Wednesday, October 29, 2014

පැරණි ලක්දිව කාන්තාවගේ සේවා නියුක්තිය


                

                   මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමඟම ශ්‍රී ලාංකේය සංස්කෘතිය වඩාත් හරවත්ව ශිෂ්ට සම්පන්නව ගලා යන්නට විය. ඉන් පසු සංඝමිත්තා තෙරණිය වැඩම කිරීමත් සමඟ එය තවත් ඔප් නැංවී පෙනිණි. කාන්තාවන් වූ කලි මෙම සංස්කෘතික ප්‍රවාහයේ වැදගත් ව්‍යුහයකි. භාරතයට සාපේක්ෂව ලක්දිව කාන්තාවට ලැබුණේ වඩාත් උසස් තත්ත්වයකි. බුදු දහමෙහි ආලෝකය එයට ප්‍රධාන හේතුවක් විය. පැරණි ලක් දිව කාන්තාවගේ තත්ත්වය වංශ කථා ඇතුළු සාහිත්‍යය මූලාශ්‍ර ගණනාවකින් පමණක් නොව අභිලේඛන ගත සාධක මගින්ද මැනවින් අවබෝධ කොට ගත හැකිය. නූතනයේ විද්වතුන් අතුරින් පැරණි ලක් දිව කාන්තාව සම්බන්ධයෙන් වඩාත් ශාස්ත්‍රීය පුළුල් විග්‍රහයක් කොට ඇත්තේ ඉන්ද්‍රාණි මුණසිංහ මහත්මිය විසිනි. ඇය විසින් තම පැරණි ලක්දිව කාන්තාව නම් ග්‍රන්ථයෙන් මෙම අදහස් මැනවින් ගෙනහැර දක්වා ඇත.
             ඉතිහාසයේ ආරම්භයේ සිටම ආගමික, ආර්ථික,සාමාජීය සහ ඇතැම් විට දේශපාලන ක්ෂේත්‍රයේත් කටයුතුවලට වැදගත් ස්ථානයක් ලක්දිව කාන්තාවට ලැබී තිබුණු බවක් පෙනී යයි. ලක්දිවට බුදු සසුන ගෙන ඒමත් සමඟම සංඝමිත්තා මහ තෙරණිය යටතේ පැවිදි භාවය ලබාගෙන බුදු සසුනේ උසස්ම මාර්ගඵලාවබෝධය ලබා ගැනීමට තරම් ලාංකේය කාන්තාව සමත් විය. ශත වර්ෂ දොළහක් තිස්සේ මෙම මෙහෙණි සසුන ලංකාවෙහි බැබළුණි. එසේම පැරණි ලක්දිව පැවති ස්වයංපෝෂිත සමාජ ආර්ථික ක්‍රමයේදී කාන්තාව සතු වූ කාර්යභාරය අති මහත් පරාසයක විහිද ගිය එකකි. එබැවින් නිවස කේන්ද්‍ර කොට ගත් කටයුතුවල වැඩි වශයෙන් නිරත වූ ඇය ස්වාමි පුරුෂයාගේ ආර්ථික ක්‍රියාවලියටද දායක විය. කාන්තාවගේ සමාජ තරාතිරම අනුව ඇයට විවිධ කාර්යයන් පැවරුණි. විවාහයෙන් පසුව ආරම්භ කරනු ලබන පවුල් ජීවිතය අනුව පවුලේ ස්ථාවරත්වය රදා පැවතුණි. ඛිරියක වශයෙන් ඇයට නිවසේ හිමි වූයේ විශේෂ තත්ත්වයකි. මෙරට පීතෘමූලික සමාජයක් පැවතියද කාන්තාවට නිවසේ කුලපතිනිය වශයෙන් ඉහළ තත්ත්වයක් ලැබුණි.
            පැරණි කෘෂිකාර්මික සමාජයේ පුරුෂ පක්ෂය හා සමාන කාර්යභාරයක් කාන්තාව සතුව ද පැවති බව නොරහසකි. විශේෂයෙන්ම කෘෂි ආර්ථිකයට ස්ත්‍රී පුරුෂ ශ්‍රම විභජනය අනිවාර්ය සාධකයකි. පැරණි භාරතීය වෛදික සංකල්පවලට අනුව කාන්තාව ආධ්‍යාත්මික හා කායික වශයෙන් දුර්වල තැනැත්තියකි. එබැවින් ඇයට දරුවන් වැදීම, හැදීම, හා ගෘහ කටයුතු පමණක් සෑහේ යැයි පුරුෂ මූලික භ්‍රාහ්මණ සමාජය සිතූහ. නමුත් ලාංකීය සමාජයේ දී සමාජ ආර්ථිකය ක්‍රීයාවලියේදී ඇයගේ සේවය අත්‍යවශය හා අනිවාර්ය එකක් විය. ඇය පවුල සහ දරුවන් වෙනුවෙන් අද මෙන්ම