව පුරා විවිධ විද්වතුන් නොයෙක් මත ඵල කර ඇත. එසේ නමුත් රාජත්වයේ සහ රාජ්‍යත්වයේ ආරම්භය පිළිබඳ පොදු සම්මුතියකට එළඹීමට පෙර අපර දෙදිගම චින්තකයන්ටම නොහැකි වී ඇත. නමුත්  රාජත්වය හා රාජ්‍ය යන සංකල්පය එකිනෙකින් වෙන් කළ නොහැකි එදා සිට අද දක්වා දේශපාලන වශයෙන් සංවිධිත  ඕනෑම සමාජයක ක‍්‍රියාත්මක වන්නා වූ ගාමක බලවේගයන් දෙකක්  වශයෙන් හැඳින්විය හැකිය. අතීතයේ සිට වර්තමානය දක්වා විවිධ දෘෂ්ටිකොණ තුළින් හා විවිධ පර්යේෂණ තුළින් ගොඩ නගන නිගමන මගින් රාජත්වය යන සංකල්පය වර්ධනය වූ ආකාරය වටහා ගත හැකිය. රාජත්වය තුළින් බලය හා ආධිපත්‍යය තමා කෙරෙහි නතු කර ගත් හෝ ආගමික චාරිත‍්‍ර ආදී සුවිශේෂ විධික‍්‍රම තුළින් අවශේෂයනට වඩා ප‍්‍රභූත්වයක් හිමි කරගත් නායකත්වයක් අදහස් කරයි. කිසියම් පාලන සංවිධානයක හෝ ආයතනයක වර්ධනීය අවස්ථාව රාජත්වය ලෙස අර්ථ දැක්විය හැකිය.
                රාජ්‍ය යන්නට පාලන එ්කකය යන්නත් රාජත්වය යන්නට පාලන නායකත්වය යන්නත් ව්‍යවහාර කිරීමත් වඩාත් තර්කානුකූල බව පෙන්වා දිය හැකිය. මුල් කාලීනව මෙකී රාජත්වයේ නොහොත් මූලික දේශපාලන නායකත්වය යන්න කෙසේ ප‍්‍රභවය ලැබුවෙහිද යන්න පිළිබඳ දේශපාලන විද්‍යාඥයන්, ඉතිහාසඥයන්, හා දාර්ශනිකයන් විවිධ මත ඵල කළ බව පෙර සඳහන් කරන ලදි. දේවවරම්වාදීන්, සමාජ සම්මුතිවාදීන්, මාක්ස්වාදීන්, සමාජවාදීන්, ලිබරල්වාදීන්, ෆැසිස්ට්වාදීන්්, ලෙස දේශපාලන විද්‍යාව තුළ මොවුන් රාජත්වයේ ආරම්භය, විකාශනය හා වර්ධනය පිළබඳ මත ඉදිරිපත් කොට ඇත. බුදු දහමද මෙම සංකල්පය පිළිබඳ වඩාත් විචක්ෂණශීලි අදහසක් ඉදිරිපත් කොට ඇත. බුදුන් වහන්සේ විසින් වාසෙට්ඨ භ‍්‍රාහ්මණයාට දේශණා කළ දීඝ නිකායට අයත් අග්ගඤ්ඤ සූත‍්‍රයෙන් පාලකයෙකු පත්කර ගැනීම සම්බන්ධව බෞද්ධ සංකල්පය කවරේද යන්න පිළිබඳ මැනවින් විස්තර කර ඇත. පාලන නායකත්වයේ ආරම්භක අවස්ථාව පිළිබඳ හේතුඵල න්‍යායට අනුව එම සූත‍්‍රය ඉදිරිපත් කරයි. එය වෛදික සම්ප‍්‍රදායෙන් ඉස්මතු කළ දේව නිර්මාණවාදී අදහස් බැහැර කොට වඩාත් ප‍්‍රායෝගිකත්වයෙන් යුතු නායකත්වයක ආරම්භය පිළිබඳව ඉදිරිපත් වූ මූලාශ‍්‍රයක් ලෙස එය හැඳින්විය හැකිය. රාජත්වය යන සංකල්පයේ න්‍යායාත්මක කරුණු මතු කර ගැනීමේදී දහසය වන සියවසින් පසු යුරෝපීය දාර්ශනිකයන්ද දක්වන අදහස් වැදගත් වෙයි. සමාජ සම්මුතිවාදය :ීදජස්ක ක්‍දබඑර්ජඑ ඔයැදරහ* මේ සඳහා වඩාත් වැදගත් න්‍යායක් ලෙස අර්ථ දැක්විය හැකිය. ඔවුන්ට අනුව මිනිසා ප‍්‍රකෘත්ති සමාජයට ප‍්‍රවිශ්ඨ වීමේදී සම්මුතියකින් සිය පාලකයා පත්කර ගත්තෝය. සමාජවාදීන්ට අනුව ආර්ථ_ක සාධකය  පදනම් කරගෙන මුල් යුගයේ පැවති පොදු දේපල ක‍්‍රමය අහෝසි වී ඇතිවන පංති ස්ථරායනය තුළින් පාලක හා පාලිත පන්තිය නිර්මාණය වේ.
               කෙසේ වෙතත් මෙකී සමස්ත මතයන්ගෙන් අවසානය එළඹිය හැකි නිගමනය වන්නේ මිනිස් සමාජයක ආරම්භයේ සිට  ආරක්ෂාව හා  පොදු අවශ්‍යතා තුළින් මිනිසා එක්සේසත් විය. පාරිසරික අවශ්‍යතා ජය ගැනීමට ඔවුන් සංවිධානය විය. ඉන්පසු ජනගහණ වර්ධනයත් සමඟ ජනතාව මුහුණ දුන් ගැටළුද වර්ධනය විය. පොදු මානව සුභසාධන කාර්ය මුල් කරගනිමින් කණ්ඩායම් සංවිධානය වූ අතර ඔවුන් තම මානව කාර්යන් පුළුල් වීමත් සමඟ ඒවා වඩාත් විධිමත්ව ඉටු කරගැනීමට ඒ කෙරෙහි යොමු වූ නායකයෙකු පත්කර ගන්නට ඇති අතර රාජත්වය ඉන් ප‍්‍රභවය ලැබුවේ යැයි සැලකිය හැකිය. පාලන සංවිධානයේ නායකත්වය වටා ගොනු වූ බලය හා අධිකාරීත්වයත් එමෙන්ම නායකත්වයට පත් වීමේදී සුවිශේෂ වූ සිරිත් සමුදායක් අනුගමනය කිරීමත් සමඟ ගෞරවනීයත්වයක් නායකත්වයට හිමි වේ. මේ අනුව රාජත්වය වූ කලී මානව සුභසාධන කාර්යයන් ඉටු කිරීමේ සාමූහික ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් ලෙසින් බිහි වූ මානව සංවිධානයක පරිණත අවස්ථාවක් ලෙස  සඳහන් කළ හැකිය.
පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජත්වය පිළිබඳ විමසීමේදී උපයෝගී වන මූලාශ‍්‍ර හා ඒවායේ භාවිතය
                    ශී‍්‍ර ලංකාවේ රාජත්වය පිළිබඳ විෂය මූලික ඉතිහාසය  ක‍්‍රි:පූ යුගය තරම් ඈතට දිවෙතත් එ් පිළිබඳව නිශ්චිත නිගමනයන් ගම්‍යයමාන කර ගැනීම තවමත් අසීරුය. එම නිසා ප‍්‍රස්තුත හා උපකල්පනය කිරීම් මත සාකච්ඡුා කෙරෙන අතිශය විවාද සම්පන්න මාතෘකාවක් ලෙස මෙය අර්ථ දැක්විය හැකිය. මෙම සංකල්පය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති මත පිළිබඳ විමසීමට මත්තෙන් එකී මත ඉදිරිපත් කිරීමට උපයෝගී කොට ගත් මූලාශ‍්‍රයන් විග‍්‍රහ කිරීම වඩාත් උචිතය.  ඕනෑම ඉතිහාස ගත සාධකයක් අධ්‍යයනය කිරීමේදී යොදා ගන්නා ප‍්‍රධාන මූලාශ‍්‍ර වර්ග දෙකකි.
                           01.සාහිත්‍යය මූලාශ‍්‍ර   (දේශීය/විදේශීය*
                           02.පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර‍්‍ර (දේශීය/විදේශීය*
                         ක‍්‍රිස්තු පූර්ව සවන සියවසෙන් ආරම්භ වන දේශපාලන තොරතුරු අන්තර්ගත වංශකථා සාහිත්‍යයක් ලාංකිකයන් සතුව පවතී. සාහිත්‍යය මූලාශ‍්‍ර අතර වඩාත් වැදගත් වන්නේ මහාවංසය, දීපවංසය, චූලවංසය, රාජාවලිය, නිකාය සංග‍්‍රහය, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, එළුඅත්තනුගලූවංසය  ආදී අනුරාධපුර යුගයේ සිට දඹදෙණි, කුරුණෑගල, ගම්පොළ ආදී යුගවල ලියවුණු ගද්‍යය සාහිත්‍යය කෘතින්ය. නමුත් සාහිත්‍යය ගත තොරතුරු මත පමණක් දිවයිනේ දේශපාලන නායකත්වය පිළිබඳ තොරතුරු සෙවීමේදී අවසානයේ එළඹීමට සිදුවන එක් නිගමනයකි. එනම් පාලන සංවිධානයේ මූලික අදහස් සමඟ ලංකාවට පැමිණි විජය සහ හත්සියයක් පිරිස සමඟ ඉන්දියානු කුමරෙකුගේ හෙවත් ආර්ය වංශිකයෙකු යටතේ මෙරටේ දේශපාලන නායකත්වය ප‍්‍රභවය ලැබු බවයි. එතැන් පටන් එ්කීය පාලන රටාවක් සහ නායකත්වයක් යටතේ මෙරට රාජත්වය වර්ධනය වීය යන අදහස එමඟින් නිරායාසයෙන් ධ්වනිත කරයි. නමුත් එකී සාහිත්‍ය මූලාශ‍්‍ර තුළින්ම විජයට පෙර යක්ෂ, නාග වැනි ගෝත‍්‍රික පිරිස් මෙරට විසූ බවත් ඔවුන්ට දේශපාලන සංවිධානයක් තිබූ බවත් ප‍්‍රකාශ වේ. නමුත් ශිෂ්ට සම්පන්න නායකත්වයක් තිබූ බවක් පෙන්වා දීමට වංසකථාකරු මැලි වේ. දේශීය සාහිත්‍යය මූලාශ‍්‍රවල පමණක් නොව විදේශීය ලේඛකයන්ගේ කෘතිවලින්ද ලංකාවේ රාජත්වයේ ප‍්‍රභවය පිළිබඳව තොරතුරු ඇතුළත් වේ. වෙළඳ නායකත්වයක් මත දේශීය නායකත්වය ප‍්‍රභවය ලැබූයේ යැයි දිව්‍යාවදානය මෙන්ම ෆාහියන්ගේ සහ හියුන් සියෑංගේ වාර්තා මගින් ප‍්‍රකාශ වේ .
                   මෙවැනි සාහිත්‍යය මූලාශ‍්‍ර සමඟම වඩාත් විශ්වසනීය හා නිවරදි ඉතිහාසයක් ගොඩ නගා ගැනීම සඳහා වැදගත් දායකත්වයක් සපයන මූලාශ‍්‍රයක්  හඳුනාගත හැකිය. සාහිත්‍යය මූලාශ‍්‍රවලටත් වඩා ඈතට ගමන් කරන පුරාවිද්‍යා සාධක මෙම අධ්‍යයනයේදී ඉතාම වැදගත් මෙහෙවරක් ඉටු කරයි. ඒවා අතර  ගිරි ලිපි, පුවරු ලිපි, ටැම් ලිපි හා නානකවිද්‍යාත්මක සාධකද අන්තර්ගතය.
                     අභිලේඛන මූලාශ‍්‍රවල අක්ෂර පරිණාමය සලකා කි‍්‍රස්තු පූර්ව 3 වන සියවසට අයත් යැයි කාල නිර්ණය කරන ලද ශිලා ලිපි කිහිපයකින් හෙළිවන සාක්ෂි මගින් ඉහත කී සාහිත්‍යය මූලාශ‍්‍ර හෙළි කරන කරුණු පිළිබඳව දෙවරක් සිතා බැලීමට සිදු වෙයි. එසේම  සාහිත්‍යය මූලාශ‍්‍රයකින් දක්වා ඇති පුරාවිද්‍යා මූලාශ‍්‍රයකින් තව දුරටත් සනාථ කර ගැනීමටත් ඌණ පූර්ණ එක් කර ගැනීමටත් හැකි වන බවත් අමතක කළ යුතු නොෙවි. එම නිසා මෙම දෙපාර්ශවයෙන්ම මතු කෙරෙන කරුණු අන්‍යෝනය වශයෙන් සංසන්දනය කරමින් අතිශයෝක්ති ඉවත් කරමින් පුරාතන ශී‍්‍ර ලංකාවේ රාජත්වය පිලිබඳව අධ්‍යයනයට ප‍්‍රවිශ්ඨ වීම වැදගත්ය. වර්තමානයේ මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බොහෝ ශාස්ත‍්‍රඥයින් එකී මූලාශ‍්‍ර ද්වයම පරිශීලනය කොට වඩා තර්කානුකූල, හේතු ඵල සම්බන්ධතා හා ගැළපෙන මත ඉදිරිපත් කොට ඇති ආකාරයක් පෙනී යයි.
පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජත්වයේ ආරම්භය හා විකාශනය සම්බන්ධව ඉදිරිපත්ව ඇති මතවාද
                      දහ නව වන සියවසේ අගභාගය වන විට මෙරට ඉතිහාසය නිර්වචනය කළ බොහෝ ඉතිහාසඥයන් තම මතවාද ඉදිරිපත් කිරීමට යොදා ගත් ප‍්‍රධානතම ප‍්‍රවේශය වූයේ සාහිත්‍යය මූලාශ‍්‍රයි. ඒ අනුව ඉන්දීය සාධකය මත ශී‍්‍ර ලංකාවේ පාලන සංවිධානය හා නායකත්වය ඇති වූ බවයි. විජය රජුගෙන් ආරම්භව දේවානම් පියතිස්ස රජුගේ කාලයේ අභිශේකය ලැබීම  එහි වර්ධනීය අවස්ථාවක් පෙන්නුම් කරන බවත් දක්වයි. නමුත් එම අදහස් විවේචනය කරමින් නූතනය වන විට වඩා වැඩියෙන් පුරාවිද්‍යාත්මක තොරතුරු මත පදනම්ව ඉතිහාසය නිර්වචනය කිරීමට විද්වතුන් පෙළඹී ඇත. පුරාතන ශී‍්‍ර ලංකාවේ රාජත්වයේ ආරම්භය හා වර්ධනය පිළිබඳ අදහස් දැක්වීමේදී ද මෙම තත්තවය දක්නට ලැබෙයි. හඟුරන්කෙත ධීරානන්ද හිමියන්ට අනුව ශ‍්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ වවුනියා දිස්ත‍්‍රික්කයේ සිට දකුණු ප‍්‍රදේශයේ හම්බන්තොට දිස්ත‍්‍රික්කය දක්වා ක‍්‍රි:පූ 3 වන ශතවර්ෂයේ සිට ක‍්‍රි:ව 1 දක්වා අතර කාල පරිච්ෙඡ්දයට අයත් අභිලේඛන රැුසක්, පාලකයන් දරන ලද විරුද නාම පිළිබඳ තොරතුරු හෙළිවීම එ් සඳහා බලපෑ ප‍්‍රධාන සාධකයක් වෙයි. එමෙන්ම සමාජයේ විසූ පුද්ගලයන් විසින් භාවිත කළ විරුද නාම හා තත්ව නාම ගැනද ගැඹුරින් අධ්‍යයනය කිරීමත් දේශීය හා විද්ශීය සාහිත්‍යයික තොරතුරු මෙන්ම අනෙකුත් පුරාවිද්‍යාත්මක දත්ත සමඟ සංසන්දනය කිරීමත් නිසා නව අර්ථකථනවලට ඉඩ ලැබුණි.
