Monday, May 15, 2017

උපුටා ගැනිමකි...

නිහඬ නිසසල බූරු ඇඳට
අප්පච්චී මහ බරක් නොවුනාට
රෑ එලිවෙන තුරා හූල්ලන හඬ
ඇහෙන නෑහෙන ගාණට
දරා උන්නීය
කිරිහාමි නම් බැළලිය
පුරු පුරුවෙන්ම උන්ඩිව

මහ රෑ ඇහැරෙන බැළලිය
එහෙ මෙහෙ පනිනා හඬ
මේකත් ඔට්ටු සෙල්ලමක් නොවැ
අප්පච්චීගේ යටි පතුල් හූරන
"මොකෑ බොල නරියෝ"
කනප්පුවේ කුප්පි එලියෙන් දිටිමි
හූනන් සැරිසරන බව
යටි පතුල් වල පිපුරුම් තුල
බැළලිය පන්නන

දොඹ ගහේ එල්ලූ ටකයේ නදට
නිශාචර මා වවුල් රැල කැලඹී
එල්ල කලේ මල්ටි බැරල් රොකට් ලෝන්චර
තැන තැන එබුන ටකරන් වහලට
අප්පච්චීගේ ලෝ පෙෂර් එකනම්
වැඩි වෙන්නැති අඩු තරමේ
අසූවෙන් එකසිය තිහට
හෙට ඉඳන් හිරිකඩට තෙමෙමු
වෙල්කම් වෙල්කම් පීනස

ශ්වේත පැහැ බිත්තිවලත්
සුදු පාට තියෙන්නැති අනූ ගණන්වල
තැන තැන තාම ඇතුවාට නටබුන්ව
අප්පච්චී හවස අලුත් කල පින්තාරුව
එක කිවිසුමට වර්ග අඩියක් රතු වෙන්න
ඒ තැන තැන කෝඳුරු විමාන
බුලත් විඩට නාව
කාසෙට ගැලවෙන පපු කෑලි වල වහන

අප්පච්චී නිහඬ නිසසල වූ දොහට
උලමු මල්ලියේ පිලර් කෝඩ් හතර පහ එකට
මැකෙන්නත් එක්ක මතක
අපි හිරිවැට්ටුව
උඹ නොදන්න එකම දේ අර අතන
කෝඳුරුවෝ වහන එනමුදු යටගිය
උඹ පොඩියි ඒ දවස්වල
අද එතන බුලත් කෙළ තිබ්බාට
පින්තාරුව පටන් ගත්තේ ලේ කඳක
අම්මාගේ බෙල්ලට ගහපු
පොරවෙන් විසි උන
මමත් පොඩියි බන් එතකොට......

"අයියේ අම්මා එතකොට....."

'අන්න අර නොට්ටිගේ පුතා විසඳුව.......'