වෙහෙස විය. එහිදී නිවසේ ආර්ථික ශක්තිය ඇයට ඉතා වැදගත් විය. පුරාණ ශ්‍රී ලංකාවෙහි කාන්තා සේවා නියුක්තිය සමාජ ව්‍යුහය පදනම් කොට ගත්තක් විය. පැරණි ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ කෘෂිකාර්මික නිෂ්පාදන සංවිධානයේ වෙනස්වන ගතිකත්වය තුළ කාන්තා ශ්‍රමය අනිවාර්යෙන් භාවිත වූ අන්දම පෙන්වා දීමට කරුණු එමටය. නමුත් මෙමගින් අදහස් කරනුයේ පැරණි ලක්දිව කාන්තාව කෘෂිකර්මාන්තය හා වෙළඳාම හැරුණු විට යෙදෙන්නට ඇතයි සිතිය හැකි වෙනත් වෘත්තීන් මොනවාද යන්න පිළිබඳව විග්‍රහ කිරීමටයි. එම අරමුණ සාධනයෙහි ලා අභිලේඛනගත හා සාහිත්‍යය මූලාශ්‍රගත තොරතුරු දෙනුයේ නොමද දායකත්වයකි
                     ඉහත සඳහන් කළ ආකාරයට කාන්තාව නියුතු වූ විශේෂ වෘත්තීන් කිහිපයක් තොරතුරු අධ්‍යයනයේදී පැහැදිලිව  හඳුනාගත හැකිය. ඒවා අතර
                                                   ·             උපස්ථායිකාවන්
·             පරිවාර සේවිකාවන්
·             කිරි මවුවරුන්
·             ගුරු වෘත්තිය
·             සේවිකා වෘත්තිය
·             වෛශ්‍යා වෘත්තිය
·             මල් මාලා ගොතන්නියන්
                                                           ·             කලාව ආශ්‍රිත වෘත්තීන්
           ආදී  ලෙස සමාජයේ බොහෝ වෘත්තීන්වල කාන්තාව නියලී සිටී බවට සාධක ගොනු කොට ගත හැකිය.
                 උපස්ථායිකා වෘත්තිය එදත් අද මෙන්ම සමාජයේ කාන්තවන් යෙදුනා වූ වෘත්තියකි. එයට සාධක හමු වන්නේ පිදුරුතලාගල ප්‍රදේශයෙන් ලැබුණු බ්‍රහ්මී අභිලේඛනයකිනි. උපස්ථායිකාවක විසින් පූජා කරන්නට යෙදුණු ලෙනක් ගැන එහි සඳහන් වේ. ගිලනුන්ට උපස්ථාන කිරීමේදී භික්ෂුණීන් සහභාගී වූ බව පෙනේ. කුකුරුමහන්දමන ටැම් ලිපියේ මෙහෙණවරක් අසළ පිහිටි වෙදහලක් ගැන සඳහන් වීමෙන් එය පැහැදිලි වෙයි. හතරවන මිහිඳු රජුද මවු වරුන් නොමැති අසරණ දරුවන් උදෙසා මෙහෙණවරක් අසළ රෝහලක් තැනවූ බව පහත සඳහන් සෙල් ලිපි පඨයෙන් පෙනේ.
පුරිමාලා මහපෙළ් කරා සැළින් මෙහෙණි මහපෙළ කරා නිමව ගිලන් පුනක්හු දුට....මා මුළිතැන් වෙදහල් කරා....
විහාරවල හා මෙහෙණවරවල සිටි ගිලනුන්ට උපස්ථාන කිරීම සඳහා පිඩු සිඟා යාමටද භික්ෂු භික්ෂුනීන්ට අසර තිබූ බව සිඛවළදවිණිසෙහි පවා දක්වා තිබේ. මහා පරාක්‍රමබාහු රජ දවස රාමඤ්ඤ දේශයට යුධ ආධාර දීමට ගිය සිංහල සෙබළුන් තුවාල ලැබූ අවස්ථාවෙහි සාත්තු සේවිකාවන් උපස්ථාන කළහ.එසේම බුද්ධදාස හා පළමුවන උපතිස්ස රජවරුන් විසින් ඉදිකරවන ලද ආරෝග්‍යය ශාලා හා මාතෘදාරකාභිවෘද්ධි නිවාසවල සාත්තු සේවිකාවන් ලෙස කාන්තාවන් රැකියා කරන්නට ඇතැයිද උපකල්පනය කළ හැකිය.
                 