               පුරාතන ශී‍්‍ර ලංකාවහි රාජත්වය හා එහි වර්ධනය පිළිබඳ මත ඉදිරිපත් කරන විද්වතුන් අතර පී.ගෝල්ඞ්මිෂ්ඞ්ට් :ඡුගඨදකාිජයපසාඑ*ල එව්.සී.පී බෙල්, සෙනෙරත් පරණවිතාන, සී.ඩබ්.නිකලස්, ලක්ෂ්මන් එස්. පෙරේරා, තිලක් හෙට්ටිආරච්චි, ආර්. එ් . එල්.එච් ගුණවර්ධන, එස්. කේ  සිත‍්‍රම්පලම්, සුදර්ශන් සෙනවිරත්න, හඟුරන්කෙත ධීරානන්ද හිමි හා ඉන්ද්‍රකීර්ති සිරිවීර ආදීන් ප‍්‍රධාන වේ. මේ පිළිබඳ විෂයාත්මක වර්ධනයට ඔවුන් අතින් සිදු වූ මෙහෙය සුළුපටු නොවේ. එහෙයින් ඔවුන් ඉදිරිපත් කර ඇති මතවාද සංසන්දනාත්මකව විග‍්‍රහ කොට පුරාතන ශී‍්‍ර ලංකාවේ රාජත්වය කෙසේ වර්ධනය වූයේද යන්න පිළිබඳව නිවරදි නිගමනයක් නොහොත් උපකල්පනයක් ගොඩනැගීම ඉතා වැදගත් වෙයි.
පී.ගෝල්ඞ්මිෂ්ඞ්ට් :ඡුගඨදකාිජයපසාඑ* මහතාගේ මතය
                       යුරෝපීය ජාතිකයෙකු වන පී.ගෝල්ඞ්මිෂ්ඞ්ට් මහතා ක‍්‍රි:ව 1870 දී රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවට:න්‍ක්‍ඊඍ්ී* ලියන ලද  ර්‍ණභදඑැි දබ ්බජසැබඑ ීසබය්කැිැ ෂබිජරසචඑසදබ” යන ලිපියෙන් අභිලේඛන ගණනාවකම සඳහන්ව ඇති ‘‘ පරුමක’’ නම් විරුදය යනු කුමක්දැයි විග‍්‍රහ කරමින් මෙම ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් නව ප‍්‍රවේශයක් ලබා දී ඇත.  ඔහුට අනුව පරුමකවරු යනු භ‍්‍රාහ්මණයන් විය හැකිය.‘‘පරුමක’’ ු ‘‘භ‍්‍රාහ්මණයන්’’ යයි සඳහන් කරන්නේ කුමන පදනමකින්දැයි යන්න පිළිබඳව අදහසක් දක්වා නොමැත.‘‘බමණ’’ විරුදය දරන ලද පුද්ගලයන් විසින්ද  ‘‘පරුමක’’ විරුදය දරන ලද නිසාත් ඔහුගේ එම නිගමනය නිරවද්‍යය යැයි කිව නොහැකි බව මේ පිළිබඳ අදහස් දක්වන අනෙකුත් විද්වතුන් පෙන්වා දෙයි. එහෙත් අභිලේඛන ගත විරුද හා පුද්ගල තත්තව පදනම් කර ගනිමින් විද්‍යාර්ථ_න්ට නව ප‍්‍රවේශයක් ලබා දීම නිසා එතුමාගේ මතය වැදගත් වේ.
එව්.සී.පී බෙල් මහතාගේ මතය            
 මොහුගේ මතය පළ වූයේ ක‍්‍ර:ව 1892 දී ”ඔයැ රුචදරඑ දබ එයැ ණැට්කක් ෘසිඑරසජඑ දෙ එයැ චරදඩසබජැ දෙ ි්ඉ්ර්ට්පමඅ්’’ නමින් පළ කළ නිබන්ධනයේය.  ‘‘ පරුමක’’ යනු ‘‘ප‍්‍රධාන’’ යන අරුත ගැබ් වූ පදයක් ලෙස ඔහු දක්වයි. බෙල්ගේ මෙම අදහස පුරාතන ලංකාවේ දේශපාලන හා සමාජ තත්ත්වය ගැන නව අදහසකට මුල පිරීමක් බව පෙනේ. බෙල් විසින් පරුමක යන පදය නොයෙක් භාෂාවල යෙදි ඇති ආකාරයද පෙන්වා දෙයි. සංස්කෘත: ප‍්‍රමුඛඝ එළු: පාමොක් ඝ දමිළ: පෙරුමකන් යන භාෂාවල මෙම පදය භාවිත වී ඇති ආකාරය හා භාෂා ?පයන්ද බෙල්ගේ විවරණයට පදනම් කරගෙන ඇත. නමුත් ඔහු මෙම පදය අනෙක් භාෂාවල යෙදෙන ආකාරය පෙන්වා දුන්නද එම පදයන් යෙදෙන මූලාශ‍්‍රවල කාලය හා පරුමක විරුදය සඳහන් අභිලේඛනවල කාලය අතර සමාන අසමානතා ගැන සැළකිල්ලක් දක්වා නොමැති බවට නූතන විද්වතුන් චෝදනා කරයි. එයට උදාහරණ ලෙස ඔවුන් දක්වන්නේ  දමිළ ‘‘පෙරුමකන්’’ යන්න භාවිත කර ඇති සංගම් සාහිත්‍යය ක‍්‍රිස්තු වර්ෂයට පෙර සම්බන්ධ කිරීමට ඇති ඉඩ සීමිතය. නමුත් ‘‘පරුමක’’ යන්න ක‍්‍රිස්තු පූර්ව තෙවන සියවස දක්වා ඈත කාලයකට සම්බන්ද කළ හැකිය යන්නයි. බෙල්ගේ මතය විවාද සම්පන්න වුවද ඔහු අභිලේඛන ගත පද වෙනත් භාෂා සමඟ යෙදී ඇති ආකාරය සම්බන්ධ කරමින් එ්වා කෙසේ විවරණය කළ යුතුද යන්න පිළිබඳව නව  අදහසක් පළ කර තිබීමත්, පුරාතන රාජත්වයේ ප‍්‍රභවය පිළිබඳ සාකච්ඡුා කිරීමේදී මුල් කාලීන දේශපාලන හෝ සමාජ නායකත්වයක නව අදහසක් මෙම මතයේ ගැබ්ව තිබීමත් නිසා එය වැදගත් වන බව පෙනී යයි.
සෙනෙරත් පරණවිතාන මහතාගේ මතය

                1939දී පුරාවිද්‍යා කොමසාරිස් ¥රයට පත් සෙනෙරත් පරණවිතාන මහතා 1936දී ආසියාතික සංගමයේ බ්‍්‍රතාන්‍යය හා අයර්ලන්ත ශාඛාව මගින් ප‍්‍රකාශයට පත් කළී’ඔඅද  ඍදහ්ක ඔසඑකැි දෙ ඔයැ ෑ්රකහ  ීසබය්කැිැ  ්බා  ඔයැ ධරසට්බ දෙ ණසබටියසච සබ ්බජසැබඑ ක්‍ැහකදබ’’   ලිපියෙන් පුරාතන ශී‍්‍ර ලංකාවේ පාලන නායකත්වයේ ආරම්භය පිළිබඳව නව අදහසක් ඉදිරිපත් කරන ලදි. ඔහු පවසන්නේ ශ‍්‍රී ලංකාවේ උතුරු මැද, දකුණ, හා මධ්‍යම යන පළාත්වලින් සොයා ගත් ක‍්‍රි:පූ 3 සිට ක‍්‍රි:ව 1 දක්වා වන අභිලේඛනවල සඳහන් පාලකයන් විසින් භාවිත කළ ‘‘ගමණි’’ හා ‘‘ගමිණි’’ විරුදත් පසු කාලීනව අභිලේඛනවල සඳහන්ව ඇති ‘‘මපුරුමුක’’ හා ‘‘මපුරුමුකා’’ විරුද නාමත් විග‍්‍රහ කරමින් බැලූ කළ වංසකථාවෙහි ගමිණි යන්න පෞද්ගලික නාමයක් ලෙසින් සඳහන්ව තිබූවද සෑම අභිලේඛනයකම පාහේ ‘‘ගමණි’’ යන්න රාජ විරුදයක් ලෙස භාවිත කොට ඇති ආකරයක් හඳුනා ගැනීමට හැකි බවයි. පරණවිතාන ‘‘ගමණි’’ විරුදය භාවිත කිරීම පිළිඳව දක්වන්නේ පැරණි සිංහල රජවරුන්ගේ මුතුන් මිත්තන් ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලදුව ඔවුන් ජනාවාස වීම ආරම්භ වූ කාලවල සිටම මෙම විරුදය උරුමයක් ලෙස පවත්වාගෙන ආ බවකි. ගමණි යනු සමූහයකින් තෝරා පත් කර ගත් ජනප‍්‍රිය නායකයෙකු බවත් මුල් කාලීන ජනපදිකයන්ගේ අභ්‍යන්තරිත ආරක්ෂාව සඳහාත් ජනපදයේ සාමය ආරක්ෂාව සඳහාත් නායකයෙකුගේ අවශ්‍යතාවය ඔවුන්ට දැනෙන්නට ඇතැයි ඔහු පෙන්වා දෙයි.ඉන් පෙනෙන්නේ ඔහුට අනුව ගමණිවරුන් පුරාතන ලංකාවේ පැරණිතම පාලක පිරිස වූ බවයි. එම ජනපද කිහිපයෙන් වඩාත් වැදගත් වූ එ්කකයක පාලකයා අනෙකුත් අය විසින් යුද්ධයේදී සෙන්පතියෙකු ලෙසත් සාමය පවත්නා අවස්ථාවල අධිකරණ නායකකෙු ලෙසත් කටයුතු කරන්නට ඇතැයි සළකන පරණවිතානයන් ඔවුන්ට ‘‘ගමණි’’ යන විරුධය පිරිනමන්නට ඇති බව විශ්වාස කරයි. ගමණිවරු කිහිප දෙනෙක් සිටින්නට ඇති බවද ඔහු ශිලා ලේඛන ඇසුරින් පෙන්වා දී ඇත. පුරාතන ශ‍්‍රී ලංකාවේ පාලකයෝ පොදු ජන ප‍්‍රභවයක් ඇත්තන් වූහ යන්න සනාථ කිරීමට රෝම ලේඛකයෙකු වන පොලිහිස්ටර් විසින් ශී‍්‍ර ලංකාවේ පාලකයන්ගේ තත්ත්වය පිළිබඳව කරන ලද ප‍්‍රකාශයද උපයෝගී කර ගනී.‘‘මහජනයා විසින් ඉතාමත් මෘදු ගුණ ඇති නුවණ ඇති දරුවන් නැති පුද්ගලයෙකු පාලකයෙකු ලෙස පත් කර ගනී’’ යන පොලිහිස්ටර්ගේ අදහස ගැන විග‍්‍රහ කරන පරණවිතාන මෙම ප‍්‍රකාශයේ සෑම කරුණක්ම සත්‍යය නොවන නමුත් මෙම දිවයින ‘‘ගමණි’’ නම් වූ මහජනයා විසින් තෝරා පත් කළ නායකයන් විසින් පාලනය කරනු ලැබූ සමයකට අයත් වූ ඔහුට කරුණු සැපයූවන්ගේ මතයකයක් වන්ට ඇතයිද කියා සිටි. තම අදහස සනාථ කිරීමට පොලිහිස්ටර් කළ ප‍්‍රකාශය  කෙතරම් වලංගු වේද යන්න පිළිබඳ පරණවිතාන මහතා විමසුමක් කර නොමැති නිසා විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළු මතු වේ.‘‘ගමණි’’ යන්න සාහිත්‍යය මූලාශ‍්‍රවලින් ගිලිහී ගියේ මෞරය ආභාසය මත ‘‘රජ’’ ‘‘මහරජ’’ මෙන්ම ‘‘දෙවනපිය’’ වැනි විරුද නාම දැරූවද තම පූර්ව පාලකයන් විසින් දරන ලද ගමණි යන්න භාවිතය අමතක නොකළ බව සෙල්ලිපි වලින් හෙළි වන බව ඔහුගේ මතයයි. මෙසේ මුල් පාලන එ්කකය නියෝජනනය කළ කුලය කුමක්ද යන්න පිළිබඳව නිගමනයන් ගොඩ නගා ගැනීමට පරණවිතානයන් ‘‘ගමණි’’ යන විරුදය පදනම් කර ගනී. වෛදික යුගයේදී ‘‘ග‍්‍රාමණි’’ යන්න වෛශ්‍යයනට විශේෂ වූවක් ලෙසින්ද හඳුනා ගන්නා ඔහු මුල් කාලීන දේශපාලන නායකත්වයට වෛශ්‍ය කුලයට අයත් වූවන්  පත්වන්නට ඇතයි  විශ්වාස කරයි.
             එසේම ක‍්‍රි:ව තෙවන සියවසෙන් පසු ‘‘රජ’’ ‘‘මහරජ’’යන විරුද වෙනුවට  භාවිත කළ ‘‘මපරුමුකා’’ හා ‘‘මපුරුමු’’ යන විරුද දෙසද අවදානය යොමු කළ පරණවිතාන මුල්කාලයේ භාවිත වූ පරුමක යන විරුදය සම්බන්ධ කරමින් එම විරුදයේ තවත් අවස්ථාවක් ලෙසම ‘‘මපරුමුක’’ විරුදය පාලකයන් විසින් භාවිත කිරීම ඔවුන්ගේ පරපුරෙහි වූ අයගේ ගණතාන්ත‍්‍රික ලක්ෂණ පෙන්වීමක් යැයිද ඔහු පෙන්වා දේ. නමුත් මෙම විරුද භාවිත කල සමාජවල කාලය සහ ස්වභාවය පිළබඳ ඔහු අවධානය යොමු කර නැත. එසේම අභිලේඛන තුළින් ලත් මෙම අදහස තවත් සනාථ කිරීමට ඔහු සාහිත්‍යය මුලාශ‍්‍රවල සඳහන් තොරතුරුද ගෙනහැර පායි. එනම් වංසතපකාසිනියේ සඳහන් දේවානම්පියතිස්ස රජු විසින් අශෝක රජු වෙත යවන ලද ¥තයන් විසින් කරන ලද ප‍්‍රකාශයේ අභිෂේකයක් නොතිබූ බව හා යෂ්ටියක් දැරීමෙන් තම නායකත්වය පෙන්වන බව අශෝක රජුට පැවසීමෙන් මෙහි පූර්ව අවධියේ අභිෂේකයක්  සහිත පාලන නායකත්වයක් නොතිබූ බවට තමා දරන අදහස හා කොතෙක් දුරට සමීප වන්නේදැයි පරණවිතාන විසින් පෙන්වා දී තිබේ.