                  අතීතයේ සිටම කාන්තාවන් රජ කුමරියන්ගේ සහ බිසෝවරුන්ගේ පරිවාර සේවිකාවන්ව සිටී බව බොහෝ සාහිත්‍යය කෘති තුළ සඳහන්ය. සීගිරි සිතුවම්වලද මෙම පරිවාරිකාවන්ගේ රෑප හඳුනාගත හැකිවා පමණක් නොව සීගිරි කුරුටු ගීවලද පරිවාරිකාවන් ලියූ ගී හමු වෙයි.එනම් සීගිරිය නැරඹීමට පැමිණි තමන් කිත් අග්බෝ ගේ බිරිය වූ තිසා ජෙත් කුමරියගේ පරිවාරිකාව වූ බව ඇය විසින්ම සඳහන් කරයි.
                ජෙට් රජුන්් කෙරෙ වූ (කිතග්) බෝ (හිමි)- අ(ම්බු නිසා) හිමිය මබුයු(මී)
රජුගේ අන්තඃපුර පරිවාරිකාවන් වශයෙන් සේවයේ යෙදී සිටී කාන්තාවන්ට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් යම් කිසි දීමනාවක් ගෙවන්නට ඇතැයිද සිතිය හැකිය. එනම් හතරවන සේන රජ සමයේ අන්තඃපුරයේ විසූ විදුරා නම් කාන්තාව මැණික් ඔබ්බවා කරන ලද මහැඟි පාද ජාලයක් පූජා කළ බවට මහාවංසයේ සඳහන්ය. කාන්තාවන් රාජ්‍ය සේවයේ යෙදීම පිළිබඳ තවත් කථාවක් අටුවා කථා වස්තුවෙහි දැකිය හැකිය. රොඩී කුලයේ පිරිසක් වරක් රජුගේ මිදුල අමදමින් සිටී අතර ඒ අතර සිටී තරුණ රෑමත් කතකට රජුගේ සිත් බැඳී ඇය අන්තඃපුර සේවයේ රදවාගෙන අනෙක් අවටද නිදහස දුන් බව සඳහන් වේ.
                    කිරි මවුවරු වශයෙන් සේවය කළ කාන්තාවෝ පැරණි ලංකා සමාජය තුළ සිටියහ. රජ කුමර කුමරියන්ට මවු කිරි පෙවීම සඳහා කාන්තාවන් මෙම වෘත්තියට බඳවා ගන්නා ලදි. කුමර කුමරියන්ට ආහාර පානාදියෙන් සප්පායම් කිරීම , සුරතල් කිරීම , ඔවුන් රැක බලා ගැනීම කිරි මවුවරුන්ගේ ප්‍රධාන කාර්යභාරය විය. කිරි මවක ලෙස තෝරා  ගැනීමකට ලක් වීම පහසු කාර්යයක් නොවීය. ඒ සඳහා විවිධ අංග ලක්ෂණයන් හා ශරීර වර්ණය කෙරෙහි බවා උනන්දු වී ඇත. ඉතා උස් නොවූ, ඉතා මිටි නොවූ තළඑළළු පැහැ ඇති මධුර කිරි ඇති කාන්තාවන් මේ සඳහා යොදාගෙන ඇත. එසේ කිරි මවුන් තෝරා ගත් ආකාරය ථූපවංශය වැනි සාහිත්‍යය මූලාශ්‍රවල සඳහන්ව ඇත.
                 ඉහත සඳහන් කළ කිරි මවුවරුන් සහ පරිවාර සේවිකාවන් යන සේවාවන් රාජකීය සේවයන් ලෙස පැරණි ලක්දිව කාන්තාව යෙදුණු වෘත්තීන් විය.
                   ගුරු වෘත්තිය වූ කලී එදා සිට අද දක්වාද කාන්තාවන්ට ඉතා යොග්‍යය වෘත්තියක් බව සමජ ආකල්පයයි. භික්ෂුණීන් යෙදුණු තවත් වෘත්තියක් ලෙස ගුරු වෘත්තිය හඳුන්වා දිය හැකිය. අභිධර්ම සප්තක ප්‍රකරණයද භික්ෂුණීන් විසින් උගන්වන ලද බවට සඳහන්ය. ප්‍රථමයෙන්ම භික්ෂුණියක විසින් සද්ධර්මවංශය උගන්වනු ලැබ ඇත්තේ දුටු ගැමුණු රජ සමයේය. අභිධර්මය ඉගැන්වීමට තරම් විශාරදත්වයෙන් හා බහුශ=තභාවයෙන් යුක්ත වූ භික්ෂුණීන් ගුරුවෘත්තියේ යෙදීම පුදුමයක් නොවන්නේය.
                  ලාංකීය සමාජයේ ප්‍රභූන් සහ ඉහළ පෙළැන්තියේ කුල ගෙවල කාන්තාවන් ගෘහ සේවිකාවන් වශයෙන් රැකියාව කර ඇත.මාගම එක් කුල ගෙදරක මෙහෙකාර කම් කළ නකුළ උපාසකගේ දියණියද, ණය දුන් අයගේ නිවෙස්වල මෙහෙකාරකම් කළ තිස්සා නම් ගැහැණියද, ජෝතිය සිටුවරයාගේ වාසල පිසදමා කසළ අස් කළ කෙල්ලද නිදසුන්ය.
                  විහාරාම සේවයේ යෙදිමද එකල කාන්තාවන්ට තහනම් කටයුත්තක් නොවීය. හතරවන මිහිඳු රජුගේ මිහින්තලා සෙල්ලිපියේ දැක්වෙන ලෙසට මිනදිනම් සේවිකාවන් 24 දෙනෙක් විහාරයේ වැඩ කටයුතුවල නියුක්ත වූහ. මොවුන්ගෙන් ප්‍රධාන තැනැත්තිය මිඩි වැජරුමනම් වුවාය. බත් ගේ ලැදියනමින් බත් ගෙය භාර කාන්තාවක්ද ජෙට් මව නම් තැනැත්තියක් හා වටිමිඩිහෙවත් වී කොටන දාසිහුද මේ අතර සිටියහ. zzසලාජෙටුZZ හෙවත් පිසන සලයින්නමින් හැඳින්වුනු සේවිකාවෝ කෑම පිසීමෙහි නිරතව සිට ඇත. මොවුන් ඉසිලු මෙම තනතුරු අනුව පැහැදිලි වන්නේ අනුරාධපුරයේ මහාපාලි දාන ශාලාවෙහි තමාට අයත් වෘත්තීන්වල නියළුනු අතර ඹවුන්ට වැටුප් වශයෙන් රජු සහල් හා කහවණු ගෙවා ඇත.
                  දාසි මෙහෙයද කාන්තාවන් යෙදුනු හෝ යෙදවුනු වෘත්තියක් ලෙස හඳුනා ගැනීමට සාධක කිහිපයක් හමු වේ. කණදාසිකනැමති දාසියක පිළබඳ මියුගුණ වෙහෙර ගුහා ලිපියේ සඳහන් වීමෙන් පෙනෙන්නේ පූර්ව රාජ්‍ය සමයේ පවා දැසි දස්සන් ලෙස කටයුතු කළ ස්ත්‍රී පුරුෂයන් සිටී බවයි. පණ්ඩුකාභය පුරාවෘත්තයේද කුමරු ළදරු කාලයේ දාසියක විසින් දොරම~ලා ගමට යැවුනු බව සඳහන්ය. සාහිත්‍ය කෘතිවල එන තොරතුරු අනුව දුප්පත්ව සිටී හෝ ණය වී සිටීඅය ඇතැම් විට තම අඹු දරුවන් ණය හිමියාට හෝ ධනවත් හිමියාට උකසට තබා ඇත. ඔවුන් ණය ගෙවෙන තුරු දාසියන් වශයෙන් සේවය කළ යුතු විය. මෙය මහනුවර යුගය දක්වා පැවති සිරිතක් නොහොත්  වෘත්තියක් වශයෙන් පැවති බව විවිධ ලේඛකයන්ගේ තොරතුරුවලින්ද පෙනී යයි. පොළොන්නරු සහ දඹදෙණි යුගයන්හි විහාරාරාම සතුව පැවති ගම්බිම් දාස දාසීන් ලවා වගා කරවා ඇත.කල්්‍යාණවති රැජිණ සහ ආයස්මන්ත සෙනෙවියා විසින් පන්නල හා වැලිගම කුල වඩන නම් විහාරයට කෙත්වතු පුජා කරන අවස්ථාවෙහි ඒ සමඟ දැසි දස්සෝ ද පවරා දෙන ලදි.පාදෙණියේ පැන් නගන ගැහැණුන්හා දාමාලේ බැලු මඟ=ල්මිඩියන්ගැන කල්්‍යාණවති රැජිණගේ සෙල් ලිපියකද සඳහන් වේ. මොවුන් දාස වෘත්තියේ යෙදෙන්නියන් විය හැකි බව මෙම සාධක තුළින් උපකල්පනය කළ හැකිය.