          පුරාතන ශී‍්‍ර ලංකාවේ රාජත්වය පිළිබඳ පරණවිතාන දක්වන අදහස්වල සමස්තය පිළිබඳ විමසීමේදී පැහැදිලිවන කරුණ වන්නේ මෙරට පාලන නායකත්වය වනාහි පිට ප‍්‍රදේශයකින් රැුගෙනවිත් ස්ථාපිත කරන ලද්දක් නොව මෙරටේම දේශීය ජනතාවගේ තෝරා ගැනීමෙන් වර්ධනය වූවක් බවය. පරණවිතානයන්ගේ මෙම අදහස් නිසා වංසකතා සාහිතයේ ඇති අත්භූතජනක කතාවල වලංගුභාවය බිඳ වැටෙන අතර පාලි හා සංස්කෘත මූලාශ‍්‍රයවල සඳහන් ‘‘ගාමණි’’ ‘‘ගාමිණී’’ නැතහොත් ‘‘ග‍්‍රාමණී’’ යන්න මෙන්ම ‘‘පාමොක්ඛ’’ යන්න විග‍්‍රහ කරමින් ඉදිරිපත් කළ අදහස් නිසා ලාංකේය දේශපාලන නායකත්වයේ ප‍්‍රභවයට ඉන්දීය බලපෑමක් ලබා තිබේද යන මතය පිළිබඳව තව දුරටත් සිතීමට ඉඩ සලස්වයි. මෙමගින් සාහිත්‍යය මූලාශ‍්‍ර‍්‍රවලට අමතරව පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර වැඩිපුර පරිශීලනය කොට තිබීම ද ඉතා වැදගත් වේ. පරණවිතානගේ මතය පසු කාලීන විද්වතුන් මෙම කේෂේත‍්‍රය කෙරෙහි අවධානය යොමු කිරීමටද සමත් වූවකි.
සී.ඩබ්.නිකලස් මහතාගේ මතය
          මෙතුමාද අභිලේඛන පර්යේෂණ මගින් පාලක විරුද පදනම් කරගෙන පාලන නායකත්වයේ ආරම්භය හා එහි පසුබිම පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීය. නිකලස්ද ශතවර්ෂ කිහිපයක් මුළුල්ලෙහි ලංකාවේ පාලකයන් විසින් භාවිත කරනු ලැබූ ‘‘ගමණි’’ විරුදය ගැන විශේෂ අවදානයක් යොමු කරමින්  පුරාතන ලාංකේය පාලකයන් එය භාවිතා කිරීම සහ ඉන්දියානු සාහිත්‍යය මූලාශ‍්‍රවල සඳහන් ‘‘ගමණිි’’ හෙවත් ‘‘ග‍්‍රාමණි’’ යන්න  භාවිත වී ඇති ආකාරය ගැන සංසන්දනාත්මක විග‍්‍රහයක් ඉදිරිපත් කරයි. ඔහු විසින් ඹබසඩැරිසඑහ දෙ ක්‍ැහකදබ ඍැඩසැඅ සඟරාවේ සත්වැනි කාණ්ඩයට ලියූ ‘‘ ඔයැ ඔසඑකැ දෙ ඔයැ ීසබය්කැිැ ණසබටි ්ි ඍැජදරාැා සබ ෂබිජරසචඑසදබ දෙ 3රා ජැබඒමරහ ්ගක්‍ ’’ ලිපියෙන් තම අදහස් පෙන්වා දෙයි.  ඔහුට අනුව ඉන්දීය ග‍්‍රාමණින්ගේ තත්ත්වය වෛදික හමුදා ප‍්‍රධානියෙකුගේ සිට මෞර්ය ගම්පතියෙකු දක්වා පිරිහුනේය යන්න සත්‍යයක් ලෙස සලකන්නේ නම් එම ක‍්‍රියාවලියේ බලපෑම ශ‍්‍රී ලංකාවට ඇති නොවූ හෙයින් එකම විශේෂයක් හැර වංසකතා හා අභිලේඛනවල දැක්වෙන ගමණිවරු ස්ථ_ර වශයෙන්ම රජවරුන් නොහොත් කුමාරවරුන් වූවා විය හැකි බව විශ්වාස කරයි.වෛදික යුගයේ ගොත‍්‍රයක් ‘‘ජන හෙවත් ‘‘ග‍්‍රාම’’නමින් හඳුන්වන ලද අතර එහි නායකයා ග‍්‍රාමණි ලෙසින් හඳුන්වන බව ඔහු සඳහන් කරයි.‘‘ගමණි’’ ‘‘දෙවනපිය’’ ‘‘මපරුමක’’ යනු පාලකයන් විසින් එ් එ් කාලයේ ගන්නා ලද විරුද බවද පෙන්වා දෙන ඔහු සාහිත්‍යය මූලාශ‍්‍ර ගැන නොසළකා ‘‘ගමණිවරු’’ යනු පුරාතන ශ‍්‍රී ලංකාවේ මුල්ම පාලකයෝ වූහයි  පිළිගෙන තිබේ. නමුත් ඉන්දීය සාහිත්‍යය මූලාශ‍්‍රවල සඳහන් තොරතුරු මතම පුරාතන ශී‍්‍ර ලංකාවේ ගමණිවරුන් පිළිබඳව අර්ථකථනය කිරීම කොතරම් සුදුසුද යන ගැටළුව ඇති වේ. ‘‘ගමණි’’ විරුදය පසු කාලීන පාලකයන් විසින් එක් විරුදයක් ලෙස භාවිතා කළද එ් මත සිට මුල් ‘‘ගමණිවරුන්ගේ ’’ තත්ත්වය නිගමනය කිරීමට දුෂ්කර බව විද්වතුන්ගේ මතයයි. නිකලස්  විසින් දක්වන මෙම අදහස් මගින් දේශීය නායකත්වයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළද ‘‘ගමණි’’ නායකත්වයක් දේශීය සමාජය තුළ ඇති වීමට මුල් වූ කරුණු පිළිබඳව දක්වා නොමැති වීමත් ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව අදහස් නොදැක්වීමත් බලවත් අඩුවක් බව ඇතමෙක් පෙන්වා දෙති.  නමුත් මෙම අදහස පුරාවිද්‍යාත්මක වශයෙන් මෙම සංකල්පය දෙස බැලීමට විද්වතුන්ගේ අවධානය යොමු කරවන අතර පරණවිතාන මහතා දක්වූ අදහස් තව දුරටත් ඉදිරියට ගෙන යාමක් බව පෙනී යයි.
ලක්ෂ්මන් එස්. පෙරේරා මහතාගේ මතය
                 අභිලේඛන ගත කරුණු පදනම් කර ගනිමින් පුරාතන ශී‍්‍ර ලංකාවේ රාජත්වයේ ප‍්‍රභවය පිලිබඳ අදහසක් ඉදිරිපත් කිරීමට මොහු උත්සහ කොට ඇත.මීට පූර්වයේ විද්වතුන් කිහිපදෙනෙකුම අවධානයට යොමු කළ ‘‘ගමණි’’ විරුදයම තම මතය ඉදිරිපත් කිරීමට උපයෝගී කොටගෙන තිබේ. ‘‘ගමණි’’ යනු ගම් ප‍්‍රධානියා ගමෙහි නායකයා යන අදහසක් ඇති වචනයක් බව ඔහු සඳහන් කරයි. පුරාතන ලංකාවේ පාලකයන් ‘‘රජ’’ ‘‘මහරජ’’ යන විරුද භාවිත කිරීමට මත්තෙන්‘‘ගමණි’’යන්න භාවිත කරන්නට ඇති බව පෙන්වා දෙයි. පුරාතන ඉන්දියාවෙහි මෙම විරුදය භාවිත කළ බවට සාක්ෂි නොමැති බව පෙන්වා දෙන ඔහු මුල් කාලයේදී ග‍්‍රාමීය නායකයන් සඳහා ‘‘ගමණි’’ යන්න භාවිත කළ අතර ඔහුගේ කාර්ය හා බලය වර්ධනය වී යාමත් සමඟම තත්ත්වය උසස් වූ මුත් ‘‘ගමණි’’ නාමය ඔවුන් අත නොහරින ලද බව පෙන්වා දෙයි. පාලන තත්වය ශ‍්‍රී ලංකාවෙහිම ඇති වූවක් ලෙස පෙරේරාද පිළි ගනී. මුල් අවධියේදී මිනිසුන් ජනාවාසකරණය වීමේදී ඔවුන්ගේ පසුබිමෙහි රජ පෙළපතක ඉතිහාසයක් නොවූ බවත් ඔවුන් විසින්ම පසුව නායකත්වයක් ඇති කර ගන්නා ලද බවත් එම අවස්ථාව පාලන නායකත්වයේ මුල් අවධිය බවත් ඔහු පෙන්වා දෙයි. ‘‘පරුමකවරුන්’’ ද සමාජ දේශපාලන ව්‍යුහය තුළ වැදගත් ස්ථානයක් ඉසිළු පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇත. ඔහු මෙම නිලය ආයතන ප‍්‍රධානියෙකු වශයෙන් විශ්වාස කරයි. පෙරේරාගේ මතය සමස්තයක් වශයෙන් සළකන කළ පාලන නායකත්වය ගැන මෙතෙක්   මත ඉදිරිපත් කළ විද්වතුන්ගේ මතවලට වඩා තර්කානුකූල බව පෙනී යයි. ඔහු විසින් ප‍්‍රාදේශීය පාලන නායකත්වයන් රැුසක් ක‍්‍රි:පූ 1ට පෙර පැවති බව පෙන්වා දෙන අතර වංශකතාවලින් පෙන්වා දෙන එ්කීය නායකත්වයක් පැවතීයේය යන අදහස එමගින් බිඳ හෙළයි. නමුත් ග‍්‍රාමීය නායකත්වයක් කුමන පරමාර්ථයක් මත ගොඩ නැගුවේද යන්න පිළිබඳව ඔහු පැහැදිලිව සඳහන් නොකරයි.ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ 1948 දී ලංකා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ‘‘ඔයැ ෂබිඑසඑමඑසදබි දෙ ්බජසැබඑ ක්‍ැහකදබ රෙදප ෂබිජරසචඑසදබි ’’නම් නිබන්ධනය තුළිනි.
තිලක් හෙට්ටිආරච්චි මහතාගේ මතය
             තිලක් හෙට්ටිආරච්චි විසින් ශ‍්‍රී ලංකාවේ රාජත්වයේ ප‍්‍රභවය සම්බන්ධයෙන් නව මතයක් ඉදිරිපත් කරයි. පූර්ව විද්වතුනට වඩා අභිලේඛන හා සාහිත්‍යය මූලාශ‍්‍ර සංසන්දනාත්මකව පරිශීලනය කරමින් උතුරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි සංක‍්‍රමණිකයන්ගේ කාලයට රාජත්වයේ ප‍්‍රභවය සම්බන්ධ කළ හැකි බව ඔහු දක්වයි. ‘‘ගමණි’’ හා ‘‘අභය’’ හෙවත් ‘‘අපය’’ යන විරුදවලට නව අර්ථකථනයක් දෙමින් ‘‘අභය’’ හා ‘‘ගමණි’’ යන විරුදයන් අතර සමානත්වයක් ඇත යන්න ඔහුගේ තර්කයයි. ‘‘ගමණි’’ හෙවත් ග‍්‍රාමණී යන්නට පාලි හා සංස්කෘත භාෂාවල දී ඇති යුද නායකයා යන අරුතට විශේෂ අවධානයක් යොමු කරමින් එකී අරුතින් ‘‘ගමණි’’ නායකත්වය ඔහු හඳුනා ගනී. ඒ සඳහා වංසකතා සාහිත්‍යයේ එන කථා පුවත්ද අදාළ කර ගනී.
              පුරාතන ශ‍්‍රී ලංකාවෙහි රාජත්වයේ ආරම්භය සඳහා යුද නායකත්වය මුල් වීය යන හෙට්ටිආරච්චිගේ මතය කොතෙක් දුරට සත්‍යයදැයි විමසිය යුතුය. ඔහු විසින් සඳහන් කරනුයේ ‘‘ගමණි’’නායකත්වය ගොඩ නැගෙනුයේ යුද නායකත්වයක් තුළින් බවත් එම නායකත්වයම පසුව දේශපාලන නායකත්වය දක්වා වර්ධනය වන බවත්ය.මෙකී අදහස තුළින් මතු වන්නේ ග‍්‍රාමයන් සඳහා ආරක්ෂාව ලබා දීම මුල් කර ගනිමින් නායකත්වයක් මෙරටේම බිහි වූ බවයි.ශ‍්‍රී ලංකාවේ පදිංචි වූ පිරිස් මුල් වැසියන්ගේ විරෝධතා වැළක්වීමටත් තමන් පදිංච් වූ ප‍්‍රදේශයේ යුද නායකත්වයක් යටතේ සංවිධානය වන්නට ඇති අතර එය රාජත්වය දක්වා වර්ධනය වු බවයි. නමුත් මෙම මතය තහවුරු කිරීමට යොදා ගන්නා අභිලේඛනවල සඳහන් විරුදවලට පාලි හා සංස්කාත භාෂාවල යුධ නායකයා යන්නට අමතරව වෙනත් තේරුම්ද ඇති බව පෙනේ. හෙට්ටිආරච්චි එම අර්ථයන් මොනවාදැයි සහ ඒවා ප‍්‍රතික්ෂේප කළ හැක්කේ කුමක් නිසාද යන්න පෙන්වා දෙන්නේ නැත. එසේම එම විරුද භාවිත කළ කාලය පිළිබඳවද හෙතෙම අඩු සැලකිල්ලක් දක්වා ඇත. එසේම රාජත්වයේ වර්ධනය හා පරිනාමීය රටාව තව දුරටත් විග‍්‍රහ කරමින් අදහස් දැක්වූයේ නම් ඔහුගේ අදහස් සාර්ථක වීමට ඉඩ තිබුණි. නමුත් ඔහුගේ අදහස් වඩාත් ප‍්‍රායෝගික බව පෙනේ.