                  දැසි දස්සන්ට අමතරව වහල් සේවයද එකළ කාන්තාවන් යෙදුණු වෘත්තියක් විය. ලංකාව තුළ යුරෝපයේ මෙන්  පූර්ණ වැඩවසම් සමාජ ක්‍රමයකට සාධක හමු නොවුනත් වහල් සේවය පැවති බවද පෙනි යයි. වහරලයන වචනය අනුරාධපුර යුගයේ සෙල් ලිපි කිහිපයකම හමු වෙයි. ඉන් ගම්‍ය වන්නේ වහල් සේවය බව පරණවිතාන මහතා පෙන්වා දෙයි. නිදසුනක් ලෙස වෙස්සගිරි සෙල් ලිිපි කිහිපයක වහරල චිදවි” = “වහල් භාවයෙන් මිදුණු යනුවෙන්  සඳහන් වෙයි. බෝ උපුල්වන් කසුඛ්ගිරි වෙහෙරෙහි වහල් සේවයේ නියුක්තව සිටී කාන්තාවක් කහවනු සියයක් ගෙවීමෙන්  නිදහස් කොටගෙන ඇත. එසේම මැදගම් වෙහෙරෙහි ස්තූපයක කොටා  තිබූ හත්වන සියවසට පමණ අයත් යැයි සැළකෙන සෙල්ලිපියක දරියෙන සිදව වෙහෙරලයතම දියණියන් මුදා ගත් නුවෙන් වහල්භාවයෙන් පියෙයකු ගැන සඳහන්ය.  ඛෙන්තොට ගලපාත විහාර පර්වත ලිපියේද එම විහාරයට හා එහි වාසය කරන භික්ෂූන්ට අත් පා මෙහෙවර කරනු පිණිස දෙමළ අධිකාර මින්දලාන  සහ ඔහුගේ මෑණියන් විසින් රත්‍රන් දී මිළට ගත් වහල් සත්‍රී පුරුෂ පිරිසක් පූජා කොට ඇත.මෙම වහල් පිරිස ඔවුනොවුන්ට ඇති ඥාතිත්වය දක්වා නම් වශයෙන් සඳහන් කොට ඇති අතර ඔවුන්ගේ ඥාතීත්වය දක්වා ඇත්තේ අසවල් තැනැත්තාගේ මව. දියණිය වශයෙනි.(කොන්ත බෝගන්තගේ මෑණියන් වූ උබා, සිගිලියාගේ දුව සාතියා, රකගේ සහෝදරයාගේ බිරිය මින්දි, ගෝදාලියාගේ දුව කාලි රක......ආදී ලෙසින්)
              සෑම සමාජයකම බැහැර කිරීමකට ලක්වුවද නමුත් එම සමාජයේම අවශ්‍යතාවයක් මත පැන නගින ලොව පැරණිම වෘත්තිය වන වෛශ්‍යා වෘත්තියේද ලාංකේය කාන්තාවන් නියළි ඇත. රැකියාවක් වශයෙන් පැවතිය බවට නිශ්චිත තොරතුරු හමු නොවුවද සාහිත්‍යය හා අභිලේඛන මූලාශ්‍රවල මේ පිළිබඳ තොරතුරු අඩංගු වේ. සමකාලින භාරතීය සමාජයේ උවද වෛශ්‍යා වෘත්තිය පහත් කොට නොසැලකූ බවක් ඉන්දීය සාහිත්‍යයේ සඳහන්ය. ශ්‍රී ලංකවේද පූර්ව රාජ්‍ය සමයේ සිටම වෛශ්‍යාවන් සිටී බවට තොරතුරු හමු වෙයි.
                           ශොබිකා නග කමින මරුකකන නට චූලහ
 ආදී වශයෙන් සැස්සේරුව බ්‍රාහ්මි ලේඛනයේ චූලනැමති නළුවා තමා හඳුන්වා ඇත්තේ ශොබිකානම් නගර සෝබිනියගේ මුණුපුරා වශයෙනි. මෙසේ දැක්වීමෙන් පෙනී යන්නේ පූර්ව රාජ්‍ය අවධියේදී වෛශයා වෘත්තිය සමාජය හෙළා නුදුටු තවත් එක් වෘත්තියක් බවයි. සීගිරියෙන් ලැබුණු තවත් එක් බ්‍රාහ්මී සෙල් ලිපියක තෙසා නැමති වෛශ්‍යාවක විසින් පූජා කරන ලද ලෙනක් පිළිබඳව සඳහන් වෙයි. තවද කුමාර ධාතුසේන රජුගේ කාලයෙහිදිද රජු නගර සෝබිනියක ඇසුරු කළ බවත් ඔහුගේ මිතුරු ඉන්දියාවෙහි සිට පැමිණි කාලිදාස කිවියාද මෙම නගර ශෝබිනිය වෙත ගොස් සිදු වූ සිදුවීමෙන්ද පෙනී යන්නේ මෙම වෘත්තිය රාජ අනුග්‍රහයෙන් පවා පැවැති බවයි. එම කාලයේම නිකාය සංග්‍රහය සඳහන් කරන නීලපට දර්ශනයේ ආරම්භය පිළිබඳ කරන සඳහනේද  සැදැහැ නැති දුෂ්ඨ මහණෙක් රාත්‍රී භාගයෙහි නිල් වස්ත්‍රයක් පෙරවා වෛශ්‍ය වාසකට ගොස් එහි ලැග......