 ආර්. එ්. එල්. එච් ගුණවර්ධන මහතාගේ මතය
                 පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජත්වයේ ප‍්‍රභවය පමණක් නොව එය බිහිවීමට බලපෑ සාධක හා එහි පරිණාමීය රටාව පිළිබඳවද අදහස් සමූහයක්  ආර්.එ්.එල්.එච් ගුණවර්ධනයන් විසින් දක්වා ඇත.  1971 ච්ිඑ ්බා ඡුරුිැබඑ සඟරාවට ලියන ලද ෂරරසට්එසදබ ්බා ්‍යහාර්මකසජ ීදජසැඑහ සබ ෑ්රකහ ඵැාසැඩ්ක ක්‍ැහකදබ ලිපියෙන්ද 1981 දී ඔයැ ීඑමාහ දෙ එයැ ීඒඑැ ග‍්‍රන්ථයට ලියන ලද ‘‘ඡුදකසඑසජ්ක ඡුදඇරථ ් ක්‍්ිැ ීඑමාහ දෙ ීඒඑැ ත්‍දරප්එසදබ සබ ්බ ෂරරසටජ්එසදබ ීදජසැඑහ”ලිපියෙන්ද ආදී වශයෙන්  ලිපි ලේඛන ගණනාවකින් ඔහු තම මතය ගෙනහැර දැක්වීමට උත්සහ කොට ඇත. ලොව අනෙකුත් රාජ්‍යයන් ඇසුරින් කරන ලද පර්යේෂණ නිගමන ද තම මතයන් තර්කානුකූලව ඉදිරිපත් කිරීමට උපයෝගී කර ගැනීම නිසා ගුණවර්ධනයන්ගේ මතය වඩාත් වැදගත් වේ. අභිලේඛන තොරතුරු මත දේශීය නායකත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් එවැනි නායකත්වයක් ඇති වීමට බලපෑ සාධක කවරේද   යන්න 1981 ඔදඒක ඡුදඇර දර ීයැ්රා චදඇර? ් ිඑමාහ දෙ  ්‍යහාර්මකසජ ීඒඑැ ්බා සඑි ඔර්බිදෙප්එසදබ සබ ීරස ඛ්බන් රෙදපැ එයැ එයසරා එද එයැ බසබඑය ජැබඑමරහ ්ගෘ  ලිපිය මගින් පෙන්වා දෙයි. භ‍්‍රාහ්මී ලේඛන සියුම්ව පරීක්ෂා කරන ඔහු ඒවායෙන් දේශපාලන හා සමාජීය ස්ථරගතවීමක් දකී.ගමණි පරුමක ගමික හා ගපති වැනි තනතුරුවලින් එම ශ්‍රේණිගතවීම පෙනෙන බව ඔහු දක්වයි. භික්ෂූන්ට පූජා කරන ලද ලෙන් බොහොමයක් එනම් 28% පමණ පරුමකවරුනට අයත්ව තිබීමෙන් ඔවුන්ගේ සමාජ තත්ත්වය හා ආර්ථ_ක තත්ත්වය නිර්ණය කළ හැකි යැයි ඔහු දක්වයි. පරුමකවරු එ් එ් වංශවල ප‍්‍රධානීන් විය හැකිය යන්න ගුණවර්ධනගේ මතයයි. ඔවුන් ගැන මෙසේ කරන සඳහන පුරාතන ශ‍්‍රී ලංකා සමාජයේ දේශපාලන නායකත්වය පිළිබඳ හැදෑරීමේදී වැදගත් බව පෙනී යයි. ගුණවර්ධනයන් 1982 දී පළ කළ ලිපිය මගින් ශිලා ලේඛන මත පදනම්ව ස්වාධීන පාලන ඒකක 29ක් හඳුනා ගනී. මෙම පාලන එ්කකවල නායකයන් ‘‘ගමණි’’ ‘‘අය’’ ‘‘රජ’’ වැනි විරුධයන්ගෙන් පෙනී සිටිති. එ් අනුව ‘‘ගමණි’’ හා ‘‘රජ’’ යන විරුද සමානත්වයක් දරන බව ඔහුගේ අදහසයි. 
                      ප‍්‍රාදේශීය නායකත්වයන් හා පාලන එ්කක ඇතිවීමට වාරි කටයුතු ,නිෂ්පාදනය හා නිෂ්පාදන විිනිමය හා සම්බන්ධ ස්වභාවික සම්පත්ද, යුද්ධ කාර්යන්ද බලපා ඇතයි ඔහු පෙන්වා දෙයි. මුල්ම නායකත්වය හැඳින්වීමට රජ යන වචනය පාවිච්චි කළද එම මුල් කාලීන පාලන එ්කකවල නායකත්වය රාජත්වයේ මුල් අවස්ථාවක් ලෙස හඳුන්වයි.ඔහුට අනුව මුල් රාජ්‍ය අවධිය ක‍්‍රි:පූ 2 - 3 දක්වා කාලය තුළ සනිටුහන් වෙයි. පුරාතන ශී‍්‍ර ලංකාව් රාජත්වය දේශීයව ඇති වූවක් බවත් එම නායකත්වය සෙමෙන් ආර්ථ_ක හා සමාජ අවශ්‍යයතා මත රාජත්වය දක්වා වර්ධනය වූ බවත් අභිලේඛන සාක්ෂි සියුම්ව සළකා බලමින් ගුණවර්ධන විසින් නිගමනය කර ඇත. සාහිත්‍යය මූලාශ‍්‍ර ගත පුරාවෘත්ත බැහැර කරන ඔහු නමුත් භාහිර සාධක මේ කෙරෙහි යම් බලපෑමක් කළ බව ඔහු පිළිගනී. පුරාතන ශී‍්‍ර ලංකාව් රාජත්වය පිළිබඳ ඉදිරිපත්ව අත් අනෙකුත් මතවාද පිළිබඳවද සැලකිල්ලට ගෙන පාලන නායකත්වයයේ ප‍්‍රභවය ගැන දක්වා ඇති ආකාරය අනෙකුත් මතවලට වඩා ප‍්‍රායෝගික බව පෙනේ.
එස්. කේ  සිත‍්‍රම්පලම් මහතාගේ මතය
        ‘‘පරුමක’’විරුදය පදනම් කරගෙන අදහස් දක්වා ඇත. ඔවුන්ගේ මූලාරම්භය හා කාර්යන් පිළිබඳව ඉන්දියානු සංගම් සාහිත්‍යයෙන් තොරතුරු හා ලාංකේය සෙල් ලිපි ඇසුරෙන් මුල් පාලන නායකත්වයක් ගැන අදහසක් මතු කිරීමට මොහු විසින් උත්සහ කොට ඇත. සංස්කෘත හා පාලි සාහිතයයේ ප‍්‍රමුඛ හෝ පාමොක්ඛ යන වචන අනුසාරයෙන් පරුමක යන්න ව්‍යවහාරයට පත්වූ බවට දක්වන අදහස් හෙතෙම බැහැර කරයි. සංගම් සාහිත්‍යයේ පරුමක යන්නට සමාන ?පයක් ලෙස පෙරුමකන් හෝ පරුමකන් යන්න යෙදී ඇති බව පෙන්වන සිත‍්‍රම්පලම් එම ලේඛන කි‍්‍ර:ව පළමුවැනි හා තෙවැනි සියවස් අතර රචනා වූවා යැයිද පෙන්වා දෙයි. ‘‘මාන් ’’ යන්න මක/මකන් යන රූපයට සමාන බවත් ‘‘මාන්’’ යනු ප‍්‍රදානීන් හැඳින්වීමට යොදන පදයක් ලෙස ඔහු සඳහන් කරයි.ඉන් ඔහු බලාපොරොත්තු වන්නේ ‘‘පරුමක’’ යන්න පාලන ප‍්‍රධානියෙකු හැඳින්වීමට යොදා ගත් වචනයක් ලෙස ඔප්පු කිරීමටය. ‘‘සිලප්පතිකාරම්’’ හා ‘‘මණිමෙකෙලෙ’’ යන ග‍්‍රන්ථවලද රජුට මෙම පෙරුමකන් යන වචනය යෙදේ යැයි පෙන්වන ඔහු ශී‍්‍ර ලංකාවටද එය එලෙසම වෙනසක් නොමැතිව පැමිණෙන්නට ඇතයි උපකල්පනය කරයි.එමෙන්ම මෙම විරුදය දමිළ හා ලංකා අභිලේඛනවල ස්ත‍්‍රී ලිංගාර්ථයේ ‘‘පරුමකලූ’’ ලෙස යෙදී ඇතැයි පෙන්වා දෙමින් ඔහු තම මතය පෙන්වා දීමට උත්සහ ගනී. අනෙකුත් මූලාශ‍්‍ර රැුසක් සමඟ පරුමක විරුදය සංසන්දනය කරමින් පුරාතන ලංකාවෙහි නායකත්වය පිළිබඳ දක්වන නව අදහසක් ඔහු සතුව වන බව පෙනෙයි. එහිදී ඇතැම් කරුණු ඉදිරිපත් කිරීමේදී එ්වා පදනම් විරහිත ප‍්‍රකාශ ලෙස දැක්වුවත් නායකත්වයේ ප‍්‍රභවයට දකුණු ඉන්දියානු සම්භවයක් ඇතැයි පෙන්වා දීම නව ප‍්‍රවේශයක් බව කිව හැකිය.
සුදර්ශන් සෙනෙවිරත්න මහතාගේ මතය
                    මෙතුමා විසින් ප‍්‍රාග් ඓතිහාසික යුගවල සිට පූර්ව රාජ්‍ය අවධිය දක්වා වංශ නායකයන් ලෙසින් ‘‘පරුමකවරුන්ගේ’’ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කර ඇත. කැණීම් මගින් සොයා ගන්නා ලද මෙගලතික යුගයට අයත් දකුණු ඉන්දීය හා ලාංකේය මැටි බඳුන් තුළින් හා ඒවායේ ඇති සංකේතවල සාම්‍යත්වයක් මත මෙම ප‍්‍රදේශයන් අතර මුල් අවධීන්වල සබඳතා පවතින්නට ඇතයි පෙන්වා දෙයි. ‘‘පරුමකවවරුන්ගේ’’ හා දමිළ සංගම් සාහිත්‍යයේ එන ‘‘පෙරුමකන්වරු’’ අතර සමානත්වයක් පවතින බව හෙතෙම පෙන්වා දෙයි. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දකුණු ඉන්දියාවේ දේශපාලන නායකත්වයක් හා අධිකාරීත්වයක් ඇති වන්නට ඇතයි අනුමාන කරන සෙනෙවිරත්න මහතා එම තත්ත්වය මුල්  යකඩ යුගයේම ලංකාවෙහි පූර්ව රාජ්‍ය ව්‍යුහයට බලපාන්නට ඇතැයි අනුමාන කරයි.ක‍්‍රි:පූ 6 - 7 කාලවල දකුණු ඉන්දියාවේ පූර්ව ඓතිහාසික යුගවල සිටම දේශපාලන හා ආර්ථ_ක වශයෙන් බලවත්ව සිටී ‘‘වේලිර්වරුන්ගේ ’’නායකත්වය යටතේ ‘‘පරුමකවරුන්’’ මෙරටට පැමිණෙන්නට ඇතයි එතුමා පවසයි.පරුමකවරුන්ට මුල් කාලයේ එළඹි නොයෙක් බලපෑම්වලින් මිදීමට සිය වර්ගයා අතර තත්ත්වය ආරක්ෂා කර ගැනීම අවශ්‍යය විය. එම නිසා ඔවුන් තමන්ගේ වංශ කණ්ඩායම් අතර අධිකාරීත්වයක් පිහිටුවාගෙන සීමිත ප‍්‍රදේශයක දේශපාලන බලයක්ද අත්පත් කරගෙන සිටී බව ඔහු සඳහන් කරයි. එම නිසාම ඔවුන් ‘‘රජ’’ ‘‘අය’’ වැනි විරුද දරන්නට ඇතිබව පවසි.
             ඔහුගේ අදහස් අනුව පෙනී යන්නේ මෙරට රාජත්වය උතුරු ඉන්දියානු බලපෑමකින් නොව දකුණු ඉන්දීය බලපෑමකින් එය සිදුවූ බවත් පාලන කේෂේත‍්‍රයේ මුල් අවස්ථාව පරුමකවරුන් වූ බවත්ය.නමුත් ඔහු පෙරුමකන් හා පරුමක යන පද අතර සමානත්වයක් ගොඩ නැගීමට යොදා ගන්නා සාක්ෂිවල කාලය පිළිබඳව සැළකිලිමත් නොවී ඇති බවත් මැටි බඳුන් ංකේත පිළබඳව මතුපිටින් බලා පමණක් කරුණු ගෙනහැර දක්වා ඇතයිද විද්වතුන් පෙන්වා දෙයි. නමුත් පුරාවිද්‍යාත්මක සාධක කෙතරම් දුරට මෙම කේෂේත‍්‍රය පිළිබඳ හැදෑරීමේදී අදාළ කර ගත හැකිද යන්න පිළිබඳ දැක්වීමට සෙනෙවිරත්නගේ මතය වැදගත් බව පැහැදිලිය.