යනුවෙන් දැක්වීමෙන්ද පෙනී යන්නේ එකල මෙම වෘත්තිය පැවති බවයි. අභිසාරිකාවන් පිළිබඳ තොරතුරු සීගිරි ගි වලින්ද පෙනී යයි. එනම් එක් කවියෙකු පවසන පරිදි සීගිරි ලියන් අසරුලියන් ලෙස හැසිරෙන බව හැඟ=ණු විට ඔවුන් දෙස බැලීම පවා පිළිකුල් බවයි.
      බිසරියෙ වැසැරියුන කලූන ගැණින යුන සඳ- බලනට රිසි මෙය නොවෙයි ඛෙයදෙ ගියනට
දඹදෙණි යුගය වන විට ද වෛශ්‍යා වෘත්තිය සමාජයේ පැවති බවට එකල ලියවුණු සාහිත්‍යය ග්‍රන්ථ දෙස් දෙයි. නිකෘෂ්ට වූ වෛශයාකම් කොට ඇවිදිනා වූ සිරිමා වෙසඟනකෙරෙහි ධර්ම සේන හිමියන් අප්‍රසාදය ඵල කරයි. පූජාවලිය කතුවරයාද ඔවුන් පිළිබඳව සැලකුවේ දරුවන් ඇතත් නැත්තා සේ පුරුෂයන් වංචා කරන ස්වභාව ඇත්තාවුන් ලෙසය. අබිසරුලියන් පිළිබඳව තවත් තොරතුරු කව්සිළුමිණහි සහ සංදේශ කාව්‍යය වලද දක්නට ලැබේ.
                          මෙරට කාන්තාවන් යෙදුනා වූ වෘත්තියක් ලෙස මල් මාලා ගොතන්නියන් ලෙස රැකියාව කළ ස්තී්‍රන් ද හඳුනාගත හැකිය.රජ මාළිගාවෙහි හා ප්‍රභූ නිවාසවල අවශ්‍යතාවයන් උදෙසා අවශ්‍ය මල් සැපයීම සහ සැරසිලි කිරීම මොවුන්ගේ කාර්ය වූවා විය හැකිය. කල්‍යාණවති රැජිණගේ කාලයේ (ක්‍රි:ව 1202- 1208) සෙල්ලිපියක ද මඟ=ල් මිඩියන් මාලා කාරීන් ප්‍රසාදයෙන්  රනින් සතුටු කරවූබව සඳහන් වීමෙන් පෙනී යන්නේ මෙයත් කාන්තාවන් යෙදී සිටී වෘත්තියක් වූ බවයි.
                     පැරණි ලක්දිව කාන්තාවන් තුළ කලා හැකියාවන්ද නොමදව පැවති බවට සාධක හමුවෙයි. තමන් තුළ පවතින මෙම හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් එය වෘත්තිය කොට ගැනීම අදද දක්නට ලැඛෙන ප්‍රවණතාවයකි.ගන්ධබ්බියනුවෙන් හැඳින්වූයේ සංගිතය වෘත්තිය කොට ගත් කාන්තාවන්ය. අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා සංගීතයේ කුසලතාවන් දැක්වූ කාන්තාවන් පිළිබඳ ඒ  කාලයට අයත් මූලාශ්‍රවල දක්නට ලැඛෙන්නේය. කාන්තාවන් ගී ගැයීමට පරිනතභාවයක් ලැබුවා පමණක් නොව වෘත්තීය වශයෙන් සංගීතය කෙරෙහි නැඹුරු වූ බවක්ද එම නිදසුන් මගින් පෙනී යයි. සංගීතයේ පමණක් නොව භාණ්ඩ වාදනය කිරීමේදී ද කාන්තාවන් කුසලතා පෙන්වුහ. දකුණු පලාතේ මුල්කිරිගල බිතු සිතුවමක දැක්වෙන පරිදි හොරණෑවක් සහ පන්තේරු වයන ස්ත්‍රී රෑපවලින්ද මෙය පැහැදිලි වෙයි. එපමණක් නොව පූර්ව රාජ්‍ය සමයේ සිටම නැටුමෙහි යෙදුණු කාන්තාවන් පිළිබඳව තොරතුරු හමු වෙයි. ක්‍රි:පූ 3 වන සියවසට අයත් සැස්සේරුව බ්‍රාහ්මී ලේඛනයෙන් එය ගම්‍යය වේ. නට චූලබ ක‍ධිත නට දම(ක‍ධිය) සමුදයයන්නෙන් විශද වන්නේ චූලනැමති නළුවාගේ දියණිය වූ සමුද්ධා නාට්්‍යාංගනාවපිළිබඳවයි. දුටු ගැමුණු රජ සමයේද නාට්‍යාංගනාවන් ලෙස සේවය කළ කාන්තාවන් මහා ථූපයේ ධාතු නිධානෝත්සවයේදී තමන් පැළඳ සිටී ආභරණ ගලවා පූජා කොට ඇත.