ඉන්ද්‍රකීර්ති සිරිවීර මහතාගේ මතය
              පුරාතන ශ‍්‍රී ලංකාෙවි රාජත්වය හා එහි ප‍්‍රභවය පිළිබඳව මත පළ  කළ ශාස්ත‍්‍රඳයන් අතරින් සිරිවීර මහතාද වැදගත්ය. එතුමාගේ රජරට ශිෂ්ටාචාරය හා නිරිතතදිග රාජධානි  නම් ග‍්‍රන්ථයේ මෙම අදහස් දක්වා ඇත . ඔහුට අනුව දැනට පවතින වංශකථා සියල්ලම පාහේ එක්සත් රාජධානියක් බිහි වීමෙන් පසුව ඇති වූ ඒවාය. එම එක්සත් රාජ්‍ය සංස්කෘතික ඒකකයක් වූ හෙයින් විජයගේ සිටම එක් රාජ්‍ය පාලකයෙකු යටතේ රාජ්‍ය පාලනය තිබූ බව ඒවායෙන් පිළිගත්තද එම වංශකථාගත තොරතුරුම ප‍්‍රවේශමෙන් හැදෑරීමේදී මෙන්ම අභිලේඛන සාධකද පරීක්ෂා කිරීමේදී ශී‍්‍ර ලංකා රාජ්‍යයේ ප‍්‍රාරම්භක අවධිය පිළිබඳව ලැබෙනුයේ වෙනස්ම චිත‍්‍රයක් බව ඔහු පවසයි. එනම් ඔහුට අනුව පණ්ඩුකාභය ජනප‍්‍රවාදයේම පණ්ඩුකාභය කුමරු මාමාවරුන් පරදවා අනුරාධපුර රාජ්‍ය තහවුරු කර ගැනීමේ සිද්ධියෙන් අනුරාධපුරයේ බලය ලබා ගත් පාලකයෙකු මහවැලි ගෙඟන් දකුණු ප‍්‍රදේශ කිහිපයක ආධිපත්‍යය තහවුරු කර ගැනීමක් පිළිඹිඹු වෙයි යැයි සැළකිය හැකි බවත් දේවානම්පියතිස්ස අවධියේද දිවයිනේ වෙනත් ස්වාධීන දේශපාලන එ්කක  කිහිපයක නායකත්වයක් පැවති බව මහා වංශයේම දැක්වෙන බව ඔහු පෙන්වා දෙයි.එනම් බෝධි රෝපණ උත්සවයට රුහුණේ කතරගම හා චන්දනගාම  ප‍්‍රදේශවල ක්ෂත‍්‍රීයන් පැමිණීමේ පුවත පෙන්වා දීමෙනි. එසේම දුට්ඨගාමිණී යුගයේදි කැළණියේ ස්වාධීන නායකත්වයක් තිබීමත් ඔහු රට එක්සේසත් කිරීමට එළාර හා සටන් කිරීමට මත්තෙන් දෙතිස් රජුන් පරදවා ජය ලැබූ බවත් දක්වන මහාවංශ කථා පුවතද මේ සඳහා උදාහරණ බව දක්වන සිරිවීර මහතා අභිලේඛන සාධක තුළින්ද මේ බව පසක් වන බව ආර්. එ් . එල්.එච් ගුණවර්ධන මහතාගේ පෙන්වා දෙන ලද දේශපාලන ඒකක තුළින් අනුමත කරයි. ඔහුට අනුවද  දිවයිනේ විවිධ ප‍්‍රදේශයන්හි ඇතැම් විට ‘‘රජ ’’නමින්ම හැඳින්වූ ප‍්‍රභූන් විසින් පාලනය කරන ලද පාලන එ්කක සමූහයක් වූ බවත් ශ‍්‍රී ලංකාවේ රාජත්වයේ ප‍්‍රාරම්භක අවධිය ඉක්මවීමෙන් පසු මල්වතු ඔය නිම්නය ආශ‍්‍රිතව වගා කළ හැකි විශාල ඉඩම් ප‍්‍රමාණයක් හසුරුවන ලද අනුරාධපුර රාජධානියේ නායකයන්ගේ බලය රට පුරා ව්‍යාප්ත වීමෙන් එක්සත් රාජ්‍ය නායකත්වක් බිහි වූ ඔහු දක්වයි. සාහිත්‍යය මූලාශ‍්‍ර හා පුරාවිද්‍යා මූලාශ‍්‍ර ඇසුරින් ඔහු දක්වන මතය වඩා තර්කානුකූල සහ ප‍්‍රායෝගික වුවද එහි නව ප‍්‍රවේශයක් අඩංගු නොවන බවක් පෙනේ.
හඟුරන්කෙත ධීරානන්ද හිමියන්ගේ මතය
              පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජත්වය හා එහි ප‍්‍රභවය පිළිබඳ කතිකාවතෙහිදී ධීරානන්ද හිමියන්ගේ අදහස්ද මෙම සංකල්පය වර්ධනයට හේතු වී ඇත. උන්වහන්සේ විසින් රචනා කරන ලද පුරාතන ශ‍්‍රී ලංකාෙවි රාජත්වය, රාජ්‍ය සහ ආගම  නම් ග‍්‍රන්ථය ඇතුළු ලිපිලේඛන සමූහයකින් මේ පිළිබඳ අදහස් ගෙනහැර දක්වයි.  අභිලේඛන සාධක මගින් සොයා ගන්නා වූ  දත්ත සාහිත්‍යය මූලාශ‍්‍ර සමඟ සංසන්දනය මගින් පුරාතන ශී‍්‍ර ලංකාවේ රාජත්වය පිළිබඳ කරුණු සමූහයක් අනාවරණය කොටගෙන ඇත. උන්වහන්සේ විසින් පාලන සංවිධානයේ හා පාලන නායකත්වයේ පැහැදිලිව ඉස්මතුවන  අවස්ථා දෙකක් හඳුනා ගනී. එනම් රාජ්‍යන් බිහි වීමට පෙර අවධිය හා පසු අවධිය වශයෙනි. රාජ්‍යයක් නා්‍යාත්මක වශයෙන් බිහි වූ දුට්ඨගාමිණී අවධියෙන් පෙර කාලය මෙම පූර්ව රාජ්‍ය අවධිය ලෙස පෙන්වා දෙයි. අභිලේඛන සාක්ෂි මත එම යුගයේ නායකත්වයක් පවතින ප‍්‍රාදේශිය මට්ටමෙන් ස්ථාන ගත වූ පාලන ඒකක පැවති බව හා එහි සිට එක්සත් රාජ්‍යක් දක්වා ශ‍්‍රී ලාංකීය පාලන නායකත්වය වර්ධනය වූ බව උන්වහන්සේ පෙන්වා දෙයි.
                   ‘‘ රජ’’ ‘‘මහරජ’’  ‘‘ගමණි’’ ‘‘අය’’ ‘‘අබි’’ නම්වලින් එම පාලකයන් හඳුනාගත හැකි බවත් මෙම විරුද පදනම් කර ගනිමින් පුරාතන ලංකාවේ රාජත්වයේ ප‍්‍රභවය ගැන නව ප‍්‍රවේශයක් වෙත එළඹිය හැකි බව හිමියන්ගේ මතයයි.  ස්වාධීන පාලන ඒකක 30ක් ඇතයි පෙන්වා දෙන අතර ඒවා අතර පවතින පාලක ඥාතීත්වයන්ද වඩාත් පුළුල් ලෙස දක්වමින් ඔවුන් භාවිත කළ විරුද තව දුරටත් විවරණය කිරීම වැදගත්ය. මේ අනුව බඹරගල, ගෝණවත්ත, ඇඹුල්අෙඹි, පිදුරාගල, යටහලෙන, ලෙනගල, සිතුල් පවුව, බොවත්තේගල, කොට්ටදැමූහෙළ, කුසලාන කන්ද, මොට්ටයක්කල්ලූ, ඔලංගල, පෙරියපුලියන්කුලම ,නාච්චියාර්මලේ , ආදී ස්වාධීන පාලන ඒකක සමුහයක් මගින් හෙළිවන දේශපාලන නායකත්වයන්  සහ සමාජ තතත්වයන් උන්වහන්සේ විසින් හඳුනා ගැනේ. රාජත්වය ගැන මුල් අවධියේ කථා කළ නොහැකි අතර පරුමක ගමණි විරුදයන් දැරූවන් එයට පදනම සකස්  කළ බවත් ‘‘ගමණිවරුන්ද’’ ‘‘ගමණි’’ ‘‘ගපති’’ ‘‘බත’’ වැනි විරුදයන්ගෙන් පෙනී සිටී පුද්ගලයන්ද ඊට සහයෝගය ලබා දෙන්නට ඇතයිද පෙන්වා දෙයි. අනුරාධපුරය මුල් යුගයේ සිටම දේශපාලන නායකත්වය නොදැරූ අතර එය තවත් එක් පාලන කොට්ඨාසයක් වී පසුව දියුණු වු බවද උන්වහන්සේ සිතයි. අභිලේඛන පැතිරීම අනුව එම පාලන එ්කක පිහිටුවා ගැනීමට අදාළ සාධක මොනවාද යන්නත් ඒ සඳහා කෘෂිකර්මය හා තත්කාලීන වාණිජ ක්ෂේත‍්‍රයේ වැදගත්වූ භෞතික සම්පත්වල පැතිරම ද සුවිශේෂ දායකත්වයක් කර ඇති බව පැහැදිලි කරයි. පසුව ක‍්‍රි :පූ දෙවැනි සියවසින් පසුව එක්සත් රාජ්‍යක් බිහි වීමට අවශ්‍යය පසුබිම මෙම පූර්ව රාජ්‍ය අවධීන්හි විකාශනයත් සමඟ ඇති වන්නට ඇතයි උන්වහන්සේගේ අදහස් තුළින් වටහා ගත හැකිය.
                   රාජත්වයෙ ප‍්‍රභවය පිළිබඳ ඉදිරිපත්ව ඇති අනෙකුත් මතවාද ද විග‍්‍රහාත්මකව විමසා බලන ධීරානන්ද හිමි ඒවායේ අඩුපාඩු හඳුනාගෙන වඩාත්   තර්කානුතූල පදනමකත් අභිලේඛනවලින් හෙළිවන තොරතුරු මතත් සිට තම මතය ගොඩනගා ඇත. එපමණක් නොව තමන් භාවිත කරන   මූලාශ‍්‍රවල කාලනිර්ණය පිළිබඳ මනා දැනුමකින් යුතුව තොරතුරු ඉදිරිපත් කිරීම සිදු කොට ඇත.තවද ශ‍්‍රී ලංකාවේ රාජත්වයේ පරිනාමීය තත්ත්වයක් ඇත යන්න උන්වහන්සේගේ නිගමනය වෙයි. එම නිසා උන්වහන්සේගේ මතය අනෙකුත් මතවාද සමඟ සංසන්දනයේදී වඩාත් කැපී පෙනෙන බව පැහැදිලිය.
මෙම මතවල ප‍්‍රභලතා සහ දුබලතා
                  19 - 20 සියවස්වල සිටම ශ‍්‍රී ලාංකිය ඉතිහාසය නිර්වචනය කිරීමේදී විද්වතුන් බොහෝ දෙනෙකු උපයෝගී කොට ගත්තේ සාහිත්‍යය ගත මූලාශ‍්‍ර්‍යයන්ය. නමුත් පසු කාලීන නූතන වියතුන් සියලූ දෙනාම පාහේ එයට වඩා වෙනස් ගමන් මගක් අනුගමනය කරමින් පුරාවිද්‍යා මූලාශ‍්‍රද සමඟ සාහිත්‍යය මූලාශ‍්‍ර සංසන්දනාත්මකව විග‍්‍රහ කරමින් ඉතිහාසය දැකීමට උත්සහ කරයි. පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජත්වයේ ප‍්‍රභවය පිළිබඳ ඉදිරිපත්ව ඇති මත පිළිබඳව සැළකීමේදීද මෙම තත්ත්වය දක්නට ලැෙබි. මෙසේ රාජත්වය පිළිබඳව ඉදිරිපත් වී ඇති සමස්ත මතවාද කොටස් තුනකට බෙදිය හැකිය.
පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජත්වයේ ප‍්‍රභවය
                   01. දේශීයව බිහි වූවක් බව පවසන මතවාද (සෙනෙරත් පරණවිතාන, ලක්ෂ්මන් එස්. පෙරේරා, ආර්. එ් . එල්.එච් ගුණවර්ධන, හඟුරන්කෙත ධීරානන්ද හිමි, ඉන්ද්‍රකීර්ති සිරිවීර*
                   02.ඉන්දීය සම්භවයකින් බිහිවූවක් බව පවසන මතවාද  (පී.ගෝල්ඞ්මිෂ්ඞ්ට්, එස්. කේ  සිත‍්‍රම්පලම්, සුදර්ශන් සෙනවිරත්න, එව්.සී.පී බෙල්,*
                   03.යුධ නායකත්වයකින් රාජත්වය ආරම්භ වී යැයි පවසන මතවාද (තිලක් හෙට්ටිආරච්චි, සී.ඩබ්.නිකලස්*
                  මෙම මත සියල්ලම සමස්තයක් කොට සැළකීමේදී ඒවායේ එක්තරා පොදු බවක් ද ගැබ්ව ඇතයි සිතේ. එනම් ඔවුන් සියලූ දෙනාම වංසකතා සාහිත්‍යයට වඩා පුරාවිද්‍යාත්මක සාධක කෙරෙහි වැඩි නැඹුරුවකින් අදහස් ඉදිරිපත් කොට ඇත. එසේම තම මතයන් සනාථ කිරීමට වංස කථා සාහිත්‍යය ඍජුව උපයෝගී කොට නොගත්තද ඒවා බැහැර නොකරයි. පාලන නායකත්වයේ ආරම්භයේදී එය  මුල් කාලීනව දේශීය/විදේශීයව/යුධ නායකත්වයක් මගින්  ආරම්භ වූවක් ලෙස ඔවුන් දකී. එසේ වුවද එහි වර්ධනයේදී මෙකී සමස්ත සාධකයන්හි අඩු වැඩි වශයෙන් බලපෑමක් ඇති වු බව පිළිගනී. තවද එය ක‍්‍රමික වර්ධනයක් ඇතිව සිදුවුවක් බවත් පිළිගනී.ඔවුන් සියලූ දෙනාම විරුද නාම පදනම් කර ගනිමින් රාජත්වයේ විකාශනය පිළිබඳව දැක්වීමට උත්සහ ගනී. එහිදී ‘‘පරුමක’’ විරුදයට සුවිශේෂත්වයක් හිමිව ඇත.
               අභිලේඛන ගත පාලක හා පුද්ගල විරුද නාම, විද්වතුන් විසින් දැක්වූ මත තුළින් විවිධ නිගමනයන්වලට එළඹ ඇතිමුත් ඔවුන් බොහෝ අවස්ථාවල කාලනිර්ණය පිළිබඳව දක්වා ඇත්තේ අඩු සැළකිල්ලකි. මේ නිසා පාලක විරුදවල වලංගුභාවයේ හා කාලීන වැදගත්කමේ අඩු වැඩි වීමක් ඇතැයි යන්න  පිළිබඳව සැළකීම සීමිත වීතිබේ. මේ නිසා බොහෝ දුරට වැරදි අදහස් හෝ ආකල්ප ඇති වීම නොවැළක්විය හැකිය. එමෙන්ම පාලක ප‍්‍රධානීන් හා රාජත්වය යන අවස්ථාවන්හි ඇති වෙනස් තත්ත්වය හා කාර්යයන් පිළිබඳව සියුම්ව අධ්‍යයනය කළ යුතු අතර මෙම පර්යේෂණවල එම තත්ත්වය දක්නට ලැබෙන්නේ අඩුවෙන් බව පෙනේ. තමන් ඉදිරිපත් කරන ලබන සාහිත්‍යය හා පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර තුළින් කරුණු ගෙනහැර පෑමේදී පක්ෂපාතීත්වයකින් තොරව නිගමන ඉදිරිපත්කිරීමද ඉතා වැදගත් වෙයි.
                 කෙසේ වෙතත්  නුතනයේ ඉතිහාසය වඩාත් නිවරදි ලෙස ගොඩ නැගීමට පුරාතන ශ‍්‍රී ලංකාවෙහි රාජත්වයේ ප‍්‍රභවය පිළිබඳ විමසීමේදී ඉහත පර්යේෂකයන් විසින් දෙනු ලැබූ දායකත්වය අතිමහත්ය.එම දත්ත හා අදහස් තුළින් මතුවන පරම්පරාවකට නව අදහසක් ගොඩ නැගීමට පෙරමං විවර කළ  තවත් එක් රසවත් කේෂේත‍්‍රයක් ලෙස මෙය තවදුරටත් පවතින බව නිගමනය කළ හැකිය.





මගේ අම්මා



              

                           අනාරාධිත දිනෙක මොහොතක
                           නුෙඹී කුසයේ අරක් ගත්තද
                           කිසිත් නොකියා දයා ගුණයෙන්
                           මෙමා පිළිගත් මගේ අම්මා.......