රජ මාළිගාවෙහි මෙවැනි නාටක ස්ත්‍රීන් දහස් ගණනක්  සිට ඇත. ඇතැම් නාට්‍යාංගනාවෝ නැටුම සඳහා විශේෂ කලාලයක් භාවිතකොට ඇත. ගම්පොළ යුගය වන විට නාට්‍ය කලාව ඉතා උසස් තත්ත්වයක් පැවතති බව සංදේශ කාව්‍යයවලින්ද පැහැදිලි වෙයි. කාන්තාවන්ගේ නැටුම් ගැයුම් පිළිබඳ විස්තර රැසක් විහාරවල සිතුවම් සහ කැටයම්වලින් මැනවින් දිස් වෙයි. මෛලෙස දැක්වෙන නර්තන කණ්ඩායම් රජමාළිගාවල නිළි වෘත්තියේ යෙදින්නියන් වූ බව සිතිය හැකිය. 
                               පැරණි ලක්දිව කාන්තාගේ සේවා නියුක්තිය පිළිබඳව විමසීමේදී කෘෂි කාර්මික සමාජයේ පැවති සමාජීය ශ්‍රම විභජනය තුළ කාන්තා ශ්‍රම ක්‍රියාවලිය වැදගත්  ස්වරූපයක් වූ වග නොරහසකි. එහෙත් පැරණි ලාංකේය සමාජයේ කාන්තාවට වෙනත් විශේෂිත වෘත්තීන්වල යෙදීමට තිබූ ඉඩ කඩ කෙතෙක්ද යන වග මෙමගින් අවබෝධ වේ. නමුත් මෙම අතැම් සාහිත්‍යය මූලාශ්‍ර ඔස්සේ නිශ්චිතවම නිගමන ගොඩ නගා ගැනීමද අපහසු කාර්යයකි. එසේම එක් මූලාශ්‍රයකින්ම පමණක් හමු වන ඇතැම් කරුණු තහවුරු කිරීමට වෙනත් ක්‍රමයක් නොමැති වීමද ගැටළුවකි. නමුත් පැරණි කාන්තාවන් යෙදුණු  ඇතැම් වෘත්තීන් බොහෝ දුරට නූතනයේ කාන්තාවන්ද වැඩි නැඹුරුවක් දක්වන කේෂේත්‍රම කෙරෙහි පැතිරි පැවැත්ම තුළ කාලය වෙනස් වුවද ලාංකිය  සමාජයේ කාන්තාවගේ ශ්‍රම අවශ්‍යයතාවය පවතින්නේ කිනම් අංශවලටද යන වග එදත් අදත් තුළ යම් සාම්‍යයක්  දැකිය හැකිය. උදාහරණයක් ලෙස ගුරු වෘත්තිය, උපස්ථායිකා වෘත්තිය, ගෘහ සේවිකා වෘත්තිය, ආදිය දැක්විය හැකිය. එසේම සමාජය යහපත් ලෙස හෝ අයහපත් ලෙස පිළිගත්තද, කාන්තාව එම සේවාවන්හි යෙදුනේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද වෛශ්‍යා වෘත්තිය, දාසි/වහල් සේවය ආදී වෘත්තීන්ද පැරණි ලක්දිව කාන්තාව යෙදුණු විශේෂිත වෘත්තීන් ලෙස සැලකිය හැකිය. ඕනෑම සමාජ ක්‍රමයක කාන්තා ශ්‍රමය නිෂ්පාදන, අවශ්‍යතා, සේවා, හුවමාරු ක්‍රියාවලියේ විවිධ අවස්ථාවන්ට සම්බන්ධ වීම සාමාන්‍යයෙන් සිදු වන්නක් වුවද කවර කාර්යයක් අරභයා කුමන පරිමාණයකින් කාන්තා සේවා නියුක්තිය පැවතුණේද යන්න පිළිබඳව දැක්වීම එතරම් පහසු නොවන්නේ කාන්තාව සතු කාර්යභාරය නිසා බහුවිධ සේවයක් වන නිසාවෙන් බව නිගමනය කිරීම එදා මෙදාතුර ලාංකේය කාන්තා සේවා නියුක්තියට කෙරෙන සාධාරණයක් මෙන්ම උපහාරයකි.