                           සීත උණුසුම රැුයේ දහවල
                           කෑ නොකෑ හැමදේම සිතු නුඹ
                           මවෙත දුක් නම් නොදී ඉන්නට
                           මහත් වෙහෙසුණු මගේ අම්මා.......

                           මිනිස් දුවකට ජීවිතය තුළ
                           විඳිය හැකි දරුණුතම දුක විඳ
                           මෙමා මෙලවට බිහි කරන්නට
                           ඇගේ දිවි දුන් මගේ අම්මා.......

                           මගේ හැඩුමෙන් ප‍්‍රකම්පිත ගත
                           රක්ත රැුධිරය ශ්වේතමය වී
                           නුෙඹී උණුහුම සමඟ මුසු කොට
                           මගේ කුසගිනි නිවූ අම්මා.......

                           ඔවා දී හැම විටම සෙනෙහෙන්
                           ජය ලැබූ කළ කඳුළු සලමින්
                           දිවි මගේ දිගු දුරක් යන්නට
                           විවරණය දුන් මගේ අම්මා.......
       


                     

Sunday, November 16, 2014

ලාංකීය රජුන්ගේ කාම භෝ්ගී ජීවිතය හෙළි කළ කව්සිළුමිණ



සිංහල සාහිත්‍යයයේ ඉතිහාසය
                     භාරතයේ කොතනින් හෝ ලංකාවට පැමිණි ආර්ය භාෂී ජනයා ජනපද පිහිටුවාගෙන පදිංචි වූ දා සිට ක‍්‍රි:ව 3 වන සියවස දක්වා එහි පැවතියේ කුඩා ස්වයංපෝෂිත ගම් වලට සීමා වූ එ්කාකාරි සරල ප‍්‍රාථමික කෘෂි ආර්ථක ක‍්‍රමයකි. ක‍්‍රි:ව 3 දක්වා සාහිත්‍යයේ ගුණාත්මක විපර්යාසයකට අවසාන වශයෙන් තුඩු දිය හැකි ප‍්‍රමාණාත්මක වෙනසක් ආර්ථක අධස්ථ ව්‍යුහය තුළ සිදු නොවීය. මෙරට සාහිත්‍යය ඇති වීමට හේතු වූ වැදගත්ම සිදුවීම වන්නේ ලක්දිව බුදු සසුන පිහිටුවීමේ සිදුවීමයි. මෙය සිදු වූයේ දෙවනපෑතිස් රජ සමයේ ක‍්‍රි:පූ 247 වැන්නෙහිය. ලක්දිව වැසියන්ගේ සමාජ සංස්කෘතික ආර්ථ_ක හැඩගැසුමෙහි ලා මෙම සංසිද්ධිය මහත් පිටුබලයක් සැපයීය. මෙරට පවත්නා සෙල්ලිපි ආදී කොටගෙන ඇති ලිපි ලේඛන සියල්ලම පාහේ එයින් පසුව ඇති කරන ලද එ්වාය.  ඉක්බිති වළගම්බා රජ සමයේ එතෙක් මුඛ පරම්පරාවෙන් පැමිණි ත‍්‍රිපිටක ධර්මය ග‍්‍රන්ථා?ඪ කරන්නට යෙදුණි. අලූ විහාරයේ ලියා තැන්පත් කළ ත‍්‍රිපිටක බුද්ධ ධර්මය සිංහල සාහිත්‍යයේ පදනම වූවාට සැක නැත. ඉන්පසු හෙළටුවා, ටීකා, වංශකථා ආදී නොයෙකුත් ග‍්‍රන්ථ බිහි වෙමින් සිංහල සාහිත්‍යයේ, අක්ෂර කලාෙවි, අධ්‍යාපනයේ සහ ආගමික සාහිත්‍යයේ උන්නතිය ඇති විය.
                    මෙසේ දියුණු වූ  ඕනෑම සාහිත්‍යයක  කාව්‍යය වූ කලී වැදගත් සාහිත්‍යය වෙසෙසකි. කාව්‍යය යනු භාෂාව මාධ්‍ය කොටගෙන කෙරෙන මිනිසුන්ගේ භාවමය හා බුද්ධිමය ක‍්‍රියා මාලාවකි. කාව්‍ය ඉතිහාසය යනු එම ක‍්‍රියා මාලාවෙහි ක‍්‍රමික විකාශනයයි. එය තව දුරටත් නිර්වචනය කරන්නේ නම් සාමාජික මිනිසා වඩාත් පරිපූර්ණව, සුපුෂ්පිතව, සුසංවාදීව ජීවත්වීමට දරන අනවරත පරිශ‍්‍රමය භාෂාව මගින් රස දැනවෙන පරිදි සර්ව පාක්ෂිකත්වයෙන් ප‍්‍රතිනිර්මාණය කිරීම කාව්‍යය නම් වන්නේය. එකී වූ කාව්‍යය සාහිත්‍යයේ අග‍්‍රඵලය ලෙස බිහිවූ ගී කාව්‍යය කිහිපයක් ලාංකේය සාහිත්‍යයේ හමු වෙයි.
සිංහල කාව්‍යය සාහිත්‍යයේ අග‍්‍රපලය
                  සිංහල සාහිත්‍ය ග‍්‍රන්ථ අතර අසම සම මහා කාව්‍යය වශයෙන්  බොහෝ විචාරකයින් හඳුන්වනු ලබන්නේ  කව්සිළුමිණය. මෙම ග‍්‍රන්ථය කරවන ලද්දේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව විවිධ මත පැවතුනත් බොහෝ දෙනා පිළිගත් මතය වන්නේ දඹදෙණියේ රාජ්‍ය විචාළ දෙවන පැරකුම්බාවන් (ක‍්‍රි ඃ ව 1236-1271* විසින් මෙම මහැඟි ග‍්‍රන්ථය රචනා කරන්නට යෙදුණු බවයි. දෙවන පැරකුම් රජු විසින් මෙම කෘතිය කරනු ලැබූ බවට දෙස් දෙන්නේ එහි ග‍්‍රන්ථාවසානයේ එන

               සඳ කුල කැත් කොත් -   වහත් දෙරණත් නත් වත්
             මෙත් කිත් පතළ කළ කල් - සවැනි නිරිදු කෙළෙ මේ  (770 ගීය*
යන කවියෙනි. 
කව්සිළුමිණ ලියවුණු පසුබිම
                    මෙම ගී කාව්‍යය ලියවෙන යුගය වන විට ලාංකේය සාහිත්‍යයේ පසුබිම පිළිබඳව මඳක් විමසීම වටී. පෙර තිබූ කාව්‍යය ශාස්ත‍්‍රය නැවත මතක් කොට දිමට මේ වන විට වැදගත් කාව්‍යය උපදේශක ග‍්‍රන්ථයක් සිංහල කවියන් වෙත විය. එනම් සිබස්ලකරය. සියබස්ලකර වූ කලී දණ්ඞීණ්ගේ කාව්‍යාදර්ශයේ අදහස්ද රැුගෙන ලියූ  පදානු පදිත පරිවර්ථනයක් නොවන ෙසෙංහලීය කාව්‍යයකරණයට මහෝපකාරී වන ලෙස සකස් කරන ලද විචාර පූර්ව ග‍්‍රන්ථයකි. එහෙත් එම ග‍්‍රන්ථය ලියවීමෙන් අනතුරුව මෙතෙක් සිංහල කවියන්ට තිබූ ස්වාධීනත්වය නැති විය. එයට හේතු වන්නේ සිබස්ලකර කතුවරයා තම කෘතිය තුළට සංස්කෘත කාව්‍යාදර්ශයේ පවා නොදැක්වුණු නීතියක් ඇතුළත් කිරීමය. කාව්‍යයක ගැබ් විය යුතු ලක්ෂණ දක්වන්නට ප‍්‍රථම පද්‍ය රචනයේ පරමාර්ථය කුමක් විය යුතුද යන්න හෙතෙම දක්වයි. එනම්,
                පෙදෙන් බුදු සිරිතැ     - බසින් වත් සිරිත් ඈ
                පද යුතු බසින් නළු ඈ - අනතුරු ලකුණු දක්වම්
                   මෙම නව පරමාර්ථයෙන් දක්වන්නේ පද්‍යයෙන් බුද්ධ චරිතයද ගද්‍යයෙන් වත් සිරිත්ද ගද්‍ය පද්‍ය මිශ‍්‍ර බසින් නාටකාදියද රචනා කළ යුතු බවයි. සියබස්ලකර කතුවරයා මෙවැනි නව නීතියක්  සිංහල කවීන්   වෙත ගෙනාවේ මන්දැයි විමසිය යුතුය. සියබස්ලකර ලියවෙන්නට පෙර යම් කිසි පද්‍යය සාහිත්‍යයක්  පවතින්නට  ඇතයි සාක්ෂි ගණනාවක් හමු වෙයි. මෙම පද්‍ය අතර ජාතක කථා වස්තු විෂය කොටගෙන ලියවුණු පද්‍යයද වූ බව සාහිත්‍යධරයන් විසින් පිළිගැණේ. එබැවින් සියබස්ලකර කතුවරයා මෙම පැවති කාව්‍යය කෘති දෙස බලා තම සිද්ධාන්තය ඉදිරිපත් කළා විය හැකිය. නැතහොත් මෙම යුගය වන විට දේශපාලන  බල අධිකාරිය වෙත සංඝයාගේ මැදිහත්වීමෙහි වර්ධනයක් දැකිය හැකිය. එනම් සංඝ සංවිධානයේ ව්‍යුහාත්මක වෙනස්වීමත් සමඟ දේශපාලන ක‍්‍රියකාරීත්වයේ වැඩි නැඹුරුවක් දැක්වීමේ ප‍්‍රවණතාවයක් ශී‍්‍ර ලාංකේය සංඝ සංවිධානය තුළින්  දැකිය හැකිය. භාරතීය කාව්‍යය සම්ප‍්‍රදායෙහි එන මහා කාව්‍යය ආකෘතිය සිංහල බෞද්ධ සමාජයේ එ් ආකාරයෙන්ම ව්‍යාප්ත කිරීමට අනිවාර්ය විරෝධයක් සංඝ සමාජයෙන් එල්ල වෙයි. මෙම විරෝධය ඉතා සූක්ෂමව පරිහාරය කිරීමට මෙවැනි නීතියක් සියබස්ලකර කතුවරයා තම ග‍්‍රන්ථයට ඇතුළත් කළද පසුව බිහිවන ලාංකීය මහාකාව්‍ය තුළ බෝසත් චරිතය ඈදා ගනිමින් තමන්ට අවශ්‍යය පරිදි කාව්‍යය නිර්මාණය සිදු කරන බව පැහැදිලිව පෙනෙන කරුණකි. කෙසේ වෙතත් කාව්‍යය රචනයට මෙයින් ලැබුණු නව ප‍්‍රාණය නිසා මින් පසුව බුද්ධ චරිතය වර්ණනා කිරීම අරමුණු කරගෙන හෝ සිංහල කාව්‍යය සම්ප‍්‍රදාය වර්ධනය වන බවක් පෙනේ. එයට නිදසුන් ලෙස සිංහල සාහිත්‍යයේ බිහි වු අනෙකුත් ගී කාව්‍යය දෙක වන සසදාවත හා   මුවදෙව්දාවත යන කෘතීන්වල මෙන්ම කව්සිළුමිණේද  වස්තු විෂය සැළකිල්ලට ගත  හැකිය.
කව්සිළුමිණ හුදෙක් ජාතක කථාවක් පද්‍යයට නැගීමද?      
                     මෙසේ වූ සම්ප‍්‍රදාය තුළ සිර වෙමින් නමුදු  එ් තුළ සිට වෙනස් ලෙස කාව්‍යයක් ලිවීමට ගත් උත්සහයක් වන කව්සිළුමිණේ මුඛ්‍ය පරමාර්ථ විමසීමටත් එහි දැක්වෙන ජාතක කථාවක් කවියෙන් කීමට වඩා එහා ගිය වෙනත් අර්ථ සාධනයන්  කවරේද යන්න පිළිබඳව විග‍්‍රහ කිරීමටත්   ඉන් සහෘදයා  ලැබූ ආශ්වාදය කුමක් විය හැකිද, සමාජය එම නිර්මාණය භාරගත්තේ කුමන ආකාරයෙන්ද යන්න පැහැදිලි කිරීමත් මෙයින් අදහස් කරමි.
                     මෙම කාව්‍යය සඳහා ජාතක කථාවක් තෝරා ගන්නා ලද්දේ ගත්කරු රජතුමන් විසින් නොවේය යන මතයක් ද තිබේ. මේ ජාතකය ගෙන කවක් කරන්නැයි රජුගෙන් ඉල්ලා සිටියේ සරසවි නම් සිය බිසවුන් විසිනයි එම මතයෙන් කියවෙයි. එහෙත් කවර හේතුවක් නිසා මෙම කුස ජාතකය තෝරා ගත්තද කවියාගේ අරමුණු සාධනයේදී ලා මෙයට වඩා උසස් කථා පුවතක් සිංහල බෞද්ධ සාහිත්‍යයේ නම් නැත්තේමය.
                     මෙහිදී කව්සිළුමිණෙහි අන්තර්ගතය වටහා ගැනිම වැදගත්ය. මෙය සර්ග පහළොවකින් යුක්තය.  උද්‍යාන වර්ණනා, ජල ක‍්‍රීඩා, මධු පාන, මනෝරථ කී‍්‍රඩා වර්ණනා ආදියෙන්ද විප‍්‍රලම්භය, විවාහය, ධුත ගමන් යුද්ධ සහ උදාර කථානායකයන්ගේ ජයග‍්‍රහණ ආදී නොයෙකුත් වර්ණනා මෙහි ඇතුළත් වෙයි. ඇරඹුම් ගි හයට පසුව ගී විසි පහකින් කුසාවති නුවර වර්ණනා කරයි. එම සර්ගයේම ඉතිරිය කුස රජු වනයි. දෙවන සර්ගයෙන් කුස රජුට විවාහයක් කර ගැනීමට සිත නැමීමට දෙමාපියන් හා ඇමතිවරුන් උත්සහ කරන ආකාරයත්, රජුගේ සිතට ගැළපෙන කුමාරියක් සෙවීමට රන් රුවක් රැුගෙන ගිය ආකාරයත් ඉන්පසුව සර්ගයේ දැක්වෙයි. සිව්වන සර්ගයේ ¥තයන් සගල් පුරේ මදු රජු හමුවීම දක්වා ඇති අතර පස්වන සගේ පබවත ගෙන එ්මට සාගල නුවරට  ඔක්කාක රජු පිටත්ව යාමත් පබවතියගේ විශිෂ්ට රූ වර්ණනාවකුත්  දැක්වෙයි. සවන සගෙන් මදු රජු ඔක්කාක රජු පිළිගෙන ඔහුට සංග‍්‍රහ කළ ආකාරය කියවෙයි. අට වන සර්ගයේ කුස පබවත විවා මඟුලත් නව වන සගෙන් වැසි ගල් වැනුමත් ඉන් පසුව සගෙන සරා වැණුමත් දක්නට ලැබේ. එකොළොස්නව සර්ගයෙන් දිය කෙළි වැණුම දක්වන අතර පබවතගේ වියෝවින් වැළපෙන කුස රජුගේ විස්තර දැක් වීමට දොළොස්වන සග වෙනග් වෙයි. කව් සිළුමිණේ දීර්ඝතම සර්ගය වන්නේ තුදුස්වැන්නයි. සත් රජ කිපුම කුස රජු ඔවුන් පැරද වු සැටිත් පබවත සමඟ නැවත එක් වූ සැටිත් මෙයින් දක්වා ඇත.  පහළොස්වන   සග වෙන්වන්නේ කුස රජු කුසවත් නුවරට නැත එන ගමන පැවසීමටයි.
                    කවිසිළුමිණේ අන්තර්ගතය ප‍්‍රවේශමෙන් විමසා බලන්නෙකුට පෙනී යන කරුණු කිහිපයකි. එනම් මෙම කථාව ලිවීමේ කතුවරයාගේ පරමාර්ථය වූයේ හුදෙක් ජාතක කථාවක් කීමවත් ,ධර්ම ග‍්‍රන්ථයක් ලිවීමවත්, බුදු ගුණ පැදියෙන් රචනා කිරීමවත් නොවන බවයිි. එසේ නම් මෙම ග‍්‍රන්ථය ලියූ කතුවරයාගේ අරමුණ කුමක් වූයේදැයි විමසීම වටි.
                  මෙහි කතුවරයා ලෙස පිළිගන්නා වූ දඹදෙණි පැරකුම්බා රජුගේ ජීවිත කථාව මෙයට මැනවින් බලපාන ලද බව පෙනේ. ඔහු කුඩා කළ සිට රජමාළිගාවෙන් පිටමන්ව ගොවි නිවසක හැදී වැඩුනෙකි. එක් විටම රාජත්වය හිමි වූ ඔහුට රාජකීය ජීවිතය කුතුහලය දනවන ආශ්චර්යමත් දෙයක් විය. රාජත්වයේ සියලූ සැප සම්පත් විඳිමින් කල් ගෙවූ මෙතුමා විසින් කරවන ලද වෙහෙර විහාර වැව් අමුණු සහ දාගැබ් ආදී පෙර රජවරුන් කළ අනිවාර්යය කාර්යභාරයන් ඉටු කරන ලදැයි වංශ කථාවෙහි ද සඳහන් නොවෙයි. මෙතුමා කළ එකම කාර්ය පොත් පත් රචනා කිරිමයි.  ඕනෑම පුද්ගලයෙකු තමන් වින්දනය කරන්නා වූ අසම සම වින්දනයන්  ලියා තැබීමට කැමැත්තේය. පැරකුම් රජුටද තමන් විඳි  රාජකීය සම්පත් සහ අන්තඃපුර ස්ත‍්‍රීන්ගේ විස්තර ග‍්‍රන්ථයකින් ඉදිරිපත් කිරිමට අවශ්‍ය වූවා යැයි සිතිය හැකිය. එහෙත් මෙයට පැවති    කවිසමයාගත සම්ප‍්‍රදාය හරස් විය. පෙරකී පරිදි ‘‘පෙදෙන් බුදු සිරිත’’ යන නීතිය නිසා පැරකුම්බාවන් මෙයට වඩාත් අදාළ කොට ගත හැකි පේ‍්‍රම වෘත්තාන්තයක් ජාතක කථා ගොන්නෙන් සොයා ගත්තේය. මන්ද යත් පවතින සමාජය පිළිගත් සම්ප‍්‍රදායනට විරුද්ධ වීම කවියාගේ කාර්යය සිද්ධියට එතරම් හිතකර නොවන නිසාවෙනි. එම නිසා කවියාද ප‍්‍රකටව පෙනෙන ලෙස මෙම සම්ප‍්‍රදාය ගරු කළ යුතුය, එම නිසා තමන්ද එවැන්නක පිහිටන බැව් උදක්ම දක්වනු පිණිස ජාතක කථාවක් තෝරා ගත්තද  එය තමාට රිසි ලෙස සංස්කරණය කරමින්, අළුත් දෑ එක් කරමින්, සංශෝදනය කරමින් ස්වකීය මුඛ්‍ය පරමාර්ථය සාධනය කර ගනු වස් යොදා ගත් ආකාරය නිසාම මෙය සම්භාව්‍යය  සිංහල කාව්‍යය සම්ප‍්‍රදායේ අග‍්‍රඵලයක් ලෙස එදා සිට අද දක්වාම  ප‍්‍රචලිත වී ඇත.   
                   පැරණි සමාජය බුදු සමයෙන් වෙළුණා වූ මුළුමනින්ම ආගමික වූ ලෞකිකත්වය උතුම් කොට නොසැළකූ එකක් විය. රජවරුන්ද නිරන්තරයෙන් මෙම දහම මත කටයුතු කරන බව දැක්වීමට උත්සහ කළ බව පැරණි වංශ කථා සාහිත්‍යය විමසන්නෙකුට පෙනි යන දෙයකි. එම තත්ත්වය තිබියදී පැරකුම් රජු මෙවන් අරමුණක් දැරීම ඇතැම් විට පුදුම සහගතය. එහෙත් මොහු ජාතක කථාව තම සිතැඟි දැක්වීමට හැඩගස්වා ගත් ආකාරය විමසීමේදී  ලෝකෝත්තර ජීවිතය පිළිබඳ සිතීම පසෙක තබා ලෞකික ජීවිතයේ පරමානන්දය හුවා දැක්වීමට උත්සහ කළ ආකාරය මැනවින් වටහා ගත හැකිය. එනම් ජාතක කථාවකට අත්‍යවශ්‍යය වර්තමාන කථාව, සමෝධානය ආදී වැදගත් කොටස් දක්වා නොමැත. ජාතක කථාවක අත්‍යවශ්‍යම කොටස නම් වර්ථමාන කථාවයි. මෙය අතහැර දැමීමම බොහෝ දුරට එහි ආගමික මුහුණුවර අතහැර දමන්නකි. ‘‘මහා කාව්‍යය ලක්ෂණයක් වූ චතුර් වර්ගඵල පිළිඹිබු වන විස්තර ආදිය මෙහි අන්තර්ගතය. එහෙත් ධර්ම , මෝක්ෂ යන ඵල ද්වය කැපී පෙනෙයි. මෙය වු කලී කුස ජාතකය වැනි පේ‍්‍රම කාව්‍යයකට අත්‍යවශ්‍ය ලක්ෂණයෝ වෙති’’.  පැරකුම් රජු මෙම පේ‍්‍රම කථාව විශිෂ්ට කාව්‍යයමය ගුණයෙන් දැක්වීමට යොදාගත් අනිවාර්යය ආකෘතිය නම් මහා කාව්‍යය ආකෘතියයි.
                  මහා කාව්‍යය වූ කලි හින්දු සභ්‍යත්වයේ ප‍්‍රභවය ලැබ එහිම වර්ධනය වී එයටම ආවේණික ලක්ෂණවලින් සමන්විතව විකාශිත සාහිත්‍යාංග වෙසෙසකි. එය ක්ෂත‍්‍රීයයන්ගේ රාජ සභා ජීවිතයත් හින්දු දෙවිවරුන්ගේ වීර වික‍්‍රමාන්විත ක‍්‍රියාත් වර්ණනා කිරීමට පහළ වූවකි. එය ශෘංගාර හෝ වීර යන රස මුඛ්‍ය කොට ගත් ලෞකික ජීවිතයේ ගැටලූ වස්තු විෂය කර ගත් ලෞකික කාව්‍යය විශේෂකි. බෞද්ධ පසුබිමක් ඇති ජාතක කථා මහා කාව්‍යය රාමුව තුළ බහා ලූ කළ ඒවා සංස්කෘත මහා කාව්‍යයවලට සමාන වූ කලා කෘති බවට පත් නොවෙයි. කාව්‍යය කෘති වශයෙන් අසාර්ථක වූද, සන්දර්භ ශූද්ධියක් නැත්තා වූද, මුවදෙව්දාවත හා සසදාවත යන ගී කාව්‍යය ද්වය සළකා බලන කළ මෙය පෙනී යයි. ඔවුන් තෝරා ගත් කථා වස්තු යුගලය මහා කාව්‍යය තුළ බහා ලීමට කිසිසේත් යොග්‍යය නොවූ අතර කව්සිළුමිණ කතු තෝරා ගත් කථා වස්තුව මහා කාව්‍යය ආකෘතිය තුළට අනුචිත නොවන්නේය. කථා නායකයා රූපශ‍්‍රීයෙන් යුක්ත වූ අයෙකු විය යුතුය යන නීතිය පමණක් ඔහුට එ් සඳහා හරස් වුවද එය නොදැනෙන අයුරින් තම අභිප‍්‍රාය සාර්ථක කොට ගැනිමට කවියා උත්සහ කරයි. කුස රජතුමාගේ විරූපී බව වූ කලී කුස ජාතකයේ ඉතා වැදගත් කරුණය. කතාව විකාශනය වන්නේ එම කරුණ කේන්ද්‍ර කොටගෙනය. නමුත් කවිසිළුමිණි කතුවරයා තමා අනුගත වූ සම්ප‍්‍රදාය හෝ තම සත්‍යය අපේක්ෂාව  කරණකොටගෙන එම කරුණ වසං කිරීමට උත්සහ කොට ඇත් අතර මෙම පුවත ඇසුරින් මහා කාව්‍යය ආකෘතියේ දැක්වෙන ශුංගාර රසය මැනවින් නිර්මාණය කළ  හැකි වේ. එය පෝෂනය වන්නේ කුස රජු හා පබාවති යන ආලම්භන විභාවයන් ඇසුරු කොටගෙනය. එහි විවාහයක්ද විප‍්‍රලම්භයක්ද ඇත්තේය. විරූපී කුස රජු සුරූපී පබවත පැතීමෙන් පැන නැගුණු ගැටලූවද කාලාන්තරයෙන් නිරාකරණය වන්නක් බැවින් කවියාට අත්‍යවශයෙන්ම ඇතුළත් කිරීමට අවශ්‍ය වූ ඍතු වැණුම් ආදියත් මෙය ක්ෂත‍්‍රීයයන්ගේ ගෘහ ජීවිතය පිළිබඳ කථාවක් බැවින් උයන්, දිය කෙළි, මධුපාන, රතෝත්සව ආදියත් එහි ඇතුළත් කළ හැකිය.  මේ ආකාරයෙන් විමසන විට කලිකල් සවැනි නිරිදුන් තම සිංහල මහා කාව්‍යය සඳහා වස්තු විෂය තෝරා ගැනීමේදී උචිත අනුචිත විවේක බුද්ධියකින්ද යුක්ත වූ බව පෙනේ.
                 කව්සිළුමිණ කතුවරයා තම අත්දැකීම් ඉතා සියුම් මිහිරි ශෘංගාර රසයකින් යුක්තව සහෘදයාට පවසන අවස්ථා බොහොමයකි. කාව්‍යය ආරම්භයටම ශෘංගාරයයෙන් අනූන උපමා යොදමින් තම කතාවෙහි ගලා යාම විස්්තර කරන ආකාරයෙන්ම ඔහුගේ මුඛ්‍ය පරමාර්ථය පසක් වෙයි. එනම්
                ළද පිය පියවුරු - බිඳු එව් මෙ දා දක්වා
                පින් පියවුරු මඬලෙව් - පිළි මෙහි විතර පානෙම් (6 කවිය- 1වැනි සර්ගය*
                තරුණ ළදකගේ සිඟිති පියවුරු මෙන් මේ ජාතකය දක්වා පිරුණු පියවුරු මඬල මෙන් මෙහි විහිදීම නැවත දක්වන්නෙමි යනුවෙන් කිවියෝ පාඨකයාට කරුණු සැල කෙරෙති.කවේ මතු කොටස්හි ඉස්මතු වී පවත්නා ශෘංගාර රසයේ පෙර නිමිත්තක් මෙම ගීයෙන්ම ලබා දෙයි. එසේම එකොළොස්වන සගේ එන දිය කෙළි වැණුමත් හයවන සගේ දැක්වෙන මධුපාන උත්සවයත් බොහෝ රසිකයන්ගේ ඇගයුමට මෙන්ම සම්භාවනාවට පාත‍්‍ර වෙයි. නොවැදගත් ඉතා කුඩා සිදුවීමක් පවා උනන්දුවෙන් වර්ණනා කරමින් සහෘදයාටද දිය කෙළියක හා මධුපානෝත්සවයක ඉමිහිරි ආශ්වාදය ලබා දීමට කවියා ඉවසිල්ලෙන් උත්සහ කොට ඇත. එයට උදාහරණ කිහිපයක් දැක්විය හැකිය.
දිය කෙළි වර්ණනයේ එන
                  මුහුලූ මුහුලූ බැඳි - ළ හෝපලූ කුසුමදී
                  තැවරූ කොකුමඟරා - ගත රැුදි සුරත් වසනන් (7 කවිය*

                  යන කවිය විමසිය හැකිය. තුරුණු ලියෝ දහස් ගණනක් දිය කෙළියට ආහ. ඔවුන් තුමු කෙස්වැටි මුදුන් කොට බැඳ , හෝපලූ දලූද මල්ද දී කොකුමඟරා ඇග තවරා රතු වූ රෙදී හැඳ රතට රතේ පැමිණියහ.
                             https://www.youtube.com/watch?v=eprdl6CvwH0
 රජු රත් දුහුල් හැඳි දිය කෙළිනා ලදුන් දැක පුරුදු අයෙක් බව පෙනේ. තවද විල් තෙර සපු ගස්ද විය. එ විසල් ගස්වල සෙවණැල්ල විලට වැටෙයි. ළදුන්ගේ දැඩි වූද මහත් වූද පියවුරු පහරින් විල් දිය සැලෙයි. එයින් ලෙළවුණු සෙවණැල්ල පුර අඟනකට නා බිය දැනවීය. එය කවියා දක්වන්නේ,
                 පහළ පියවුරින්   - සසල සිහිල් විල් බුජු
                 වැළ සපු සල් සේ නා - බිය දැන වී පුරපියන් (11 කවිය*
                 කතුන්ගේ පියවුරු වැනීමෙන් කවියා වෙහෙසට පත් නොවීය. රජු හස්ත යන්ත‍්‍රයෙන් එකියකගේ පියවුරුවලට දිය ඉසිණු ලැබීය. පියවුරු තද බැවින් එහි වැදුණු දිය ආපසු අවට විහිදෙයි. එවිට ඔහුට සිහි වන්නේ තම ඔටුණු පළඳනා මංගල්‍යයෙහි පොල් මල් යෙදු රත‍්‍රන් පුන්කලස්ය.එය දක්වන්නේ
                 පියා වුහුටත් යතුරු හෝතා පියක පියවුරු
                 කනකලසෙව් පුළුපු දුන් නරනිදු බිසෙව් මඟුලේ (14 කවිය-11වන සර්ගය*
                 රජු සැබවින්ම ගෙවු ජීවිතයේ මෙවැනි අත්දැකීම් නොවිඳි බව කාට නම් කිව හැකිද? මෙය ගැඹුරු වූත් සංකීර්ණ වූත් චිත්ත ෙවිගයන් අඩංගු වන කවක් ලෙසින් විග‍්‍රහ කළ හැකිය. පරපීඩක කාම ආශාවෙන් රජු යුක්ත වූ බව කාන්තාවකගේ අති සංවේදී පියයුරු වැනි අවයවයකට ජල ප‍්‍රහාර එල්ල කළ බව කීමෙන් පැහැදිලි වෙයි. එහෙත් කවියා මේ බව වාර්තා කොට ඉන් විඳි මිහිරි ආශ්වාදය  සංයමයෙන් සහෘදයා හා බෙදාගෙන ඇත.