Sunday, October 12, 2014

අහිමි සද

මල් සුවදක සද රැල්ලක 
හැංගී ළග උන්නූ
අහස් ගගට මහ සයුරට 
වැඩි ආදරෙ පෙන්වූ 
රන් හීනෙක තරැ යායක 
එකම මලක් පතපූ
දුරින් හිටිය තරැව මමයි 
අහිමි සදට හඩපූ.................


Wednesday, October 8, 2014

මතකයේ සිතුව්ලි



පෑල අහස හිසට උඩ්න්
සදු හින‍හෙයි සු‍‍ද‍ෝ සුදින්
අෑත ක‍ොනක තනි තරැවක්
ඉගි කරනව පුරැදු ලෙසින්....................

ඔබ ගැන සිතමින් නිරතුරැ
බලා සිටිමි පෙර විලසින්
අහන්න මගෙ සුදු අයියේ
මන් තාමත් පුරැදු දුකින්.........................

සතු කර ගන්නට බැරි වුන
අන්සතු ඔය සෙනෙහස ගැන
සිත ඉකිලයි මටත් හොරෙන්
ඔබ මට නොලැබෙන බව දැන........................

දිය බිදුවක් නැති කතරට
පොද වැස්සක් වී සැනකින්
අනේ වරක් ඇවිත් යන්න
සුදු අයියේ මන් තනියෙන්......................

රුචි-අරුචි

ඔබගේ මරණින් පසු
ලෝකයට ඔබව අමතක නොවීමට නම්,
එක්කෝ කියවීමට වටිනා දෙයක් ලිවිය යුතුය..
නැතහොත් ලිවීමට යමක් කල යුතුය..
(බෙන්ජිමින් ෆ්‍රෑන්ක්ලීන්)


ආත්මඝාතනයට පෙර...

මාත් ඔහොම හිතලයි මේකට පැන්නේ..
ඒත් තෙතමනයක් මට ඉන් නැත ලැබුනේ..
ආයිත් කවදාද ජීවිතයට යන්නේ..
මාත් මෙයින් ඉක්මන් කර ගොඩ ගන්නේ..
(හෙට ඉරක් පායයි-මහගම සේකර )

Monday, October 6, 2014

Search of what life can be is very much in the front of my mind, I have a wanderlust that keeps me searching for a time, a place, a moment. The pull is beside me, in front of me, behind me and inside me. The trail of balance and harmony walking with beauty. Therefore I am Walking with Beauty-Seeking harmony and balance while connecting my spirit to the Earth...

 

Wednesday, October 1, 2014

හද ගැස්ම

වසන්තයේ මල් පොකුරු නෙලා
ඔබ මා දෝතේහි තබන තුරා
මග බලමින් මා සිටිමි.......
සොදුරු වසන්තය ගෙනෙන තුරා....