                 තවත් අවස්ථාවක එක් දිගැසියක් නිරිඳුගේ උරහිස නැමති දොඹ අටල්ලට නැංගාය. රජුට උපන් මහත්  සොම්නසින් ඇෙඟ් රෝමෝද්ගමනය විය. එ් හේතුවෙන් උරතලය ඇයගේ පා පහස නොම ලද්දේය.
                දිගැසියක නිරිඳු නැගෙතසදොඹටහල්ලට
                ලොමු දෙහෙන් පිය පහස් නො මැ ලද පිය උර පහස් (18 කවිය – 11වන සර්ගය*
                  යට දැක්වූ වැණුම්වලින් පමණක්ම වුවද ඔහුගේ පරමාර්ථය පසක් වෙයි. එහෙත් මධු පානෝස්වයෙන්ද මේ සඳහා උදාහරණ දක්වාලිය හැකිය. මධුපානෝත්සවයට පරිසරය පවා සූදානම් කරවමින් විශිෂ්ට ලෙස සහෘදයාගේ භාවයන් උද්දිපනය කිරීමට සමත්ය. කෙළි දෙලෙන් ගත කළ කාන්තවන් අතර වූ එක් සිදු වීමක් කවියා දක්වන්නේ මෙසේය
                   ගයම්නි ගී පෙඳ - නඟම්නි නැගෙත් කෙනකන
                   පියවුරු ළඟැ වුවන් වන් - මුහුලූ නුමුහුලූ තෙ පියුම්( 16 ගීය*
                   අඟනෝ කෙළි පිණිස පෙඳ බිම ගසා උඩ නැගෙන විට අල්ලති. එය අල්ලන විට මුහුණ පහතට හරවති. පියවුරු අසලට මුහුණ එන්නේ එවිටයි. මුහුණ පිපුණු හෙවත් නුමුහුලූ පියුමටද දෙපියයුරු මුහුලු හෙවත්  නොපිපුණු දෙපියුමටද සමාන කෙරිණි. පියුම් තුනක් වූයේ එහෙයිනි. කවියාගේ පරිකල්පන ශක්තියද මේවායෙන් දිස්වන්නේ අපූරු ආකාරයටය.
                    එපමණක් නොව පැරකුම් රජුගේ මධු පානය කරන ස්ථානය හා සමකාලීන උත්සවයක පවත්නා ස්වභාවය මෙම කවි තුළින් මැනවින් ධ්වනිත වේ.
                  හෙම් මිණි ‘‘කිළි කළ’’ - තළ සැළ දොණු පැන කුඹු
                  පෙණු ‘‘තුළු’’ තුරු සයුරේ - සිරි ඉසිලී අවන් හල් (17 ගීය-6වන සර්ගය*
                  අවන්හලෙහි නොහොත් බොන ස්ථානයෙහි නානා ප‍්‍රමාණවල නානා හැඩයෙන් නිමවුණු මේ සියළු බඳුන් රනින්ම කරන ලද ඒවාය. මත් පැනින් පිරුණේය. පෙණ දමමින් පැසෙමින් තිබුණේය. එහෙයින් පෙන උතුරණ සයුර සේ විය. මේ ආකාරයෙන් විස්තර කෙරෙන මධු පානෝත්සවයේ ලක්ෂණ අනිවාර්යෙන්ම රාජකීය ජීවිතය තුළ කවියා දුටු දේය. එක් කාන්තාවක්  රජුට මී විතක් පිළිගැන්වූවාය. එ් තුළ ඇයගේ ඡුායාව රජුට පෙනුණේ එහි දැමු උපුල් පෙත්තක් සෙයිනි . එ් ඇස ඇති ඇගේ මුහුුණද එහි පිළිබිඹුව පෙනිණි. එය දුටු රජු මධුපානය පටන් ගන්නටත් පෙරම මත් විය. එ් මත් වූයේ රාගයෙනි. කෙනෙකු මත් කරන්නට එම අවන්හලෙහි වූයේ මත්පැන් පමණක් නොවේ . මුළු වටපිටාවම සකස් වී තිබූයේ දනන් මත් කරන ආකාරයටය.
                    පටනැ මැ නිරිඳු මත් - කෙළෙ පිළිබිඹු නෙතු‘‘පුලො’’ත
                    මිහි විතැ ලැදි පියක දුන් - යෙහෙන් දිස්නා උවනත (23 කවිය-6වන සර්ගය*
                    යනුවෙන් එය දක්වා ඇත. තවත් ඉතාම සුන්දර අවස්ථා විඳින්නට රජුට සිදු වී ඇත. කතක තමාගේ දෙතොල ගාවා ඉඳුල් කිරීමෙන් වඩා රස කොට දෙන කල එය වහා නොපිළිගත් වරද දුරු කරන්නට රජු තෙපළන බස් ඉමිහිරිය. එනම්
                     කියඟ තුඩග තොප - වැකි තැන් තොට නොසිඳිම්
                     වියති ති නිරිඳු කියූ - පිය කලක් මැසි පියූ (36 ගීය- 6වැනි සර්ගය*
                    තොපගේ තොල් ගෑවුණු තැන් කියන්න. රජුගේ  සංග‍්‍රහ මෙතෙක් නොලැබ අමනාපව සිටී කාන්තාව මෙසේ කීමෙන් ඇගේ සිත්හි වූ කනස්සල්ල නැති වූවාය.
                     තවද පබවතිය කුසාවති පුරයට කැඳවාගෙන පැමිණි විට එ් නැරඹීමට ජනයා දිව ගිය ආකාරය හත්වන සර්ගයේ දක්වා ඇත. එහි  එන ඇතැම් කවියක් මෙසේය.
                     ගුලූ වරලෙක ත් - තන හසුන’ත දී දිවූ
                     ඉහිල් වසන්ත්හි කලක් – වැළකූ දන නෙත් කලක් (47 ගීය-7වන සර්ගය *
                     මෙම කවියෙන් ඉතා විචිත‍්‍ර අයුරින් පබවත දැකීමේ අසීමිත රුචියකින් දිවූ කාන්තාවකට සිදු වූ අකරතැබ්බයක් දක්වා ඇත. ඇය කොතරම් ඉක්මන් වූවාද යත් වරල නිසි සේ නොබැඳ තනපට නොලා තද කොට පිළි නොැඳ පබවත එන පෙරමගට දිවුවාය. දුවන විට කොණ්ඩය ලිහී ගියේය. එහෙයින් එක් අතකින් කොණ්ඩය අල්ලා ගත්තාය. එවිටම තනපට ගිලිහිණි.අනෙක් අතද දෙතන වෙත යැවුවාය. මෙසේ දෙඅතම හිර වූ විට ඇගේ වස්ත‍්‍රය ලිහි වැටිණ. මදකට ජනයාගේ ඇස් එදෙසට හැරිණ. මෙවැනි අවස්ථා පවා කවියාගේ නොමසුරු වර්ණනයට පාත‍්‍ර විය.
                      කව්සිළුමිණෙහි එන යුද්ධ වර්ණනයද කවියා අත්දැකීමෙන් යුතුව කරන වැණුම්වලින් එකකි. මෙහිදීද අනෙක් වැණුම්වලින් මෙන්ම කවියාගේ අනුභූතිය ප‍්‍රකට වෙයි. යුද වැණුම කවිසිළුමිණෙහි ඉතා දීර්ඝව කරන ලද්දකි. මන්ද යත් කවියාට එ් පිළිබඳව පැවසීමට බොහෝ අත්දැකිම් තිබුණි. එහෙත් ඇතැම් විචාරකයෙකුට අනුව මෙම යුධ වැණුම කියවන පාඨකයාගේ සිත් තුළ ඇඳී යන්නේ රූකඩ දෙසෙනගකි. ජංගම ගුණයෙන් එය හීන වන්නේ යැයි ඉන් පැවසේ.නමුත් ඇතැම් කවි මෙහිදී කවියා යෙ¥ ආකාරය විශිෂ්ටය. එනම් යුද සෙබළුන් ඊ තළ වැදී සිටිය ආකාරය ඔහු දකින්නේ
                    ගජ කුඹ තල නැගි - සර සහසු’දුළ සෙබළෝ
                    මොණර නළන’ළ - ගිරි කුළු රඟහි පිළ’ඹළ(31 කවිය -13 සර්ගය*
                    යන ආකාරයෙනි. එනම් පිල් විදහා ගත් මොණරුන් සේ පෙනෙන පරිදි සෙබළුන්ගේ සිරුරුවල ඊ තළ වැදි තිබූ ආකාරය ව්‍යංගයෙන් කියවෙයි. තවද දක්ෂ සතුරු භටයෙකු සතුටින් කරකවා දුන්න අදිත්ම තමාගේ හිසම කපතියි දෙසේනායෙහිම භටයන් කෙරෙහි සැක පහළ වූ බව කවියා පවසයි. එ් මෙසේය
                    වට කැර සැවු හයත්- සතොස්නි සේ රිපු බළකු
                    සැක තම හිස්ම කපති යි- දැනවිණි දෙ සෙනඟ බළන්(39 කවිය-13 සර්ගය*
                    මේ ආකාරයට කව්සිළුමිණි කතුවරයා බෝසත් සිරිත වර්ණනය උදෙසා යයි තම කෘතිය පටන් ගතුද එහි නිරන්තරයෙන් ගැබ් වූයේ  රාජකීය සැප සම්පත්වලින් අනූන වූ තම ගෘහ ජීවිතයයි. එයට උදාහරණ මෙම කාව්‍යයෙන් අපමණ සොයා ගත හැකිය. කාන්තාව, සුරාව, සංගීතය රජුගේ ජීවිතයම වූවාදැයි සැක සිතෙන තරමට ඒවා වර්ණනා කිරීමෙහි ලෝලි ගතියක් දක්වා ඇත. මෙම කරුණු විමසා බලන විට පෙනෙන්නේ කවිසිළුමිණි කතුවරයාගේ නියම අභිමථාර්ථය වූයේ පාඨකයා වශී කරන පේ‍්‍රම කථාවක් ගෙන හැර දැක් වීම මිස හුදෙක් බෝධිසත්ව චරිතාපදානයක් කියා පෑම නොවන බවයි. බොධිසත්ව චරිතය කාව්‍යයට නැඟීම නම් වු පොදු පරමාර්ථය සමාජය උදෙසාම පෙරදැරි  කොට තබා ගන්නා ලද්දකැයි හැෙඟ්. එම නිසා කවියාගේ පරමාර්ථය ව්‍යාජ එකකැයි කිව යුතුය. තම ශ්‍රේෂ්ඨ කාව්‍යය සමාජයට පිළිගැන්වීමෙහි අරමුණින් එය මතු කර දැක්වුවද යටි සිතෙහි නම් වුයේ   තම අත්දැකිම් පරිහරණයෙන් නියම පේ‍්‍රම කාව්‍යක් කියා පෑම යයි තර්ක කළ හැකිය. නමුත් සමාජය මෙය පිළිනොගනී යැයි සහේතුක බියක් කතුවරයා තුළ වු නිසා පෙදෙන් බුදු සිරිතැට අනුගත වී ඇත. එවකට මෙම ජාතක කථා තේමා කර ගත් මුවදෙව් දා වත, සස දා වත, කව්සිළුමිණ ආදී ගී කාව්‍යයන් එතරමි උනන්දුවෙන් සමාජය නොපිළිගත් බව මාර්ටින් වික‍්‍රමසිංහ මහතා තර්ක කරයි.  සමාජය කෙසේ වෙතත් සිල්වත් යතිවරයාණන් දැක්වූ පිළිකුළත් විරුද්ධත්වයත් නිසා සිංහල පද්‍ය කාව්‍යයේ විකාශනය කව්සිළුමිණින් නැවතුණු බවත් එතුමා එකහෙළා ප‍්‍රකාශ කරයි. කාව්‍යය නාටක ආදී ගර්හිත විද්‍යා තමා නූගත යුතු,අනුන්ටත් නූගැන්විය යුතු  යන දඹදෙණි කතිකාවත්හි එන අනුශාසනයෙහි පිහිටීම නිසා මෙවැනි විරුද්ධත්වයක් පිළිකුළක් ඇති වූ බවට සිතිය හැකිය. එසේ නමුත් මෙම කාව්‍යය රසවින්දා වූ පිරිසක්ද සමාජයේ නොවූහයි කිව නොහැකිය. රජවරුන්ගේ ආගමික දේශපාලන කාර්යය සාධනයන් හුවා දක්වමින් ලියන ලද ආගමිික සාහිත්‍යයෙන් හෙම්බත්ව සිටී අවධියක කවිසිළුමිණ වැළද ගත් පාඨකයන් පිරිසක් සිටියා  විය හැකිය. ආගමෙන් වසා තිබූ ලාංකේය රජවරුන්ගේ ලිංගික ජීවිතය අවංකව නිරූපණය කරන කැඩපතක් ලෙසත් සංස්කෘත කාම සූත‍්‍රය ආදි ග‍්‍රන්ථ පවා කියවා කවියා ලැබූ දැනුම ඉතාම සංයමයෙන් අශ්ලීල නොවන පරිදි භාෂා ප‍්‍රයෝගයෙන් යුතුව දක්වීම නිසා එය අද දක්වා සාහිත්‍යය කරුවන්ගේ රසවින්දනයට පාත‍්‍රවන ආකාරය හඳුනා ගතහැකිය. එහි පවතින මහා කාව්‍යයමය ගුණ, අලංකාරෝක්ති, උපමා රූපක, අර්ථාලංකාර, හා කවියාගේ ප‍්‍රතිභා පූර්ණ කවිත්වය ආදිය නිසා පද්‍යයක් පද්‍යක් පාසාම රස වෑස්වීම එයට හේතුවයි. මෙම කරුණු සළකා බැලීමෙන් කවිසිළුමිණ යනු ජාතක කථාවෙහි සැකිල්ල පමණක් ගෙන, මහා කාව්‍යයෙන් හැඩ කොට, තම අත්දැකිමෙන් විභූෂිත කොට පාඨකයා රසය නැමති ගඟුලෙහි ගිල්වූ කෘතියක් මිස බුද්ධාලම්භන ප‍්‍රීතිය ඇතිකොට, බෝසත් දිවියේ පූජිත බව වටහා දී ආගමික මාර්ගයක යෑමට පාඨකයාට අනුබල දුන් කෘතියක් නොවන බව නිගමනය කිරීමට කුමට නම් මැලි වෙත්ද?